පළමු ලෝක යුද්ධයෙන් උපන් පොපි මලේ කතන්දරය 🌺🌺 (Poppy Flower)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පළමු ලෝක යුද්ධයෙන් උපන් පොපි මලේ කතන්දරය 🌺🌺 (Poppy Flower) - Your Choice Way
    🟥ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි පළමු ලෝක මහා සංග්‍රාමයේ දරුණු ප්‍රහාරයට මැදිව ගම්බිම්, ගොඩනැගිලි පමණක් නොව සාරවත් ගොඩබිම්,තුරුලතා ද සම්පූර්ණයෙන්ම විනා‘ශ වී මඩ ගොහොරු වී තිබුණා. එදින විශේෂ යමක් සිදුවෙමින් පැවතුණා.මියගිය සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් කළ සොහොන් මත ඇතිරුණු පස් කදු මත ලෝහිත පැහැයෙන් වර්ණ ගැන්වුණු පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී සුළගේ නැළවෙන්න පටන් ගත්තා.රක්ත වර්ණ පොපි මල් පිපී තිබුණේ යුද්ධයෙන් මිහිතලය කම්පා වී ඇති බව පෙන්නන්නට වගේ.ඒ 1918 වසරයි.

    🟧පොපි මල් දිනයේ ආරම්භය කවදද කියලද හිතන්නේ?

    🔲පළමු ලෝක යුද්ධය නිමා කරමින් අවි ආයුධ බිම තැබීමේ ගිවිසුම අත්සන් කළේ 1918 වර්ෂයේ නොවැම්බර් මස 11 වනදාය.
    🔲පළමුවන ලෝක යුද්ධයෙන් මියගිය සෙබළුන් සිහිපත් කරමින් පොපිමල් දිනය ආරම්භ වුණා.
    🔲එසේ නොවැම්බර් 11 වනදායින් පටන්ගෙන පුරා සතියක් පොපි මල් සතිය ලෙස නම් කරනු ලැබුවා.
    🔲පොපි මල් දිනය ප්‍රකාශයට පත්වුණේ 1921 නොවැම්බර් 11 වනදා මහා බ්‍රිතාන්‍යයේදීය.
    🔲එංගලන්තයේ පිපෙන රතුපාට මල් විශේෂයක් මුල කාලයේදී සැමරුම වෙනුවෙන් යොදා ගන්නා ලදි.
    🔲රතු පැහැය යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ රුධිරය සිහිපත් කරන සංකේතයක් ලෙස සැලකුණා.

    🟪පළමු වතාවට යුද්ධයෙන් මියගිය විරුවන් සිහිකළ දිනයේ ඇමරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කළ මොයිනා මිචෙල් මහත්මිය පොපි මලක් පැළද මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබ සාධනයට යෙදවූවා.

    🟪ඒ වගේම ප්‍රංශ ජාතික මෙඩෙෂි ගෝරින් මැතිනිය ඇයව දිරිමත් කරමින් කෘත්‍රීම සිල්ක් පොපි මල් නිපදවා ඒවා විකුණා ලැබූ මුදල් ද මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුබ සාධනයට යෙදවූවා.

    🌎ලෝක පොපි මල් දින සැමරුම

    🗣මහා බ්‍රිතාන්‍ය යේ සහ ඕස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 දී ප්‍රථම වතාවට ආරම්භ වුණා. ඕස්ට්‍රේලියාවේ මාධ්‍යෙව්දියෙකු වන එඩ්වර්ඩ් ජෝර්ජ් හොනී 1919 මැයි මස 08 වන දින යුද්ධයෙන් මියගිය අය සිහි කරීමට විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළීබද යෝජනාවක් ගෙන ආවා.ඒ අනුව පස්වන ජෝර්ජ් රජු විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බව 1919 නොවැම්බර් 07 දින නියෝග කළ අතර ධාවනය වන දුම්රිය පවා නැවැත්විය යුතු බව අවධාරණය කළා. එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් එසේ නිශ්ශබ්දතාවය සුරකිමින් යුද්ධයෙන් මියගිය අය වාර්ෂිකව සිහි කරමින් පොපි මල් දිනය සමරනු ලබනවා.

    අපේ රටේ පොපි මල් දිනය ගැන...

    🔷ශ්‍රී ලංකාවේ පොපි මල් සැමරුම ලංකා සේවා මුක්ත භට සංගමය මගින් මෙහෙයවනු ලබනවා.
    🔶යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම වෙනුවෙන් කෙරෙන පොපි මල් සැමරුමට පොපි මලක් පැළද පොපි මල් දමක් ගෙන ඒ සදහා දායක වන මෙන් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය ඉල්ලා සිටිනවා.
    🔷මෙමගින් ලැබෙන සියලු මුදල් මෙරට යුද්ධය නිසා දිවි පිදූවන්ගේ පවුල්වල සුභ සාදනය සදහා වැය කරනවා.
    🔶එංගලන්තයේ පිහිටි බ්‍රිතාන්‍ය රාජකීය පොදු රාජ්‍ය මණ්ඩල සේවා මුක්ත ලීගය ශ්‍රී ලංකාවට පොපි මල් නොමිලේ එවනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම් කටයුතු සිදුවන්නේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින්.

    🙏පොපි මල් ව්‍යාපාරයේ අරමුණ වන්නේ මියගිය රණවිරු පවුල්වලත්, ආබාධිත රණවිරුවන්ගේ සුබ සාදනය සැලසීමයි.මෙම සත්කාරයට අතහිත දීම අපගේ යුතුකමක් වගේම වගකීමක්ද වනවා.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here