පස්සෙ ගමු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පස්සෙ ගමු





    සමාගමේ කළමනාකරු තම කාර්යාලයේ රැඳී සිටියේ එදිනම විදේශයකට යැවිය යුතු වූ වැදගත් ලිපියක් සකසමිනි. ඔහුගේ ලේකම්වරිය ද ඒ අසලම රැඳී සිටිමින් එම ලිපියට අමුණා යැවිය යුතු ලේඛනයක් යතුරු ලියනය කරමින් සිටියාය.
    දුරකථනය හදිසියේ නාද වන්නට වූයෙන් නැගිට ඒ වෙත ගොස්, එයට පිළිතුරු දුන් ලේකම්වරිය මඳකට රිසීවරයෙන් මෑත් වී කළමනාකරු අමතා මෙසේ කීවාය.
    ”සර්... මෙන්න සර්ගෙ පොඩි දුව කියනවා තාත්තිට ෆෝන් එකෙන් කිස් එකක් දෙන්න ඕනැලු”
    ”මට මෙතනින් නැගිටින්න විධියක් නෑනෙ ඩල්සි. ඒක ඔයා ඉල්ල ගන්න. මට පස්සේ ඒක ඔයාගෙන් ගන්න බරියැ.” කළමනාකරු කීවේ තම කාරියේ නිරත වෙමින්මය.


    :lol:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොයි ලෙඩේ ද?

    කොයි ලෙඩේ ද?


    රෝගියා තම වාරය පැමිණි විට වෛද්‍යවරයා සමීපයේ වූ පුටුවේ වාඩි වී මෙසේ කියන්නට විය.
    ”අනේ දොස්තර මහත්තයෝ, මට දැන් ටික දවසක ඉඳලා මහා අරුම පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ. මේ කියන දේ මේ මතක නෑ. මේක මට මහා වධයක්. මගේ වැඩ කටයුතු හැම දෙයක්ම දැන් අවුල් වෙලා. අනේ මහත්තයට බුදු බව අත්වෙයි මොකක් හරි ප්‍රතිකාරයක් කරල මේ ලෙඩෙන් මාව නිදහස් කරලා දෙන්ඩ.”
    ඔහුගේ යාදින්න සාවධානව අසා සිටි වෛද්‍යවරයා රෝගියා ගෙන් මෙසේ ඇසීය.
    ”දැන් කොච්චර කල් වෙනවද ඔය ලෙඩේ හැදිලා?”
    ”කොයි ලෙඩේ ද?” රෝගියා පෙරළා විමසීය.

    :lol:

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මහත්තයගෙ වැඩ

    මහත්තයගෙ වැඩ


    ”කවුද චාන්දනී ඔයගොල්ලන්ගෙ ගෙදර මේ ජනෙල් වීදුරුව කැඩුවේ?” විජේසිංහ නෝනා ඇසුවේ චාන්දනීලාගේ් නිවස ඉදිරිපස ජනේලයක වීදුරුවක් බිඳී ගොස් ඇති බව දැකීමෙනි.
    ”අපේ මහත්තයගෙ වැඩක් චාන්දනී කීවේ නෝක්කාඩුවට මෙනි.
    ”ඒ ඇයි? මොනව කරන්න ගිහිල්ලද?” විජේසිංහ නෝනා යළිත් විමසුවේ පුදුමයෙනි.
    ”මං එයාට කොස්සෙන් දමලා ගහනකොට ඒ මනුස්සයා එක පාරටම පහත් වුණානෙ.” චාන්දනි පිළිතුරු දුන්නේ ගේ ඇතුළට රවා බලමිනි.


    :lol:


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දුව තව හොඳය

    දුව තව හොඳය


    දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී දුමින්දට තම දියණිය ගේ මොන්ටිසෝරි ගුරුතුමිය අහම්බෙන් මුණ ගැසුණේ ය.
    ඔහු මදක් නැවතී ඇය හා කථාබහ කළේය.
    ”කොහොමද ටීචර් අපේ දුව. හොඳට වැඩ කරනවද? දඟ කරන්නෙ හෙම නැද්ද?”
    ”එයා වැඩට දක්‍ෂයි. එච්චරම දඟත් නැහැ. හැබැයි තොරතෝංචියක් නැතුව කියවනවා. ඒ තරම් කථා කරන කවුරුවත් මම මගෙ ජීවිතේටම දැකලා නෑ.” ගුරුවරිය කියන්නට වූවාය.
    එය ඇසූ දුමින්ද සිනාසී මෙසේ කීවේය.
    ”එහෙම නං ටීචර්ට තවම අපේ දුවගෙ අම්මව හම්බුවෙලා නැහැ.”


    :lol:


    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif



     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නෑකම කාගෙද?

    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif



    නෑකම කාගෙද?

    අලුත විවාහ වූ යුවළක් ගම්බද ප්‍රදේශයක් ඔස්සේ ගමනක් යමින් සිටියහ. දෙදෙනා අතර හට ගත් මත ගැටුමක් නිසා එකිනෙකා සමඟ කතා නො කර සැතපුම් ගණනාවක් රිය ධාවනය කරමින් සිටි සැමියා හදිසියේ ම දුටුවේ පාර හරහා මාරුවෙන ඌරු රංචුවකි. ”අර පාර පනින්නේ ඔයාලගේ නෑදෑයෝ කට්ටියක් නේද?” යැයි සැමියා බිරිඳ ගෙන් ඇසීය.
    ”ඔව්... නේ මම කසාද බැන්දේ ඒ පවුලෙන් කෙනෙක් නේ” යි බිරිඳ ගණනකට නො ගෙන කීවාය.


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැටලයිට්


    සිල්වියා - “අනේ ඩෝක්ටර් අපේ මහත්තයා ළඟදි ඉඳන් කියනවා, එයා නොදන්න දෙයක් නෑ. හරියට සැටලයිට් ඇන්ටෙනාවක් වගෙයි කියලා.”
    මනෝ වෛද්‍ය - “ආ මං ඒක සනීප කරලා දෙන්නං.”
    සිල්වියා - “අනේ එපා ඩොක්ටර්.”
    මනෝ වෛද්‍ය - “එහෙනං මොනවද කරන්න කියන්නේ.”
    සිල්වියා - “ඒ සැටලයිට් ඇන්ටෙනාව හින්දි ෆිල්ම්වලට ටියුන් කරලා දෙන්න.”








    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාට වඩා උසයි

    ඔයාට වඩා උසයි


    සැමියා - “වස්තුවේ මං මැරුණොත් ඔයා ආපහු කසාද බඳිනවද?”
    බිරිඳ – “ඔයා දන්නවනේ මං තනියෙන් ඉන්න බය විත්තිය. ඉතිං ආපහු බඳින්නම වෙනවා.”
    සැමියා - “එතකොට මගේ කාරෙක එළවන්නත් අලුත් මහත්තයට දෙනව ද?”
    බිරිඳ – “ඔව් ඉතිං නොදී බැහැනේ.”
    සැමියා - “එතකොට මගේ හාන්සි පුටුව ඒකේ වාඩි වෙන්නත් දෙනවාද?”
    බිරිඳ – “ඔව්! එයා කැමැති නම් වාඩි වෙයි.”
    සැමියා - “මගේ රත්තරං අත් ඔරලෝසුවත් එයාට දෙනවද?”
    බිරිඳ – “ඔව් ඒකත් දෙන්න වෙනවා.”
    සැමියා - “එහෙනං මගේ ඇඳුම්? ඒවත් එයාට අඳින්න දෙනවාද?”
    බිරිඳ – “නෑ... එයා ඔයාට වඩා උසයි.”








    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif
     
    • Like
    Reactions: Santa

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සන් කොටුවට භාර දෙනවා

    පිස්සන් කොටුවට භාර දෙනවා


    සැමියා - “යම් දවසක මම තව ගෑනු කෙනෙක් ආස්සරේ කරනවාය කියලා ඔයා දැන ගත්තොත් මොකද කරන්නේ?”
    බිරිඳ – “මම කොහොම හරි ඒ ගෑනු කෙනාව හොයා ගන්නවා.”
    සැමියා - “ඊට පස්සේ?”
    බිරිඳ – “ඒ ගෑනි පැනලා ආව පිස්සන් කොටුවට ආපහු ගෙනිහිං බාර දෙනවා.”





    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif
     
    • Like
    Reactions: lankasuda

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලක්ෂපතියා හා කෝටිපතියා

    ලක්ෂපතියා හා කෝටිපතියා


    ”ඔයා හැරීව දික්කසාද කළාට මොකද මම එයාව මාස හයෙන් ලක්‍ෂපතියෙක් කළා.
    ”ඔව් මටත් ආරංචියි... ඒත් ඔයා දන්නවාද එයා මගෙන් දික්කසාද වෙන්න කලින් කෝටිපතියෙක්.”




    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බිරිඳ හඳුනාගැනීම

    බිරිඳ හඳුනාගැනීම


    තරුණ පුතා - “තාත්තේ අපි‍්‍රකානු රටවල පිරිමි කසාද බඳිනතුරු දැන ගත්තේ නැහැලු තමන්ගේ බිරිඳ කවුද කියලා.”
    පියා - “අපි‍්‍රකානු රටවල විතරන් නොවෙයි පුතා හැම රටකම සැමියා බිරිඳව හඳුනා ගන්නේ කසාද බැන්ඳට පස්සේ තමයි.”






    10.gif
    10.gif
    + Rep me if You Like This Thread
    10.gif
    10.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අසා සිටීම

    අසා සිටීම


    විවාහ වී පළමු වසරේදී :- සැමියා කතා කරන අතර බිරිය නිසොල්මනේ අසා සිටින්නීය.
    විවාහ වී දෙවැනි වසරේදී :- බිරිය කතා කරන අතර සැමියා අසා සිටින්නේය.
    විවාහ වී තෙවැනි වසරේදී :- සැමියා සහ බිරිය යන දෙදෙනාම කතා කරන අතර අසල් වාසීහු අසා සිටිති.



    10.gif
    10.gif
    + Rep me if You Like This Post
    10.gif
    10.gif


     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවම ගෙවනවා

    තවම ගෙවනවා

    පුතා - තාත්තේ, කසාද බඳින්න කොච්චර විතර යනවද?
    පියා - හරියටම දන්නෙ නෑ. මම නං තවම ගෙවනවා.




    10.gif
    10.gif
    + Rep me if You Like This Post
    10.gif
    10.gif

     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වරදට දඬුවම්

    වරදට දඬුවම්


    නීතිඥ :- ස්වාමීනි, එකවර කාන්තාවන් දෙදෙනකු කසාද බඳින්න රජය ඉඩ නොදෙන්නේ ඇයි?
    විනිශ්චයකාර තුමා :- එකම වරදට දෙවරක් දඬුවම් කරන්න බැරි නිසා.





    10.gif
    10.gif
    + Rep me if You Like This Post
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු දහයේ වෙනස

    අවුරුදු දහයේ වෙනස


    බිරිය :- බලන්න අපි දැන් බැඳලා අවුරුදු 10 යි. ඒත් මං තාම එදා වගේමයි. හැඩයි නේද?
    සැමියා :- වෙන්න ඇති, ඒත් මං පහුගිය අවුරුදු 10 ටම කණ්ණාඩි කුට්ටම මාරු කළේ නෑ නේද?



    10.gif
    10.gif
    + Rep me if You Like This Post
    10.gif
    10.gif
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කවුද අලුත්

    කවුද අලුත්
    සැමියා තම බිරියට මෝටර් රථයේ දොර හැර දෙන්නේ නම්, එක්කෝ මෝටර් රථය අලුත්ය. නැතිනම් බිරිය අලුත්ය.




    -------------------------------------------------------


    පෙම්වතුන් සහ අඹු සැමියන්
    පෙම්වතා යනු චොක්ලට් වගේ ඕනෑම මොහොතක රසවත් දෙයකි.
    පෙම්වතිය යනු පීසා එකක් වගේ උණුසුම් ඒ වගේම ප්‍රණීත දෙයකි.
    බිරිය කෑම ගැනීමෙන් පසු ශීතකරණයේ දැමූ ඉතිරි ආහාරය බඳුය.
    සැමියා ඇල් මැරුණු තේ කෝප්පයක් වැනිය.