පශ්චාත් යුධ ආර්ථිකය තුළ ඇතිවන්නට යන විරැ&#3482

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    පශ්චාත් යුධ ආර්ථිකය තුළ ඇතිවන්නට යන විරැ&#3482

    යුද්ධය අපට බොහෝ දේ නැති කළ බව හැබෑ ය. එහෙත් එය අපට සමහර දේ ගෙනාවේ ය. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ගම්බද තරුණයන්ට එය ඇති කළ රැකියා මාර්ගය ය. ඒ හමුදා බදවා ගැනීම් හරහා ය. ඉදිරියේදී එය එසේ සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකි ය.

    වෙනත් රැකියාවලට සුදුසුකම් නොලද බොහෝ තරුණ-තරුණියන්ට මෙය කෙම්බිමක් වූවා යයි කීම අයුක්ති සහගත නැත.

    උතුරේ යුද්ධය දකුණේ යුද්ධය පමා කිරීමට හේතු භූත වූයේ ඒ අයුරිනි. දැන් ඒ පමා කරන්නා නැත. සරසවිවල කැකෑරෙමින් එලි දකින්නේ මේ ගමට දැනෙන පීඩනය ද?

    සමහරු අපව දකින්නේ හැම දෙයකම නපුරක් දකින අනතුරක් දකින අය ලෙස ය. එහෙත් ඇත්ත නපුරු නම් ඇත්ත අනතුරු දායක නම් ඒ ඇත්තට පිටුපා ජීවත්වීමෙන් එයින් මිදිය හැකි ද?

    අපට නම් හිතෙන්නේ ඇත්ත කටුක නම් ඊට මුහුණ දීම පමා නොකළ යුතු බව ය.

    එහෙත් අපට මේ ගැන හිතන්නට පුලුවන් වුනාට කරන්නට ඇති දේ අඩු ය. ආණ්ඩුවක් අප පත් කරගන්නේ අපට කළ නොහැකි දේ එය ලවා කරගැනීමට ය. ඒ නිසා ආණ්ඩුව අසන්නට ලෑස්ති ද නැත් ද යන ප්‍රශ්නය පැත්තකින් තබා ආණ්ඩුවට කියන්නට අපට සිදුව තිබේ.

    මේ ප්‍රශ්නයට පිළිතුරු පතා චීන කම්කරුවන් ලවා කරවන ව්‍යපෘති වෙනුවට අපේ කම්කරුවන් හා ශ්‍රමිකයින් විසින් කරවන ව්‍යපෘති ලබා ගැනීමට ආණ්ඩුව උනන්දු විය යුතු ය.

    ඒ නිසාම ජැක් ගසන ලද කොටස් වෙළද පොලට පැමිණෙන තාවකාලික ආයෝජන නොව ඍජු විදෙස් ආයෝජන ඇද ගැනීමට ආණ්ඩුව උනන්දු විය යුතු ය.

    ව්‍යාපාරිකයන්ට දඩ ගැහීමම සිය පැවැත්මට අවශ්‍ය ධනය උපයන මාර්ගය කරගන්නේ නැතිව වියහියදම් අඩුකර උන්ගේ බදු අඩුකරලීමට පියවර ගත යුතු ය.

    මේ අයවැය තුළින් එවන් ආර්ථික පිම්මක් සදහා අවශ්‍ය පරිසරය සෑදීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඊළගට එළඹෙන දකුණේ යුද්ධය ගැනත් එවන් විටක දරුවන් පරිස්සම් කර‍ගන්නේ කෙසේද යන්න ගැන දෙමාපියන් දැම්ම සිට සිතිය යුතු ය. ටෙලි නාට්‍ය බලමින් ආණ්ඩුවේ පාරම්බාන සංවර්ධන හීනයට යටවී හිටියොත් නම් කෝච්චිය ගිහින් තිබෙන්නට පුලුවන.

    මේ පණිවුඩය ඒ නිසා බෝඩ් උස්සාගෙන අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපිය සංවිධානයට බැදෙන්නට වුවමනා නැති දෙමාපියන්ට ය.

    ඉතිරි අයට තියෙන්නේ ටෙලි නාට්‍ය බලා හොදින් අඩන්නේ කෙසේදැයි දැන කියා ගෙන ඉදිමට ය. ඒ හෙට අනිද්දා අඩන්න වුනහම කැත නැතිව අඩන්නට ය.