පස්සෙ ගමු
සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.
දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මඳකට රිසීවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.
”සර්... මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් කිස් එකක් දෙන්න ඕනැලු”
”මට මෙතනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සේ ඒක ඔයාගෙන් ගන්න බරියැ.” කළමනාකරු කීවේ තම කාරියේ නිරත වෙමින්මය.

ඇත්තටම හිනාවෙන්න පුලුවන්