පශු වෛද්‍ය ගාස්තු ගැටළුවක්

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මේකයි මගේ ගැටළුව, මං සතුන්ට ආදරය, කරුණාව දක්වන කෙනෙක්. අපේ පවුලේ සියලු දෙනාමත් එහෙමයි. මං පාරේ කුසගින්නේ සිටින සතුන්ට කෑම එහෙමත් දෙනවා, ඒත් මං ඒ සතුන් ගැහැනු අය නම් වඳ සැත්කම් කරවනවා, ඊට අමතරව ජලභීතිකා එන්නත් එහෙමත් ලබා දෙනවා, තමන්ගේ නිවසේ ඇති කරනු ලබන ගැහැනු සුනඛයින් හා ගැහැනු පූසියන් සඳහා සැත්කම් ගාස්තු ගෙවා ගැනීමට අපහසු උදවියත් මගේ උපකාර ඉල්ලා සිටිනවා. මේ අමාරු කාලයේ මං ඒ අයටත් පුළුවන් උපරිමයෙන් සහාය වෙනවා. මං බොහෝ විටම වඳ සැත්කම් සඳහා සතුන් රැගෙන යන්නේ ළඟම පිහිටි රජයේ පශු වෛද්‍ය කාර්යාලයට. මේ පශුවෛද්‍යවරයා ගැහැනු සුනඛයෙකු වඳ සැත්කම කරන්න මගෙන් රු 3000 අය කරනවා. දැන් මාස කීපයක් තිස්සේම මගෙන් මේ ගාන අය කරනවා. ඒත් මට අද පැහැදිලිවම හෙළිදරව් වුනා අනෙක් සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් ඒ සඳහා ඔහු අය කරන්නේ රු. 2200 ක් කියලා. මෙතෙක් කල් මං ඒ බව දැන සිටියේ නෑ. මට ඇත්තෙන්ම පුදුම කලකිරීමක් ඇති වුනා. මගේ FB පිටුවට සම්බන්ධ වී සිටින යහළුවන් කීප දෙනෙක් මට උපකාර කරනවා මගේ සත්ත්ව සුබසාධන වැඩ වලට. ඒ අයත් සත්ත්ව ලෝලීන්. ඒවා ඒ අයගේ පුද්ගලික මුදල්, මං තනි පුද්ගලයෙක් මිස සංවිධානයක්, ආයතනයක්, NGO එකක් එහෙම නොවේ. ඒ අයගේ උදව්වෙන් මං සතෙක් සඳහා සැත්කම කර වූ විට සතාගේ පින්තූර හා අදාළ බිල්පතේ පින්තූරයක් සමග FB post එකක් දානවා ඒ අයට ස්තුති කරලා. පශු වෛද්‍ය කාර්යාලයට අනෙක් අයෙක් අරන් යන සතාට සැත්කම කරන්න රු 2200 ඒත් මං සතෙක් අරන් ගියොත් ගාන රු. 3000. මේක හරිම හිත් වේදනාවක්. මේ ඩොකාගෙන් හැර මට මේ සැත්කම් කර ගන්න හොඳ කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. මගේ සතුන්ගේ ඉදිරි සැත්කම් මේ ඩොකාගෙන් රු. 2200 ට කර ගන්න අනුගමනය කළ යුතු උපක්‍රමය ගැන පුළුවන් නම් උපදෙස් දෙන්න. ස්තුතියි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    2200 කරගත්ත කෙනෙක් එක්ක යන්න

    මිනිස්සු හිතන පතන විදිය වෙනස් කරන්න ඒකට ඔට්ටු වෙන්න යන්න ඔනෙ නැ. ඊලග පාර යද්දි 2200 ට කරගත්ත එකෙක් සෙට් කරගෙනම යන්න. එතකොට පුලුවන් ඩොකාටත් පාඩමක් උගන්නන්න.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ලෝකේ ඉන්නෙම හොඳක් කරන්න හදන එකාව ඉහගෙන කන වේසිගෙ පුත්තු.. හරිනම් සත්තු ගොඩක් අරන් එන එකාගෙන් අඩුවෙන් අය කරන්න එපැයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඔයා යන්නේ නැතුව වෙන කෙනෙක්ව යවන්න.
    ඔයා එළියේ ඉන්න. යවන කෙනා අතට මුදල් දෙන්න, සැත්කම ඉවර වුනාට පස්සේ.
    ගොන් කථා කියන්න එපා මෝඩයො
     
    • Dislike
    Reactions: siri_ayya

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අපිට සල්ලි තියෙනවා වගේ කියලා හිතුනොත් ගාන කපන සින් එකක් තියෙන්නේ. ඔක කොහෙත් එහෙමයි.

    ඔකට කරන්න තියෙන්නේ ඔයා වගේ සත්තුන්ට ආදරේ කරන තව අය ඉන්නවනේ. එ කෙනෙක් මාර්ගෙන් සත්තුන්ව යවන එක. ඔයා යන්න එපා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකයි මගේ ගැටළුව, මං සතුන්ට ආදරය, කරුණාව දක්වන කෙනෙක්. අපේ පවුලේ සියලු දෙනාමත් එහෙමයි. මං පාරේ කුසගින්නේ සිටින සතුන්ට කෑම එහෙමත් දෙනවා, ඒත් මං ඒ සතුන් ගැහැනු අය නම් වඳ සැත්කම් කරවනවා, ඊට අමතරව ජලභීතිකා එන්නත් එහෙමත් ලබා දෙනවා, තමන්ගේ නිවසේ ඇති කරනු ලබන ගැහැනු සුනඛයින් හා ගැහැනු පූසියන් සඳහා සැත්කම් ගාස්තු ගෙවා ගැනීමට අපහසු උදවියත් මගේ උපකාර ඉල්ලා සිටිනවා. මේ අමාරු කාලයේ මං ඒ අයටත් පුළුවන් උපරිමයෙන් සහාය වෙනවා. මං බොහෝ විටම වඳ සැත්කම් සඳහා සතුන් රැගෙන යන්නේ ළඟම පිහිටි රජයේ පශු වෛද්‍ය කාර්යාලයට. මේ පශුවෛද්‍යවරයා ගැහැනු සුනඛයෙකු වඳ සැත්කම කරන්න මගෙන් රු 3000 අය කරනවා. දැන් මාස කීපයක් තිස්සේම මගෙන් මේ ගාන අය කරනවා. ඒත් මට අද පැහැදිලිවම හෙළිදරව් වුනා අනෙක් සුරතල් සතුන් හිමිකරුවන්ගෙන් ඒ සඳහා ඔහු අය කරන්නේ රු. 2200 ක් කියලා. මෙතෙක් කල් මං ඒ බව දැන සිටියේ නෑ. මට ඇත්තෙන්ම පුදුම කලකිරීමක් ඇති වුනා. මගේ FB පිටුවට සම්බන්ධ වී සිටින යහළුවන් කීප දෙනෙක් මට උපකාර කරනවා මගේ සත්ත්ව සුබසාධන වැඩ වලට. ඒ අයත් සත්ත්ව ලෝලීන්. ඒවා ඒ අයගේ පුද්ගලික මුදල්, මං තනි පුද්ගලයෙක් මිස සංවිධානයක්, ආයතනයක්, NGO එකක් එහෙම නොවේ. ඒ අයගේ උදව්වෙන් මං සතෙක් සඳහා සැත්කම කර වූ විට සතාගේ පින්තූර හා අදාළ බිල්පතේ පින්තූරයක් සමග FB post එකක් දානවා ඒ අයට ස්තුති කරලා. පශු වෛද්‍ය කාර්යාලයට අනෙක් අයෙක් අරන් යන සතාට සැත්කම කරන්න රු 2200 ඒත් මං සතෙක් අරන් ගියොත් ගාන රු. 3000. මේක හරිම හිත් වේදනාවක්. මේ ඩොකාගෙන් හැර මට මේ සැත්කම් කර ගන්න හොඳ කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. මගේ සතුන්ගේ ඉදිරි සැත්කම් මේ ඩොකාගෙන් රු. 2200 ට කර ගන්න අනුගමනය කළ යුතු උපක්‍රමය ගැන පුළුවන් නම් උපදෙස් දෙන්න. ස්තුතියි.
    මොකද උනේ මචං මේ seen එකට?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ඔෆිස් එකේදි සල්ලි ගත්තොත් රිසිට් එකක් අනිවා දෙන්න ඕනෙ.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    මොකද උනේ මචං මේ seen එකට?
    තවම විසඳුමක් නෑ. මං කෙලින්ම ඇහුවා (දුරකථනයෙන්), Vet කියනවා අනෙක් අයට අඩු ගානට (රු. 2200/ ) කරන්නේ ආන්ඩුවේ බේත් ටිකක් ඒ සඳහා තියාගෙනලු, මං හරියට NGO එකක් වගේ හිතාගෙනයි Vet ඉන්නේ, මං පුළුවන් තරම් කිව්වා fb යාළුවෝ කීප දෙනෙක්ගේ කාරුණික උදව්වෙන් අහිංසක සතුන් වෙනුවෙන් මේ සත්කාරය කරන්නේ කියලා, මගේ fb පිටුව මගේ නමින් තියෙන්නේ කියලාත් කිව්වා ඒක බලන්න කියලාත් කිව්වා, ඒ කිව්වාට තේරුම් ගන්නේ නෑ, එයා fb බලන්නේ නෑ වගේ, මං ගේන සත්තු අඩු ගානට කරන්න එකඟ වුනේ නෑ.

    ඔෆිස් එකේදි සල්ලි ගත්තොත් රිසිට් එකක් අනිවා දෙන්න ඕනෙ.
    රිසිට් එකක් ඉල්ලුවාම දෙනවා, කොළ කෑල්ලක අතින් ලියාපු එකක්. ප්‍රයිවට් සීල් එක සහිතව.
    ------ Post added on Apr 16, 2023 at 1:34 PM
     
    වෙන හොඳ තැනක් set වුනෙත් නැද්ද බන්.. උබට යන්න වෙන හොද ඩොකෙක් set උනා නම් ඔය ඩොකාට හොද ගේමක් online දෙන්න තිබ්බා.. ඕකා විතරයි නම් ඉන්නේ තරහා කරගන්නත් බෑනේ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    රිසිට් එකක් ඉල්ලුවාම දෙනවා, කොළ කෑල්ලක අතින් ලියාපු එකක්. ප්‍රයිවට් සීල් එක සහිතව.

    රාජකාරී වෙලාව ඇතුලත රජයේ සීල් එක ගහල දෙන්න ඕනෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,855
    9,540
    113
    Arkham City
    තවම විසඳුමක් නෑ. මං කෙලින්ම ඇහුවා (දුරකථනයෙන්), Vet කියනවා අනෙක් අයට අඩු ගානට (රු. 2200/ ) කරන්නේ ආන්ඩුවේ බේත් ටිකක් ඒ සඳහා තියාගෙනලු, මං හරියට NGO එකක් වගේ හිතාගෙනයි Vet ඉන්නේ, මං පුළුවන් තරම් කිව්වා fb යාළුවෝ කීප දෙනෙක්ගේ කාරුණික උදව්වෙන් අහිංසක සතුන් වෙනුවෙන් මේ සත්කාරය කරන්නේ කියලා, මගේ fb පිටුව මගේ නමින් තියෙන්නේ කියලාත් කිව්වා ඒක බලන්න කියලාත් කිව්වා, ඒ කිව්වාට තේරුම් ගන්නේ නෑ, එයා fb බලන්නේ නෑ වගේ, මං ගේන සත්තු අඩු ගානට කරන්න එකඟ වුනේ නෑ.

    රිසිට් එකක් ඉල්ලුවාම දෙනවා, කොළ කෑල්ලක අතින් ලියාපු එකක්. ප්‍රයිවට් සීල් එක සහිතව.
    ------ Post added on Apr 16, 2023 at 1:34 PM
    wena place ekak hoya ganna bn. uu mara dial ekakne.
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    වෙන හොඳ තැනක් set වුනෙත් නැද්ද බන්
    තියෙනවා. ඒත් Vet ඉන්නේ හවස 5 න් පස්සේ, ඒ වෙලාව කරදරයි.