මේක දැක්කම මතක් උනේ.අපේ අම්මගෙ පවුලෙ 9යි, අප්පච්චිගෙ පව්ලෙ හත්දෙනයි. එච්චර නෑදෑයො ගොඩක් ඉන්න කොට පට්ට.මුලු පවුලෙ ඔක්කොමල අවුරුද්දට එකතු උනාම තියෙන සතුට කියන්න වචන නෑ.තව පරම්පරාවකින් පස්සෙ ඒ සතුට නැති වෙනව.
ඊයේ සවස මගේ හාමිනේගේ අම්මයි තාත්තයි මල්ලියි නංගියි කට්ටියම අපේ ගෙදර ආවා.නයිට් එකේ අපේ ගෙදර..වෙනද 8 වෙද්දී නිදා ගන්න මගේ පොඩි එකී 9.30 ටත් නිදි නැතුව කියෝ කියෝ ඉන්නවා. මොකද ඇහුවම "අද පවුලම ඉන්න නිසා මට හරි සතුටයි කියනවා".සතුටුයි කියන්න තේරෙන්නේ නැහැ, මට හරි "සතුටයි" ලු.එතකොට තමයි මීටත් වඩා පවුලේ උදවිය වැඩි උනානම් කියල හිතෙන්නේ.





