පවුලේ විහිලු

westminster

Member
Dec 4, 2010
145
41
0
ඇමරිකානු සංචාරකයෙක් ලංඩන් නගරයක හෝටලයක ලැඟුම් ගෙන සිටියා.ඔහු එක් දිනක් සිය කාමරයේ සිට හොටෙල් සේවා නිලධාරියාට කතා කර මෙසේ කීවා." මට ද උදේට ගලක් වගේ කර වුන බැදපු බිත්තරයි,අඟුරු වෙන්න ටෝස්ට් කරපු පාන් පෙති කීපයකුයි, මඩ වගේ වෙන්න හදපු තේ එකකුයි උදේ කෑමට එවනවා."
හොටෙල් නිලධාරියා මෙසේ කීවා. " අනේ අපි ඒ වගේ කෑම හදන්නේ නෑ. හදන්නත් බෑ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක හේතුන් මත"
සංචාරකයා ඔහුට මෙහෙම කීවේය." ඇයි ඕයි තමුසෙලා ඊයේ උදේ කෑමට මට එහෙම හදලා එව්වේ?