නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් ස්ථාපිත කරන ලදි. දරිද්‍රතාව නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට නොහැකි වු ශ්‍රී ලංකාවේ දුගි ජන කොටස් සඳහා නීති ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීම, සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශන කාර්යයේ නිරතවීම යනාදිය මෙහි මුලික කාර්යභාරයන් වේ.
නීති අංශය:
- යුක්තියේ පිළිසරණ ලබා ගැනිමට හැකියාවක් නොමැති තැනැත්තන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටිම.
- ඕනෑම කෙනෙකුට නොමිලේ නීති උපදෙස් ලබාදීම.
සෘජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 77 ක් වේ. අධිකරණමය නීති කෘත්‍යයන් සදහා ප්‍රාදේශීය ග්‍රාම නිලධාරිවරයා මඟින් කැඳවු ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු නඩුවලදී ඒ පිළිබඳව සලකා බලනු නොලැබේ.
- නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණවලදී රජයට උපදේශණ කාර්යයේ නිරතවීම.
ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව
අංක 129, අලුත්කඩේ වීදිය,
කොළඹ - 12,
ශ්‍රී ලංකාව.
+94 115 335 329/ +94 115 335 281
+94 112 433 618
http://www.legalaid.gov.lk/
source:
Code:http://www.moj.gov.lk/web/index.php?option=com_content&view=article&id=31&Itemid=179&lang=si
very valuable mchn...
rep+++
ඇහිඳගෙන බොයි 

