පසුගියදා වාර්තා වූ හඳුනා නොගත් යානා
කැලිෆෝනියාවේ Bakersfield නගරයේ රාත්‍රී අහසේ පසුගියදා පෙනුණු හඳුනා නොගත් ආලෝකයක් පිළිබඳව News 17 HD රූපවාහිනී නාලිකාව පෙරේදා විකාශ කලා
ඉහල අහසේ සිට පහත්වූ එය ටික වෙලාවක් අහසේ රැඳී තිබී වේගයෙන් ගමන් කර නොපෙනී ගිය බවයි වාර්තා වන්නේ.
එම වීඩියෝව පහතින්.
මේ අතර බ්‍රිතාන්‍යයේ Kingswear, Devon ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට ගිය Haydn Morgan නම් පුද්ගලයෙකු විසින් ගත් වෙරලබඩ ජායාරූපයක හඳුනා නොගත් පියාසර වස්තුවක් සටහන්ව තිබූ පුවතක්ද වාර්තා වුණා.
ඔහු එම වස්තුව දැක තිබුනේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදීය. නමුත් එයට තත්පර 9කට පසුව ගත් ජායාරූපයේ කිසිවක් සටහන්ව තිබුනේ නැහැ.
එම ජායාරූපය පහතින්.
මේ අතර බ්‍රිතාන්‍යයේම Yorkshire නගරයෙන්ද එවැනිම පුවතක් අසන්නට ලැබුණා. 24 හැවිරිදි Emil Ziemczonek නම් තරුණයෙකු ලබාගත් ජායාරූපයක් පරික්ෂා කිරීමේදී හඳුනා නොගත් පියාසර වස්තුවක් එහි සටහන්ව ඇති බව පසුගියදා වාර්තා කර වුණා.
එම ජායරූපය පහතින්.
මේ අතර Cornwall ප්‍රදේශයේ වූ Polperro නම් වරායක් අසල වෙලඳ සැලක වූ ආරක්ෂිත කැමරාවක හඳුනා නොගත් ආලෝකයක් සටහන්වූ පුවතක්ද පසුගියදා අසන්නට ලැබුණා.
මෙම ආලෝකය කුමක්දැයි හඳුනාගන නැති අතර බොහෝ දෙනා පවසන්නේ එය පියාඹන වස්තුවකින් පහතට එල්ල කරන ලද ආලෝකයක් බවයි.
එම වීඩියෝව පහතින්.
මේ අතර දකුණු ඇමරිකාවේ වූ පේරු රාජ්‍ය විසින් වසා දමු ලැබූ හඳුනා නොගත් පියාසර වස්තූන් පරීක්ෂා කිරීමේ ආයතනය නැවත විවෘත කර තිබෙනවා.
එයට හේතුව වන්නේ පසුගිය කාලයේ පේරු හි අහසේ හඳුනා නොගත් පියාසර වස්තූන් පිළිබඳව වාර්තා අධික වීමයි
Department of Investigation of Anomalous Aerial Phenomena (DIFAA) නමින් 2001 වසරේදී ආරම්භ කල එය පසුගිය වසර 5ක කාලය තුල එය අක්‍රියවයි පැවතුනේ. ඊට යාබද රටවල් වූ ආජන්ටිනාව, චිලී හා බ්‍රසීලය යන රටවලද මෙවැනිම ආයතන තිබේ.
Source - 30000lk

Last edited:

ඒත් මෙවා වල මොකක් හරි අපි නොදන්න දෙයක් තියෙනවා..
තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. 