පවුලක ශක්තිය.

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83

    ජීවත්වීමේ කලාව නිවැරදි වු මතුවන්නේ ලස්සනක්.ඒ කියන්නේ පවුල් ජිවිතයක ලස්සන බැදිමක්.මව,පියා දු දරුවන් තුළ ආදරයේ බැදීම තිබෙන තුරාවට මතුවන සතුටු සිනා හඩ දක්නට ලැබෙන්නේ ජීවත්වීමේ කලාව නිවැරදිව හදුනාගත් නිවසක් තුළිනි.ජීවත්වන විට බොහෝ ගැටලු අප අභියසට පැමිණෙන බව සැබෑවකි.විය යුත්තේ ඒවා නිවැරදි හදුනාගෙන ජීවිතයට මුහුණ දීමයි.ගැටලු අභියස කටයුතු කිරීමේ ක්‍රමය නිවැරදි වන තරමට ජිවිතයට සතුට එක් කරගත හැකිබව රහසක් නොවේ.එහි ප්‍රධාන වගකීම් පවුලට කාන්තාව,බිරිද හෝ මවටම හිමි වන බව අමුතුවෙන් කිව යුතුනොවේ.නිවසේ බිරිද නැතිනම් මව කෙතරම් කාර්යබහුල වුවද ඇය වෙත පැවරී ඇති වගකීම් එකක් හෝ මගහැරීම තම විශාල ගැටලු මතුකිරීමට හේතුවක් වනුඇති.
    ආර්ථික බර මහමෙර තරමට ඉහල යද්දී කාන්තාවකට නිවසට වී සිටීමට හැකි යුගයක් අද අභියස නැත.එසේත් නැතිනම් නූතනයේ බුද්ධිමත් කාන්තාව ඉහල විභාග සමත්කිරීම සමග ඉහල තනතුරු දැරීමේදි රැකියාවක නිරත වනවා ඇත.මව රැකියාවක නිරත වනවා යනු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන කරුණකි.ඇය නිවසින් එළියට යාමේදී නිවස තුළ පසුබිම නිවැරදි නොවිනම් එතැන මතුවන අඩදබර තුළ ලස්සන පවුල් ජිවිතයක් ගොඩ නොනැගෙනු ඇත.මව පියා නිවසේ මතුවන ප්‍රශ්න මත රණ්ඩු දබරකර ගැනීම දරුවන්ගේ මානසික වැඩිකිරීමට මෙන්ම කායික වැඩිකිරීමට බලපෑම් කරනු ඇත.ඇය රැකියාවක් කලද පවුලේ ගෘහණිය බව මතකයේ තබා ගත යුතුය.
     
    • Like
    Reactions: Leitan

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අද සමාජට ගැලපෙන ත්‍රෙඩ් එකක්. මේක ගොඩක් පුලුල් මාතෘකාවක්. මේ සමාජයේ ජීවත්වෙන ගොඩක් දෙනෙක් මේ දේ ‍තේරුම් අරගෙන නෙවෙයි ජීවත් වෙන්නෙ. එලකිරිය දැනුවත් කලාට gayanaps සහෝදරයට ගොඩාක් ස්තූතියි. රෙප් දෙන්න පුලුවන් උනානම් දෙනව උපරිම.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත කතාව මචන්..
    මේ සමාජයේ කාන්තාවටත් ඒ අයගේ නිසි තැන දෙන්න ඕනේ..
    ඒ අයටත් අපි කරන කියන දේවල් කරන්න ඉඩ අවස්ථා දෙන්න ඕනේ.. කෙල්ලෙක් අපේ ජිවිතය ආවාම ඒ කෙල්ලව යටහත් පහත් විදියට අපි කටයුතු නොකර ඒ අයව කුස්සියට විතරක් සීමා කරන්නේ නැතිව..
    ඒ අයගේ අධ්‍යාපනය අනුව හරි හමන් රස්සාවක් කරන්න කැමැත්තක් තියෙනවා නම්. ඒ අයට ගැලපෙන කාලිනයට ගැලපෙන රස්සාවක් කරනවා නම් ප්‍රශ්නයක් නෑ..
    ඒ කෙල්ල ගුරුවරියක් වශයෙන් යන්න කැමැත්තක් තියෙනවා නම්.. අපිට අපේ ගෙදරම වුනත් ඒ අයට අවස්ථාවක් උදා කර දෙන්න පුලුවන්.. අපි ඒ අයට දෙන නිදහස ඕනෑවට වඩා ප්‍රයෝජන ගන්නේ නැතිව දෙදෙනාම විශ්වාසය මත කටයුතු කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
     
    උම්බ හරි මචෝ අපි ගෙදරින් පිටත ගොඩාක් ලොකූ පුද්ගයෝ වෙන්න පුළුවන් ඒත් අපි ගෙදර ආවාම මම, මම වෙන්න ඕනේ ඒ කියන්නේ ස්වාමියා ස්වාමියා ලෙසත් බිරිද බිරිද ලෙසත්

    එහෙම වෙනවනම් කවදාවත් පවුලක් කැඩෙන්නේ නැ මචෝ
    දෙන්නා අතර විශ්වාසයත් හොද පවුලක බැදීමක් තමයි
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    අද සමාජට ගැලපෙන ත්‍රෙඩ් එකක්. මේක ගොඩක් පුලුල් මාතෘකාවක්. මේ සමාජයේ ජීවත්වෙන ගොඩක් දෙනෙක් මේ දේ ‍තේරුම් අරගෙන නෙවෙයි ජීවත් වෙන්නෙ. එලකිරිය දැනුවත් කලාට gayanaps සහෝදරයට ගොඩාක් ස්තූතියි. රෙප් දෙන්න පුලුවන් උනානම් දෙනව උපරිම.

    ස්තූතියි යාළුවා දිරිමත් කළාට :):):):):):):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උම්බ හරි මචෝ අපි ගෙදරින් පිටත ගොඩාක් ලොකූ පුද්ගයෝ වෙන්න පුළුවන් ඒත් අපි ගෙදර ආවාම මම, මම වෙන්න ඕනේ ඒ කියන්නේ ස්වාමියා ස්වාමියා ලෙසත් බිරිද බිරිද ලෙසත්

    එහෙම වෙනවනම් කවදාවත් පවුලක් කැඩෙන්නේ නැ මචෝ
    දෙන්නා අතර විශ්වාසයත් හොද පවුලක බැදීමක් තමයි

    දවසේ අපි කොයි තරම් ප්‍රශ්න මැද ජිවත් වුනත්.. අපි කාර්යාලයේ කොයි තරම් කාර්ය බහුල වුනත්.. ඒවා මත ඉදගෙන ගෙදරට ඇවිත් තමන්ගේ නිදහසට බාධාවක් නොවෙන විදියට ඉන්න එක නෙවෙයි මේකට විකල්පය..
    අපි ඒ හැම දෙයක් ම හැම ප්‍රශ්නයක් ම කාර්යාලයෙන් පිට වෙද්දි.. අපේ මනසින් නැති කරගෙන තමයි ගෙදරට එන්න ඕනේ.. එතකොට තමයි අපිට තම බිරිදට හෝ තම දෙමව්පියන්ට වුනත්..
    අපේ ආදරය කරුණාව දයාව කිසිම අඩුවක් නැතිව දෙන්න පුලුවන් වෙන්නේ..