පළමු_චන්ද්‍රිකාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පළමු_චන්ද්‍රිකාව

රාවණා 1: ශ්‍රී ලංකාව නිපදවූ පළමු චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කරයි



_107405082_fd3769ff-8789-41a1-8594-9a7fda15e29a.jpg



කක්ෂයට මුදා හැරි අවස්ථාව






ශ්‍රී ලාංකික තරුණ ඉන්ජිනේරුවරුන් දෙදෙනෙකු විසින් නිර්මාණය කරන ලද රාවණා 1 චන්ද්‍රිකාව සඳුදා (ජූනි 17) පස්වරුවේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සාර්ථකව කක්ෂගත කෙරිණි. ඒ, ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.45ටය. එහිදී කුඩා චන්ද්‍රිකා තුනක් කක්ෂගත කෙරුණු අතර ඡායාරූපයේ දැක්වෙන ආකාරයට පළමු චන්ද්‍රිකාව නේපාලයට අයත් විය. දෙවැන්න ශ්‍රී ලංකාව පළමු වරට නිර්මාණය කළ රාවණා 1 චන්ද්‍රිකාවයි. තෙවැන්න ජපානයට අයත් වේ.
'රාවණා 1' කක්ෂගත කෙරුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරිනි. එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.


_107402559_000fc935-0b06-46ce-b363-7cbe150b93fd.jpg





මෙම ඓතිහාසික චන්ද්‍රිකාව රාවණා 1 යනුවෙන් නම් කරන ලද්දේ, ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.
"මේ පළමු පියවර පමණයි"



_107402562_45ce2514-d8bb-4575-af7f-4cab6db6ca0a.jpg





තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ





ආතර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ව්‍යාපෘතියක් ලෙස මෙම චන්ද්‍රිකාව නිර්මාණය කෙරිණි. එය ඝන සෙන්ටි මීටර් 1000ක පමණ විශාලත්වයෙන් යුත් කුඩා චන්ද්‍රිකාවක් වන අතර, ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන දුලානි චාමිකා සහ තරිඳු දයාරත්න විසින් නිර්මාණය කරනු ලැබූ එම චන්ද්‍රිකාව පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය. ඉන්පසු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව පසුගිය අප්‍රේල් 18 වන දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීය.



_107402682_e46ad934-98b8-4cde-8532-889b9edbe0c1.jpg



"මේක කුඩා චන්ද්‍රිකාවක්. මේක නිර්මාණය කළේ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් අපේ ඉන්ජිනේරුවරුන්ට ලබා දීමේ අරමුණින්. ඒ නිසා මේක ලොකු ගමනක පළමු පියවර ලෙස අර්ථ දක්වන්න පුළුවන්. අපි ඉදිරියේදී විශාල චන්ද්‍රිකා නිර්මාණය කරන්න අවශ්‍ය සැලසුම් සකස් කරගෙන යනවා," ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්න ඉන්ජිනේරුවරයා සඳහන් කළේය.
රාවණා 1 චන්ද්‍රිකාවේ සුවිශේෂතා





_107402567_612e709e-e038-40fc-8b0e-fcc01d5ae302.jpg





රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  1. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  2. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  3. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  4. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
  5. පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම
නිර්මාණකරුවන් දෙපළ


_107402562_45ce2514-d8bb-4575-af7f-4cab6db6ca0a.jpg



තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ




දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය. ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත. මේ අතර, පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පැවසුවේ, දුලානි චාමිකා විතානගේට සහ තරිඳු දයාරත්නට සිය ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට රජය තීරණය කර ඇති බවය.


BBC NEWS
 

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    They requested to send some data, they given some frequency number or something in an interview yesterday. Can you add those details too
    ++
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දෙවෙනි එක නේද ? පළමු එක අවරුදු 6 කට විතර කලින් ශ්‍රීමත් රෝහිතයාණන් විසින් කක්ෂගත කරන ලද එක
     
    • Like
    Reactions: Smartm

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දෙවෙනි එක නේද ? පළමු එක අවරුදු 6 කට විතර කලින් ශ්‍රීමත් රෝහිතයාණන් විසින් කක්ෂගත කරන ලද එක

    ewwa gana kauruth katha karanne na bro.. so sad 😕
    rohitha sir oya eka ekaage udaw illuwe naha. thaniyama rocket eka hadala uda yawwa. ekai mun tharaha
     
    • Like
    Reactions: Smartm

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    දෙවෙනි එක නේද ? පළමු එක අවරුදු 6 කට විතර කලින් ශ්‍රීමත් රෝහිතයාණන් විසින් කක්ෂගත කරන ලද එක
    ඒක මොඩියුල් එකක් නේද? චීනෙන්ද කොහෙද යැව්ව සැටලයිට් එකක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    their Masters project is our main headline.
    rate thaththwe tamai itin :P...long way to go :cool:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    බොරු වැඩක් satellite එකක් කිව්වාට micro satellite එකක් යාන්තම් දවස් දෙක තුනක් දුවයි. Radiation shield.එකවත් නැහැ. Camera එක දැකලා තියන හොදම එක. ලංකාවේ photo ගන්නවලු යන්නෙ. Phone camera sensor එකට හොද zoom range එකක් තියන lence එකක් හයිකරත් ඔය cube එකට වඩා ලොකු යි(Sony hx series, Nikon p series). ඉතින් මොන ලංකාවෙ photo ද ? Communication වලට power මදි. direct earth එකට signal එවන්න බැරි වෙයි. මේවා පිටරටවල් campus project MSc හරි PhD වලට හරි. අපේ රටේ main news. මේවට කොහොන් හිනා වෙන්නද? කලින් satellite එකක් shares අරන් main news එකක් කර ගත්තා.දැන් මේක.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොරු වැඩක් satellite එකක් කිව්වාට micro satellite එකක් යාන්තම් දවස් දෙක තුනක් දුවයි. Radiation shield.එකවත් නැහැ. Camera එක දැකලා තියන හොදම එක. ලංකාවේ photo ගන්නවලු යන්නෙ. Phone camera sensor එකට හොද zoom range එකක් තියන lence එකක් හයිකරත් ඔය cube එකට වඩා ලොකු යි(Sony hx series, Nikon p series). ඉතින් මොන ලංකාවෙ photo ද ? Communication වලට power මදි. direct earth එකට signal එවන්න බැරි වෙයි. මේවා පිටරටවල් campus project MSc හරි PhD වලට හරි. අපේ රටේ main news. මේවට කොහොන් හිනා වෙන්නද? කලින් satellite එකක් shares අරන් main news එකක් කර ගත්තා.දැන් මේක.


    තමාගේ කුහක ඉර්ශියාව පිට කරගනින් ඔහොම හරි කියලා. මේක නිර්මාණය කලේ apanese Aerospace Exploration Agency ආයතනයේ උපදේශයන්ට අනුකුලව. අනුන්ගේ අඩුවම දකින පුද්ගලයාට තමාගේ අඩුව නොපෙනේ. අඩුම තරමේ උබ අභ්‍යවකාශ තාක්ෂණයේ අයන්න වත් දන්නවද.
     
    Last edited: