පහුගිය ආතල් 01

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
සියලුම හිමිකම් ඉතිහාසයට ඇවිරිණි.:P

ශ්‍රි ලංකාවේ විසු සියලුම රජවරුන්ගේ නම් සහ පාලන සමයන් නිවැරදිව කිව හැකි පොළොන්නරුවේ හය හැවිරිදි දරුවෙකු පිලිබඳ 2011 වසරේදී වාර්තා විය.

රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් සහ එහි සිදු වූ වැදගත් සිදුවීම් කටපාඩමින් නිවැරදිව කීමට දිවුලන්කඩවල මධ්‍යමහා විද්‍යාලයේ දෙවෙන වසරේ ඉගෙනුම ලබන දිනෙත් මෙත්මල් බණ්ඩාර සිසුවාට හැකියාව තිබෙන බව එකල මාධ්‍යය වලින් ප්‍රසිද්ධ විය.

දැන් ඔහු පහ වසරට පා තබා ඇතිඅතර අනාවැකි පලකිරීමටද පටන්ගෙන ඇත. පෙර ඔහු විසින් අතීතයේ විසු රජවරුන් ගැන පමණක් විස්තර ප්‍රකාශ කල අතර මේවනවිට ඔහු බලයේ සිටින රජවරුන්ගේ පාලන කාලය පිළිබඳවද අනාවැකි පලකොට ඇත.

ඒ අනුව ඔහුගේ පලවන අනාවැකිය ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධව පලකොට ඇත. ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව පවසමිනි. දිනෙත් මෙත්මල් සිසුවා විසින් එය පවසා ඇත්තේ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ අතරතුරය.

දිනෙත් ගේ අනාවැකියට අනුව මහින්ද රාජපක්ෂ 2023 වසර වනතෙක් රට පාලනය කරනු ඇත. 2023 වසර වන විට ජනපතිවරයාගේ වයස 77 ක් පමණ වේ.

මෙයට පෙර දිනෙත් මෙත්මල් විසින් රජවරුන් පිලිබඳ තොරතුරු හෙලිකල අයුරු පහතින්