පවුල් ලක්ෂ හතක් ණයට කයි...........sanwardana news

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය.

    ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22.3ක ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දුන්නේය.

    දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයවී සිටින 69,7800 ක පවුල්වලට පුද්ගලයන් දෙලක්ෂ පනස් අටදහස් දෙසීයක් ඇතුළත් වන බවද මහාචාර්යවරයා පැවසීය.

    මේ අතර තවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගෙන ඇතැයි පැවසූ වසන්ත අතු කෝරළ මහතා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පවුල් 491000 ක් ණය ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.

    මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53200 ක් ණය ලබාගෙන ඇතැයිද ඔහු කීවේය.

    ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688000 ක් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ වසන්ත අතුකෝරළ මහතා වැඩිම පිරිසක් ණය ගෙන ඇත්තේ උකස් ක්‍රියාවලියෙන් බවද ප්‍රකාශ කළේය.

    උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970000 ක් බවද ඔහු කීය.

    මෙයට අමතරව බැංකුවලින් පවුල් 97000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272250ක්ද මුදල් තැ‍රැව්කරුවන්ගෙන් පවුල් 303500ක්ද ණය ලබාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    @monson ඉජු ඉජු පොන්ස්


    my7cer.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://www.lankadeepa.lk/latest_ne...ig9z6Ym3uLjRCOELlfSPmGN53VYyN4qAe4ESj3xa43NBc

    රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස් දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

    මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි විසි නව ලක්ෂ අසූ පන් දහස් හය සියයක් බවද ඔහු සඳහන් කළේය.

    රජය මේ වසරේ මුල් මාස පහේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් රුපියල් කෝටි දෙලක්ෂ අසූ හය දහස් නව සිය පනස් දෙකක් ලබාගෙන ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි දෙලක්ෂ හැට හතර දහස් අට සිය එකොළහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් කෝටි විසිදෙදහස් එකසිය හතළිස් එකක්ද ලබාගෙන ඇතැයි ප්‍රකාශ කළේය.

    මේ අතර භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගෙන ඇති ණයවල වාර්ෂික වැඩිවීම( 2022 වසර වනවිට) සියයට අසූ එකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැඳුම්කර වලින් ලබාගෙන ඇති ණයවල වර්ධනය සියයට 25 ක් බවත් ඔහු කීවේය.

    දේශීය ණය බර දිනකට රුපියල් කෝටි එකසිය හතකින් පමණ ඉහළ ගොස් ඇතැයිද මහ බැංකු වාර්තාව පෙන්වා දෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

    පසුගිය අවුරුදු පහ තුළ පමණක් රටේ දේශීය ණය ප්‍රමාණය සියයට සියයට 150 කින් වැඩිවී ඇතැයි පවසන මහාචාර්යවරයා මේ අනුව භාණ්ඩාගාර බිල්පත් ණය සියයට 450කින් වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.

    එසේම බැඳුම්කර ණය සියයට 110 කින් වැඩිවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් ණය කල් පිරීම හේතුවෙන් මේ ණය ලබාගෙන ඒ ණය ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දේශීය ණය සම්බන්ධයෙන් දැඩි අස්ථායි තත්වයක් නිර්මාණයවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
     
    • Like
    Reactions: lapaman

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    ඉස්සරහට සෑහෙන්න මිනිස්සු හොරු වෙයි. පිහි දික්කරලා සල්ලි/ මාල උදුරගන්න උන් රොතු පිටින් බෝවෙයි. සල්ලි කොච්චර හම්බ කරත් බය නැතුව මේ ලකේ පංකාවෙ ඒවා පරිභෝජනය කරන්න බැරිවෙයි තව අවුරුදු 5ක් යද්දි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    එහෙම කියන්න බෑ බන්.. පොඩි ළමයි කොච්චර ඈද්ද?
    දුකයි තමයි මචන්. මහ එවුන්ගෙ පව් පොඩි එවුන්ගෙන් යනවා. ලෝක ස්වභාවය ඒකයි. කරන්න දෙයක් නෑ.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    දුකයි තමයි මචන්. මහ එවුන්ගෙ පව් පොඩි එවුන්ගෙන් යනවා. ලෝක ස්වභාවය ඒකයි. කරන්න දෙයක් නෑ.
    එහෙම නෑ බන්. බලපන්කෝ ඔය මහින්දයාගේ ලමයි තුන් දෙනා ශෝක් එකට ඉන්නේ රනිල් අන්කල්ගේ රෑකවරණ යටතේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    එහෙම නෑ බන්. බලපන්කෝ ඔය මහින්දයාගේ ලමයි තුන් දෙනා ශෝක් එකට ඉන්නේ රනිල් අන්කල්ගේ රෑකවරණ යටතේ
    බිත්තරේ 12යි. කිරි පැකට් එක 250යි. ගෑස් 1500යි. ඡන්දෙ දුන්න අම්මල තාත්තල කිව්වෙ කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියලා. උන් පතපු රට උන්ට ලැබිල තියෙනවා.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    බිත්තරේ 12යි. කිරි පැකට් එක 250යි. ගෑස් 1500යි. ඡන්දෙ දුන්න අම්මල තාත්තල කිව්වෙ කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියලා. උන් පතපු රට උන්ට ලැබිල තියෙනවා.
    හරියටම බෑලුවොත් එදා ඉදන්ම වුනේ මොකක් හරි එකකට චන්දේ දෙන එකනේ. හෑමදාම රට වලපල්ලට ගියා මිසක් ඉස්සරහාට ආවේ නෑ. අන්තිමට ගෝඨා ඈවිත් බ්‍රේක් අයින් කරලා අඩ ගලවලා පල්ලමට ෆුල් ස්පීඩ් යන්න ඈරියා අන්තිමට බන්කොලොත් වෙලා තමා නතර වුනේ. ඕකට එදා ඉදන් අද වෙනකම්ම දුන්න චන්ද වගකියන්න ඕනේ. එහෙම බෑලුවාම මුලු ලන්කාවෙම මෙච්චර කල් චන්ද දුන්න හෑම එකාම වගකියන්න ඕනේ

    එච්චරත් වෙලා තාමත් මුන්ට කඩේ යන වේස වහල්ලුන්ගෙ නම් පුකවල් පලලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: Any.key and shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,971
    40,845
    113
    හරියටම බෑලුවොත් එදා ඉදන්ම වුනේ මොකක් හරි එකකට චන්දේ දෙන එකනේ. හෑමදාම රට වලපල්ලට ගියා මිසක් ඉස්සරහාට ආවේ නෑ. අන්තිමට ගෝඨා ඈවිත් බ්‍රේක් අයින් කරලා අඩ ගලවලා පල්ලමට ෆුල් ස්පීඩ් යන්න ඈරියා අන්තිමට බන්කොලොත් වෙලා තමා නතර වුනේ. ඕකට එදා ඉදන් අද වෙනකම්ම දුන්න චන්ද වගකියන්න ඕනේ. එහෙම බෑලුවාම මුලු ලන්කාවෙම මෙච්චර කල් චන්ද දුන්න හෑම එකාම වගකියන්න ඕනේ

    එච්චරත් වෙලා තාමත් මුන්ට කඩේ යන වේස වහල්ලුන්ගෙ නම් පුකවල් පලලා දාන්න ඕනේ
    :no::no:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    මිනිස්සු හිතන්නෙ ඡන්දය දුන්නහම රටට සල්ලි හම්බුවෙනවා කියලා :ROFLMAO:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දුකයි තමයි මචන්. මහ එවුන්ගෙ පව් පොඩි එවුන්ගෙන් යනවා. ලෝක ස්වභාවය ඒකයි. කරන්න දෙයක් නෑ.
    උබ කියන එක තමා බන් ලෝකේ හැටි
    ඒ උනාට දැනුමක් තේරුමක් තියන උන් ඉන්නේ එක වෙනස් කරන්න තමා.මම නම් කියන්නේ
     
    • Like
    Reactions: ruchira55