පළමු දුරකථන ඇමතුම

කොහොමද ඉතින් කට්ටිය. අදත් ඉතින් අවේ මගේ කතාවේ තවත් කොටසක් කියල යන්නයි. එදා මම කිව්වනේ අපි දෙන්නා කොහොමද අදුනගත්තේ කියලා. අද එතැන් සිට....
ඉතින් ඔය විදිහට අපි දෙන්නගේ friendship එක පටන්ගත්තා. එයා හැමදාම online යන වෙලාවට මට sms එකක් එවනවා. මමත් ඉතින් online ගිහින් පැයක් විතර අපි chat කරනවා. ඔය අතරෙ මම මගේ phone එකට ringtone එකක් දාගන එයාගෙන් අහල යැව්වා ඒ සින්දුව හොදයිද කියලා. තවත් අහම්බයක්... ඒක එයා කැමතිම සින්දුවලු. ඒ සින්දුව තමා "දම්පාට හැන්දෑවේ" (රඛිත කියන සින්දුව ). ඊට පස්සේ එයා අහුවා මගෙන්, එයාට ඒ සින්දුව අහන්න ආසයි ඒ වෙලාවට මට කෝල් කරල ඒක අහුවට කමක් නැද්ද හැබැයි answer කරන්නනම් එපා කියලා. මමත් කිව්වා කමක් නෑ කියල. එදා ඉදල එයා මට missed call දෙන්න පටන් ගත්තා. මමත් answer කලේ නෑ කවදාවත්. ඔය විදිහට එයා ටික ටික මටත් නොදැනිම මට ලංවෙන්න ගත්තා. (හැබැයි එයාගෙ හිතේ friendship එකක් ඇරෙන්නෙ වෙන දෙයක් තිබ්බේ නෑ. ඒක මට හොදටම විශ්වාසයි.)
මට තව දෙයක් කියන්න බැරිවුනා. ඔය දවස් වෙද්දි එයා ජොබ් එකකට යන්න හැමදේම ලෑස්ති වෙලා තිබ්බේ. මහජන බැංකුවේ. ඔය ජූලි 22, 23 විතර දවස් වල. මට මුල ඉදලම එයගේ fb profile එක ගැන පොඩි ප්‍රශ්ණයක් හිතේ ඇතිවෙලා තිබ්බා. එ තමා එයගේ profile එකේ උපන්දිනේට දවස් 2 දාල තිබ්බා. එකක් ජූලි 26. අනික අගෝස්තු 2. මම ඉතින් දවසක් අහුවා ඇයි ඒ කියලා. එයා මට මොකවත් කිව්වේ නෑ. මමත් ඉතින් හාර හාර අහන්න ගියේ නෑ. ඔය අතරේ මගේ යාලුවො කට්ටියක් පොඩි විනෝද ගමනක් යන්න ලෑස්ති කලා. අපේ හලාවත ඉන්න යාලුවෙක්ගෙ ගෙදර. මට වැඩිය ගෙදරින් පිට යන්න දෙන්නේ නෑ ගෙදර කවුරුත් යන්නේ නැත්නම්. කොටින්ම කියනවනම් ඔය ගමන තමා මම තනියම ගිය පළමු ගමන. කොහොමින් කොහොමහරි නහයෙන් අඩල අඩල ගෙදරින් අවසරත් ගත්තා කියමුකෝ. එදා ජූලි 25. එක යාලුවෙක් එයලගේ වෑන් එක අරන් ආවා. අපි ඔක්කෝම යලුවෝ 10 දෙනෙක් ගියා. ගිහින් වැවකින් නාල, දවල්ටත් කාල හවස අපි ආවා. වෙනදා වගේම එදත් එයා missed calls මට දුන්නා. sms වලින් ගමන ගැන විස්තරත් අහුවා. හවස එන ගමන් ටයර් එකක පැච් එකකුත් ගිහින් ලොකු කට්ටකුත් කෑව. ගෙදර අවිත් හවස 5.30 විතර එයා මට sms එකක් එවුවා online එන්න පුලුවන්ද කියලා. ඇගට ටිකක් මහන්සි උනත් මම බෑ කිවුවේ නෑ. මොකද මමත් කැමතියි එයා එක්ක chat කරන්න.එදා හවස එයා chat කර කර ඉද්දි මට කිවුවා රහසක් කියන්නම් කාටවත් කියන්න එපා කියල. මමත් හා කියලා කිවුවා. පස්සේ එයා මට කිවුවා ඇයි එයා fb එකේ උපන්දින 2 දාලා තියෙන්නේ කියලා. එයා කිවුවා ඒක ගැන දන්නේ එයා ගොඩාක් ලගින් ඇසුරු කරන අය විතරයි කියලා. එයාගේ පෞද්ගලිකත්වයට මෙතන බාදාවක් නොවෙන නිසා මම ඒක මෙතන කිවුවට කමක් නෑ කියල හිතනවා. එයාගේ ඇත්තම උපන්දිනය තමා ජූලි 26. එයා ඉපදුනු වෙලාවේ එයාගෙ අම්මා නැතිවෙලා. ඒක හින්දා ඒ දවසෙදි එයා උපන්දිනය සමරන්නේ නෑලු. එක නිසාලු එයා අගෝස්තු 2 කියලා දාල තියෙන්නේ කියලා. මට ඒක ඇහුවම හුගාක් දුක හිතුනා. ඇත්තටම මට ඒ වෙලවේ ඇස් වලට කදුලු ආවා. මොකද ඊට සමාන සිදුවීමක් මගේ ජීවිතෙත් වෙලා තියන නිසා. ඒ මගේ ඇස් වලට කදුලු ආවේ හුඟ කාලෙකට පස්සේ. මම ඒක එයට SMS එකකින් කියලා යැවුවා. එයා අහුවා ඒ ඇයි කියලා. මම කිවුවා ඒක දිග කතාවක් පස්සෙ දවසක කියන්නම් කියලා. (ඔයාලටත් මම ඒක පස්සෙ වෙලාවක කියන්නම්.) එදායින් පස්සේ අපි දෙන්නා තවත් ලං වුනා. (යාලුවො හැටියට ). ඔය විදිහට අපි හැමදාම වගේ gmail එකේ chat කලා. සමහර දවස්වල 3 පාරක් 4 පාරක් විතර එයා online ආවා මාත් එක්ක chat කරන්න.
මා ගාව තිබ්බා වැඩිය පාවිච්චි කරන්නේ නැති මොබිටෙල් සිම් එකක්. එයා එකේ no එක දන්නේ නෑ. මම දවසක් එයාට එකෙන් missed call එකක් දුන්නා. එදා එකේ ඉතුරු වෙලා තිබ්බේ Rs. 5යි. මම පස්සෙ එයාට කිවුවා මමයි ඒ missed call එක දුන්නේ කියලා. ඒකේ Rs.5 තියනවා මම ඒක ඉවර කරන්න හෙට එයාට call එකක් දෙන්නද කියලා අහුවා. එයා කිවුවා කමක් නෑ, අම්මලා හිටියේ නැත්නම් answer කරන්නම් කියලා. ඔය කාලෙ වෙද්දි අපි දෙන්නා අතරෙ දවසකට SMS 25/30 විතර හුවමාරු උනා. එයා මට හැමදාම good morning සහ good night කියලා sms කරන්න එයා කවදාවත් අමතක කලේ නෑ. ඔන්න ඉතින් පහුවෙනිදා මම අර මොබිටෙල් එකෙන් එයාට call එකක් දුන්නා. පළවෙනි වතාවට එයගේ කටහඩ මම අහුවේ එදා තමා. මම එදා ඒ call එක record කරගත්තා. තාමත් මගේ ලග ඒ record කරපු එක තියනවා. අපිට වැඩිය කතා කරන්න ලබුනේ නෑ, call එක cut උනා credit ඉවරවෙලා. ඔය දේවල් ඔහොම උනත් එයා තාම දන්නේ නෑ මම කවුද කියලා. අන්න එතන තමයි අපේ friendship එකේ වෙනසක් තියෙන්නේ. මටත් කවදාවත් ඕන වුනේ නෑ එයාට මම කවුද කියලා පෙන්නන්න. මට ඕන වුනේ හැමදාම මේ විදිහට හැංගිලා වගේ එයත් එක්ක යලුවෙක් විදිහට ඉන්නයි. මම අයෙත් කියනවා "යාලුවෙක්" විදිහට ඉන්නයි. මට ඕන වුනේ නෑ එයාගේ ඉස්සරහට ඇවිත් මම කවුද කියලා එයාට පෙන්නන්න.ඔය අතරේ අපිට අයෙත් extra class එකක් වැටුනා. මට ඒක ගැන කිව්වෙත් එයාම තමා. එදා සෙනසුරාදා දවසක්. මම යාලුවො කට්ටියක් එක්ක සෙල්ලම් කර කර ඉද්දි තමා මට එයා ඒක ගැන කියල SMS එකක් එවුවේ. class එක තියනව කිවුවේ අගහරුවාදා. මට තාම මතකයි මම ඒක කියවද්දි මට ආපු කැච් එක අතඇරල කට්ටියගෙන් බැනුම් අහපු හැටි. එදා එයගේ ඔලුව කැක්කුමයි කියලා class එකෙන් කලින් අවිත් තිබ්බා. එදාත් රෑ වෙනදා වගේම එයා online ආවා. වෙනදා වගේම අපි chat කලා. ඔය විදිහට කාලය ගත වුනා.
අගහරුවාදා class එකේ වෙච්ච දේවල් වෙන දවසක කියන්නම්. අදට මෙතනින් නවතිනවා.
අයත් වන වර්ගීකරණ වන්නේ ආදර කතාව ඔබේ මනාප

හොඳයි නම් comment එකක්වත් දාලා යන්න.