Sherlock holmes nw version..



[FONT=&quot]මේ දිනවල අධික වැසි සහිත සීතලක් ලන්ඩනය පුරාවටම විහිදී ගොස් ඇති නිසා [/FONT][FONT=&quot]ලන්ඩන් වාසීන්ට එය එතරම් එලියට පහලට බැස ඇවිදීමට තරම් හොඳ කාලයක්[/FONT][FONT=&quot]නොවිණි..ශ්‍රී ලංකා සංචාරයෙන් පසු මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් විශ්‍රාම[/FONT][FONT=&quot]ගැනීමට සිතුවත් ඔහුට එය කිරීමට ලන්ඩන් වල අපරාධ කරුවන් ඉඩ දුන්නේ නැත.[/FONT][FONT=&quot]ඔහුගේ මහන්සිය ගැන සිතා විවේක ගැනීමට මා ඔහුට වෛද්‍යවරයෙකු ලෙස අවවාද කරත් ඔහු ඒවා තඹ සතේකට ගණන් ගත්තේ නැති එක ගැන මට මගේ වෘත්තීය එපා කරවීමට තරම් හේතුවක් විය..[/FONT][FONT=&quot]මේරිගේ මරණයෙන් පසුව ඇයගේ මතකයන් සමඟ මා වෙනම වාසය කරත් ඉඳහිට හෝ හෝම්ස් ව[/FONT][FONT=&quot] මුණ ගැසීමට යෑමට මා අමතක නොකලේ මටද හෝම්ස් සමඟ ආශ්‍රය නිසා රහස් පරීක්ෂක[/FONT][FONT=&quot]කටයුතු සඳහා ඇතිවූ ආසාව නිසාවෙනි..[/FONT][FONT=&quot]එදින මා හෝම්ස්ගේ නිවසට යන විට[/FONT][FONT=&quot]ඔහු හඩ්සන් මෙනෙවිය සමඟ කතා බහක යෙදී සිටියහ.ඔවුන්ගේ කතාවට ඇහුම්කන් නොදීම[/FONT][FONT=&quot]මා තරප්පු පෙල නැග හෝම්ස්ගේ කාමරයට ඇතුල් වුනෙමි.[/FONT][FONT=&quot]ගියවර ශ්‍රී ලංකා[/FONT][FONT=&quot]සංචාරයෙන් පසු හෝම්ස්ට රහස් පරීක්ෂක කටයුතු එපා වූ බවක් පෙනුනත් හෝම්ස්ගේ[/FONT][FONT=&quot]කාමරයේ සැම තැනම තිබුනේ ලංකාවේ පුවත්පත්ය.[/FONT][FONT=&quot]ලඟ තිබු පුටුවක් ඇදගත් මා එහි වාඩි වී මිතුරා එන තුරු එහි තිබු පුවත් පතක් කියවීමට පටන් ගත්තෙමි...[/FONT][FONT=&quot]ටික වෙලාවකට පසු තරප්පු පෙල නැගගෙන ගෙන හෝම්ස් උඩුමහලට එන ශබ්දය ඇසුණි.[/FONT]

"
[FONT=&quot]සුබ සන්ධ්‍යාවක් වොට්සන් ඔබ මේරිගේ මරණය ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න[/FONT][FONT=&quot]උත්සහ කරන්න.අද උදෑසනත් ඔබට ඇය මතක් වුන නිසා ඔබේ හිත හදාගැනීමට මොන මොනා[/FONT][FONT=&quot]හරි ඔබේ වෘත්තීය කටයුතු වලවත් යෙදෙන්න.."[/FONT]

"
[FONT=&quot]දෙයියෝ සාක්කි හෝම්ස් ඔබට දිවැස් තියෙනවද[/FONT]?[FONT=&quot]නැත්නම් ඔබට වෙන අයගේ හිත් වලට එන්න හැකියාවක්වත් තියෙනවද[/FONT]?"[FONT=&quot]යන්තමින් උරහිස සොලවා හෝම්ස් මද සිනහවක් නැගුවේය..[/FONT]
"
[FONT=&quot]එහෙම හැකියාවක් තිබුනා නම් මං මෙලහකට ගොඩක් අපරාධ කාරයන්ව පොලිස් කාරයන් කරලා වොට්සන්..."[/FONT][FONT=&quot]පුටුවක් ඇදගෙන අසුන්ගනිමින් හෝම්ස් පැවසිය..[/FONT]
"
[FONT=&quot]එතකොට කොහොමද ඔබ මට අද උදේ මේරිව මතක් උනා කියලා දන්නේ[/FONT]?"

"
[FONT=&quot]හරි ලේසියි වොට්සන් ඔබේ මුහුණ දෙස බැලුවම පේනවා ඔබ අද උදෑසන රැවුල බෑම කර[/FONT][FONT=&quot]ඇත්තේ කිසිම සැලකිල්ලක් නැතිව බව.තැනින් තැන රැවුල බෑමේදී ඉතුරු වුන[/FONT][FONT=&quot]රැවුල් කෑලි..කොණ්ඩය උනත් ඔබ වෙනදට පීරන විදියට නැතුව අද එක කොටසක් විතරක්[/FONT][FONT=&quot]පීරගෙන එලියට බැහැලා...[/FONT][FONT=&quot]ඔබේ කලිසමේ බෙල්ට් එකේ අන්තිම කොක්කට බෙල්ට් එක රිංගවන්න පුළුවන්කම තියෙද්දිත් ඔබ එය ඇතුල් කර නෑ.[/FONT][FONT=&quot]මෙසේ ඔබ නොසැලකිල්ලෙන් වැඩ කර ඇත්තේ ඔබට යම් දුකක් අද උදේ ඇති උනා නම් පමණයි වොට්සන්.[/FONT][FONT=&quot]ඔබ සමඟ අවුරුදු ගානක් එකට සිටීමෙන් ඔබට මේරිගේ මරණය තරම් වෙන දුක්[/FONT][FONT=&quot]ගැනවිල්ලක් නැති බව මට තේරුම් ගැනීමට එතරම් අමාරු වුනේ නෑ වොට්සන් "[/FONT]

"
[FONT=&quot]ඔව් ඉතින් ඒක නම් ඇත්ත"[/FONT][FONT=&quot]මාගේ ඒ පිළිතුර නිසා ඔහු සතුටු වුන බවක් පෙනුනේ නැත.මන්ද ඔහු ඔහුගේ[/FONT][FONT=&quot]නිරීක්ෂණ හෙළි කරන සැම විටම ඔහුගේ අප පුදුමයට පත් වන නිගමන වල වටිනාකම නැති[/FONT][FONT=&quot]වන නිසා යැයි මට සිතුනි.[/FONT]

"
[FONT=&quot]මේ දවස් ටිකේ ලන්ඩන් වල අපරාධ කාරයන්ගේ ලොකු අඩුවක් තියෙනවා වොට්සන්..[/FONT][FONT=&quot]මොරියාටිගෙන් පස්සේ මට තාමත් කිසිම බුද්ධිමත් මට්ටමේ අපරාධකාරයෙක් සමඟ ගනුදෙනු කරන්න හැකියාවක් ලැබුනේ නෑ..[/FONT][FONT=&quot]ගිය සැරේ ලංකාවේ සංචාරෙන් පස්සේ මට තේරුම් ගිය දෙයක් තමයි වොට්සන් අපරාධ[/FONT][FONT=&quot]කරලා හැංගෙන්න හොඳම තැන ලංකාව කියලා...වෙලාවට ලන්ඩන් වල ඉන්න අපරාධ කාරයෝ[/FONT][FONT=&quot]ලංකාව ගැන දන්නේ නෑ..නැත්නම් ලන්ඩන් වල මිනිහෙක් මරලා ලංකාවට පැන ගත්තා නම්[/FONT][FONT=&quot]මටවත් ආයේ ඌව හොයාගන්නවා බොරු."[/FONT][FONT=&quot]ගියවර ලංකාවෙහි සංචාරයේදී[/FONT][FONT=&quot]ගොක්කොල සිරි නමැති අපරාධකරුවා හඹා යෑමට හෝම්ස් අසමත් උනේ පොලිසිය හෝම්ස්ගේ[/FONT][FONT=&quot]හරහට පැමිණි නිසාවෙනි.අවසානයේ ගොක්කොල සිරි නමැති අපරාධකරුවා ආයුධ[/FONT][FONT=&quot]පෙන්නන්න ගොස් පොලිසිය හමුවේ වෙඩි කා මිය ගියේ හෝම්ස්ට රහස් පරීක්ෂක ජීවිතය[/FONT][FONT=&quot]එපා කරවමිනි...[/FONT]

"
[FONT=&quot]ඒ නිසා මං මේ දවස් වල ලංකාවේ අපරාධ ගැන වැඩියෙන් හොයා බලනවා වොට්සන්.[/FONT][FONT=&quot]කාමරය පුරා ඇති පුවත්පත් දෙස බලමින් හෝම්ස් පැවසිය..[/FONT]

"
[FONT=&quot]බලන්න වොට්සන් අද පුවත්පතක තියෙනවා ලංකාවේ සිදුවූ කලබලයක් ගැන..[/FONT][FONT=&quot]මටත් ඇහෙන්න එක්ක කියවන්න බලන්න"[/FONT][FONT=&quot]යැයි පවසා පුවත්පත මා දෙසට විසි කර හෝම්ස් සුරුට්ටුවක් පත්තු කරගත්තේය...[/FONT][FONT=&quot]ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා විදේශ යුවලකට පහර දෙයි.ඔහුද රෝහලට[/FONT][FONT=&quot]ඇතුලත් වී දැනට ප්‍රතිකාර ගනිමින් සිටි.මහේස්ත්‍රාත් වරයා ඔහුගේ තත්වය[/FONT][FONT=&quot]පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහුව රිමාන්ඩ් භාරයට ගෙන ඇත.කෙසේ වෙතත් ඔහු[/FONT][FONT=&quot]පෞද්ගලික රෝහලෙන් ජාතික රෝහලකට මාරු කර ඇත...බන්ධනාගාර නිලධාරින් යටතේ ඔහු[/FONT][FONT=&quot]මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි..[/FONT]

"
[FONT=&quot]බලන්න වොට්සන් මොරියාටි ජිවතුන් අතර හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට.[/FONT][FONT=&quot]ඔහු අපරාධයක් කරත් ඒක බුද්ධිමත්ව තාක්ෂණිකව වෘත්තීය මට්ටමෙන් කරනවා...[/FONT][FONT=&quot]එත් මේ වගේ ඇම්බැට්ටයෝ ප්‍රසිද්ධියේ බොරුවට රඟපානවා..[/FONT][FONT=&quot]මු කරන්නේ බොරුවක් බව තේරුම් ගන්න ෂර්ලොක් හෝම්ස් කෙනෙක්ම ඕනි නෑ..[/FONT][FONT=&quot]ලංකාවේ ඉන්න පොඩි කොල්ලොත් දන්නවා මු කරන්නේ බොරුවක් කියලා...[/FONT][FONT=&quot]මෙහෙම දුෂිත අපරාධකාරයෝ ඉන්න රටක් වොට්සන් ලංකාව කියන්නේ..[/FONT][FONT=&quot]මහ එකාගේ ඉඳන් පොඩි පැටව් වෙනකම්ම නාස්තිය[/FONT],[FONT=&quot]දුෂණය."[/FONT][FONT=&quot]තරමක් කේන්තියෙන් හෝම්ස් කියාගෙන කියාගෙන ගියේය...[/FONT][FONT=&quot]නිශ්ශබ්ද තාවයකින් පසුව ඔහු යලිත් කතා කිරීමට පටන් ගත්තේය...[/FONT][FONT=&quot]වොට්සන් ඔබට වැඩක් නැත්නම් මේ දවස් ටිකේ යමුද ආයෙත් ලංකාවට...[/FONT][FONT=&quot]මෙහෙම අපරාධ කාරයෝ එක්ක ගණුදෙනු කරන්න මට ලොකු ආසාවක් තියෙනවා...[/FONT][FONT=&quot]අධික සිතල නිසා මේ දිනවල ලෙඩුන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේද හදිසියෙනි...[/FONT][FONT=&quot]මේරිගේ මරණයේ දුක නැතිවීමට යම් සහනයක් ලබාගැනීමට සිතා මා හෝම්ස් සමඟ යෑමට එකඟ වීමි...[/FONT][FONT=&quot]ගුවන මගින් ලංකාවට පැමිණ හොටෙලයක නවාතැන් ගතිමු..දවසක් පමණ වෙහෙස නිවාගැනීමෙන් පසුව අප දකුණු පලාතේ සංචාරයකට යෙදුනහ.[/FONT][FONT=&quot]දවස් දෙකක් දකුණු පලාතේ සංචාරය කිරීමේ බලාපොරොත්තුවෙන් අප දකුණු පලාතේ ඇති[/FONT][FONT=&quot]හෝටලයක නැවතුනෙමු.මෙහි මිනිසුන් ඉතා සංග්‍රහ ශීලි බව අපට තේරුම් යෑමට වැඩි[/FONT][FONT=&quot]කාලයක් ගියේ නැත...[/FONT][FONT=&quot]අපගේ හෝටල කාමරයට මා මිත්‍ර හෝම්ස් මුණගැසීමට කෙනෙක් පැමිණ ඇති බව හොටෙල් සේවකයෙක් දැනුම් දුන්නේය...[/FONT]
"
[FONT=&quot]ඔහුට එන්න කියන්න" හෝම්ස් ඉතා උනන්දුවෙන් පැවසුවේ ඔහුට ලංකාවේ අපරාධයක්[/FONT][FONT=&quot]විසඳීමට යලිත් අවස්ථාවක් ලැබී ඇති නිසාවෙන් බව මම තේරුම් ගතිමි..[/FONT][FONT=&quot]එක පාරට කාමරයට ඔහු පැමිණියේ දොරට තට්ටු කිරිමකින්වත් තොරවය..[/FONT]

"
[FONT=&quot]මිස්ටර් හෝම්ස් මං ඔබ ගැන ගොඩක් දේ අහලා තියෙනවා...මගේ නම ඉරාජ්."[/FONT]

"
[FONT=&quot]හරි ඉලන්දාරියා ඔබේ සිහා බැලුවම මට පේන විදියට ඔබ අතින් පින්තාරු අඳින[/FONT][FONT=&quot]කෙනෙක් වෙන්න ඕනි.ඔබට දකුණු අතින් වගේම වමතිනුත් පින්තාරු කිරීමේ සුවිශේෂී[/FONT][FONT=&quot]හැකියාවක් තියෙනවා....[/FONT][FONT=&quot]වොට්සන් මේ ඉලන්දාරියගේ අත් සහ ඇඟිලි දිහා බලන්න[/FONT][FONT=&quot]හොඳට...ඔහු පින්තාරු කිරීමට පින්සල උඩ පල්ලෙහට කිරීම සඳහා ඇඟිලි නැමීම කර[/FONT][FONT=&quot]ඇති ආකාරය ඔබට දකින්නට පුළුවන් නේද[/FONT]?"[FONT=&quot]හෝම්ස්ගේ නිරීක්ෂණ අනුව මාද ඔහු දෙස බැලු විට මටද ඔහු පින්තාරු කරන චිත්‍ර ශිල්පියෙක් බව පෙනී ගියේය..[/FONT]

"
[FONT=&quot]පිස්සුද මිස්ටර් හෝම්ස් මං රැපර් කෙනෙක්...මේ ඇඟිලි නැමිලා තියෙන්නේ[/FONT][FONT=&quot]පින්තාරු කරන්න ගිහින් නෙමෙයි රැප් කරද්දී ඇඟිලි නමන්න ගිහින්.."[/FONT][FONT=&quot]ජිවිතයේ මෙතෙක් නොදුටු හෝම්ස් අතිශය ලැජ්ජා වූ පෙනුමක් මා ඔහුගේ ඇස් වලින් දුටුවෙමි...[/FONT]
"
[FONT=&quot]මිස්ටර් හෝම්ස් මං ආවේ ඔබතුමාගෙන් උදව්වක් බලාපොරොත්තුවෙන්..[/FONT][FONT=&quot]මේක මගේ යාලුවෙක්ට සිද්ධ උන කරදරයක්.මට මුලින්ම දැනගන්න පුලුවන්ද ඔබතුමාගේ අයකිරීම් පිළිබඳව.."[/FONT][FONT=&quot]මෙතෙක් රහස් පරීක්ෂක ජිවිතයේ කිසිදු සේවාදායකයෙක් හෝම්ස්ට ගෙවීමට මුදල්[/FONT][FONT=&quot]දුන්නා මිසක් ඔහුගෙන් අයකිරීම් ගැන අසා නැත..මෙය හෝම්ස්ගේ හා මාගේ ඇස් වලට[/FONT][FONT=&quot]පුදුමයට කාරණාවක් හේතු වුනි...[/FONT]

"
[FONT=&quot]අයකිරීම් ප්‍රශ්නයක් කරගන්න එපා මහත්මයා.ඔබට කැමති මුදලක් දෙන්න."[/FONT]

"
[FONT=&quot]ඇත්තටම මිස්ටර් හෝම්ස් මේක මට හිතාගන්න බැරි ප්‍රශ්නයක්.මගේ යාලුවෙක් ලඟදි ඔහුගේ පෙම්වතිය සමඟ විවාහ වීමටයි සිටියේ..[/FONT][FONT=&quot]එත් හදිසියේම ඇයව කවුරුන් හෝ මරා දමා තිබුනා අද උදෑසන..[/FONT][FONT=&quot]ඔබට හැකිනම් කරුණාකර හොයාබලන්න පුලුවන්ද අපරාධ කාරයා කවුද කියලා[/FONT]?"[FONT=&quot]අපි දැනටමත් පරක්කු නැති වෙයි කියලා හිතනවා වොට්සන්.පුළුවන් ඉක්මනට එතනට යමු....[/FONT][FONT=&quot]අප ගේ ඇතුලට යනවිටත් විශාල සෙනගක් එහි දෙපස රැඳී සිටියහ...[/FONT][FONT=&quot]ගේ ඇතුලට අපට යෑමට අවසර ලැබුනේ හෝම්ස්ගේ පාස්පෝර්ට් එක පෙන්වීමෙන් පසුවයි...[/FONT][FONT=&quot]සුරූපී කාන්තාවක් වූ ඇය මියගිය ගොස් තිබුනේ ඉතා භයන්කාර විදියටය...[/FONT][FONT=&quot]මිනීමරුවා විසින් ඇයට මන්න පාරවල් [/FONT]10 [FONT=&quot]ක් [/FONT]12 [FONT=&quot]ක් පමණ ඇන තිබුණි..[/FONT]
"
[FONT=&quot]පැහැදිලිවම මේක පලිගැනීමක් වොට්සන් මෙය අහම්බයෙන් උන මරණයක් නෙවෙයි.හොඳට සැලසුම් කර කල පලිගැනීමක්"[/FONT][FONT=&quot]මිනිය වටපිටාවේ සුක්ෂමව තම අත්කාචය යොදමින් හෝම්ස් නිරීක්ෂණය කරන හැටි මා දුටුවෙමි...[/FONT][FONT=&quot]හොඳයි වොට්සන් අපේ රාජකාරිය මෙතනින් අවසානයි.....[/FONT][FONT=&quot]අප හැකි වහාම අදම ඇති ගුවන්යානයෙන් ලන්ඩන් බලා පිටත් විය යුතුයි...[/FONT][FONT=&quot]මොනවා හෝම්ස් ඔබට පිස්සු හැදීගෙනවත් එනවද[/FONT]?[FONT=&quot]මෙහෙම පරීක්ෂණයක් එක පාරට අත හැරලා ලන්ඩන් යන්න හදන්නේ[/FONT]?[FONT=&quot]වොට්සන් අපි තව දුරටත් ලංකාවේ හිටියොත් අපිට වෙන්නේ හිරේ විලංගුවේ වැටිලා ගොක්කොල සිරිට වෙච්ච දේමයි..[/FONT][FONT=&quot]මගෙන් මගේ රටට ඉටු විය යුතු යුතුකම් තියෙනවා වොට්සන්[/FONT][FONT=&quot]මා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුයි...අපි යමු වොට්සන්...[/FONT][FONT=&quot]ගුවන්යානයට නැග බේකර් විදියේ අප නිවහනට එනතුරු හෝම්ස් කිසිවක් පැවසුවේ නැත.ඔහු නිශ්ශබ්දව බර කල්පනාවක යෙදී සිටියහ...[/FONT][FONT=&quot]විඩා මහන්සියට හෝම්ස් සහ මා නිදාගෙන අවදි වුයේ පසුදින හිමිදිරියේය...[/FONT][FONT=&quot]බලන්න වොට්සන් මං හිතුව හරි.ආයේ නම් අපි කිසිම දේකට ලංකාවට යන්නේ නෑ වොට්සන්..මේවා සහගහන අපරාධ...[/FONT][FONT=&quot]බලන්න මේ පුවත්පතේ තියෙන ප්‍රවෘත්තිය.[/FONT][FONT=&quot]කොළඹ හොටෙල් කාමරයකදී මියගිය තරුණිය සුක්ෂමව කරගත් සියදිවි[/FONT][FONT=&quot]නසාගැනීමක් බව හෙළිවී අත..[/FONT][FONT=&quot]ඇයගේ විවාහය යෙදී තිබු නිසා එයට අකමැත්තෙන් ඇය විසින් මන්නයක් ගෙන තමාගේ[/FONT][FONT=&quot]ජීවිතය නැතිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මාධ්‍ය[/FONT][FONT=&quot]හමුවකදී ඊයේ පැවසුවේය..[/FONT][FONT=&quot]වැඩක් නෑ වොට්සන් පුදුම කාලකණ්නි තමා ලංකාවේ ඉන්නේ..නීතියත් හාමුදුරුවන්ගේ මිනිස් ජිවිතත් හාමුදුරුවන්ගේ....[/FONT]

"
[FONT=&quot]හෝම්ස් ඔබ හිතන්නේ මේක කවුරු කරා කියලද[/FONT]?"[FONT=&quot]හෝම්ස් මහා හඬින් හිනා වන්නට විය...[/FONT]
"
[FONT=&quot]වොට්සන් මං ඔබලා මිනිය පරික්ෂා කරද්දී වටපිටාව බලද්දී ගොඩක් සාක්ෂි දැක්කා...[/FONT][FONT=&quot]මිනීමරුවා අමු මැට්ටෙක්..ඒ තරුණිය නයිට් ක්ලබ් එකකට ගිය බවට මට සාක්ෂි[/FONT][FONT=&quot]හම්බ උනා ලාච්චුවේදී..ඇයව එහිදී මේ මිනීමරුවාගේ ඇස ගැටිලා..ඔහු ඉතා බලවත්[/FONT][FONT=&quot]මිනිහෙක්..[/FONT][FONT=&quot]තරුණියව බලෙන් ඔහු හොටෙල් කාමරටේ ඇදගෙන ඇවිත් තිබුනා...අඩි[/FONT][FONT=&quot]සටහන් ගැඹුරින් වැදී ඇති නිසා ඒක නිගමනේ කරන්න මට එච්චර වෙලා ගියේ නෑ[/FONT][FONT=&quot]වොට්සන්.[/FONT][FONT=&quot]ඊට පස්සේ ඇය ඔහුට බයේ යම් යම් දේවල් කර තිබුන බව මට ඇඳෙන් හොයාගන්න පුළුවන් උනා..[/FONT][FONT=&quot]ඉන්පසුව ඇය මේ තරුණයා ලඟ වැඳ වැටිලා තියෙන බව දණහිස් පාරවල් වලින් පෙනී ගියා...[/FONT][FONT=&quot]මං හිතන විදියට ඇය කසාද බඳින්න ඉන්න බවත් ආයේ කරදර නොකරන ලෙසත් ඇය ඔහුගෙන් ඉල්ලා සිටින්න ඇති....[/FONT][FONT=&quot]ඒ වෙලාවේදී මේ තරුණයට ගොඩක් කේන්ති ගිහින් කියලා මට තේරුණා බිම වැටිලා කුඩු වෙලා තිබුන වීදුරුව දැක්කම..[/FONT][FONT=&quot]ඒ වෙලාවේදී ඔහු ඇයව මරාදමන්න ඇත්තේ..."[/FONT]

"
[FONT=&quot]කවුද එතකොට ඕක කරේ[/FONT]?"

"
[FONT=&quot]කවුද කියලා දැනගත්ත නිසයි අපි ඉක්මනට ආයෙත් ලන්ඩන් ආවේ වොට්සන්..[/FONT]

"
[FONT=&quot]මොකද තරුණිය මැරෙන්න කලින් තරුණයාගේ ෂර්ට් එකෙන් අදිද්දී වැටිලා තිබුනා රෙදි කෑල්ලක් එක්ක නමක්...[/FONT][FONT=&quot]ඒකේ තිබුනේ[/FONT]

"
[FONT=&quot]නිල් බලකාය" කියලා වොට්සන්. "[/FONT]









(බුකියෙන්)


 
Last edited:

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    graphics-lol-593314.GIF
     
    adoo maxxa machn
    rep++



    patta ooii :D rep ++


    hinaaa kaaala maruna ban

    පට්ට


    creative mcn.. tfs



    Hamotama රොම්බ තෑන්ක්ස්:D:D සලකන්න රෙප් පවර් නොමැත:sorry::sorry: