!!!!!!!**පළාත් පුෂ්ප**!!!!!!!!!!

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    !!!!!!!**පළාත් පුෂ්ප**!!!!!!!!!!

    බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්
    01052008_01.jpg
    01052008_02.jpg

    මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි. ලාංකීය සංස්කෘතියේ අනූපමේය ස්ථානයක් හිමිකරගෙන ඇති සුදු නෙළුම ඉගී‍්‍රසි භාෂාවෙන් ඉන්දියන් ලෝටස් ලෙස හැඳින්වේ. දෙමළ බසින් අම්බාලි, මාරයි යනුවෙන්ද සංස්කෘත භාෂාවෙන් අබිජා, බිසාකුසුමා, කමලා, මහා පද්ම යන නම් වලින්ද හැඳින්වේ.
    නෙළුම් මල සේම නෙළුම් කොළයත් අප සංස්කෘතියට සමීපය. ආහාර අනුභව කිරීමට බඳුනක් ලෙස යොදාගන්නා නෙළුම් කොළය උඩ පැත්ත කොළ පැහැතිය යටි පැත්ත තරමක් ලා කොළ පාටය. ජලජ පැලෑටියක් වුවද ජලය මත පැතිරී නොවැඞී ජල මට්ටමට ඉහළට වර්ධනය වීම නෙළුම් පත‍්‍ර වල සුවිශේෂී ලක්ෂණයකි.
    විශ්කම්භය සෙන්ටි මීටර 12 ත් 15 ත් අතර විශාලත්වයකින් යුතු සුදු පහැති පුෂ්පය ද්වි ලිංගිකය. අධික සුවඳකින් යුතු සුදු නෙළුම් මල් බහුලව දැකිය හැක්කේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා කාලයේදීය.
    රසවත් ආහාරයක් වන නෙළුම් දඩු සර්ප දෂ්ටයේදී විස නැසීම සඳහා භාවිතා කරයි. මල් වලින් සිඳගන්නා පැණි කැස්ස සුව කිරීම සඳහා යොදාගනී. ශාඛයේ විවිධ කොටස් අර්ශස් රෝගය සඳහාද ගනී.


    උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති
    10062008_02.jpg

    ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී. එකිනෙක යාව පිහිටි පෙති පහකි. නිල් පෙති මැද සුදු පැහය සහ සුදු පරාග මලට අලංකාරයක් ගෙන එයි. පත‍්‍රයේ උඩු හා යටි පැත්තේ සිහින් බූව ඇත.
    වරකට මල් පහක් දක්වා දැකිය හැකියි.. පත‍්‍ර ඉලිප්සාකාරය. මිලි මීටර අටේ සිට විසි හය දක්වා දිගකින් යුතුය.
    දෙමළ බසින් විෂ්ණු කිරින්දි යනුවෙන් හැඳින්වේ. සංස්කෘතයේ විෂ්ණු කරන්ටා ලෙස සඳහන්වේ. උද්භිද විද්‍යාත්මකව එවොල්වුලූස් ඇල්සිනොයිඩස් ලෙස නම් කර ඇත. ඉන්දියාව, පිලිපීනය හා ශී‍්‍ර ලංකාව වැනි රටවල බහුලව දැකිය හැකියි.
    ශ‍්‍රී ලංකාවේ වියළි දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව හමුවන විෂ්ණු ක‍්‍රාන්ති අතරමැදි හා පහත් තෙත් බිම් වල ද සරුවට වැවේ.
    විෂ්ණු ක‍්‍රාන්ති මුල් වල සාරය පාචනය හා මානසික රෝග සුව කිරීම සහා යොදා ගනී. ශාකයෙන් සිඳ ගන්නා තෙල් හිස කෙස් වර්ධනය කරන ඖෂධයක් ලෙස ප‍්‍රකටය.ඇඩචාලම් කට්ටුමල්ලිගයි හා සිරුමල්ලිගයි යනුවෙන් දෙමළ භාෂාවෙන් හඳුන්වන වල් පිච්ච මල ද උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයකි.


    ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ
    28052008_01.jpg
    ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.. වඳවී යාමේ තර්ජනයට ලක්වූ වන සත්ව හා වෘක්ෂලතා වෙළඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට ද ඇතුලත් කර තිබෙන ශාකයකි.
    රයින්කොස්ටයිලිස් රෙට්‍යුසා නමින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වේ. ඉංගී‍්‍රසියෙන් ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් ප‍්‍රචලිතය.
    ගස් මත වැවෙන ශාකයක් වන මෙම උඩවැඩියා විශේෂය වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇත. ඌව පළාතේ තණ බිම් වල ස්වභාවිකව වැවෙන බැවින් එය ඌව පළාතට විශේෂ වූ ශාකයකි.
    දැඩි ඝනකමින් යුතු පිටත විහිදුණු පත‍්‍රය. දැඩි සෘජු කඳකි. ශාකය අඩියක් පමණ උසට වැඬේ. නොවැම්බර් සිට අපේ‍්‍රල් කාලයේ ඉතාමත් අලංකාර පුෂ්ප මංජරියක් හටගනී. ගුරුළු රාජ ශාකයේ පුෂ්ප මංජරිය හේතුවෙන්ම එය ෆොක්ස් ටේල් ඕකීඞ් නමින් හඳුන්වයි. සෙන්ටි මීටරයක් දෙකත් අතර පළලය.. කුඩා මල් විශාල සංඛ්‍යාවක් එක් පොකුරට එල්ලා වැටෙන ආකාරයෙන් පිපේ. සුදු පාට පුෂ්පයේ රෝස පැහැති පුල්ලි දැකිය හැකියි.


    වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා

    18052008_01.gif
    සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ. ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව හා මලයාසියාව වැනි රටවලද දැකිය හැකියි. ඔරේන්ජ් ජැස්මින් ලෙස ඉංගී‍්‍රසියෙන් හැඳින්වේ. මුරායා පණික්‍යුලාටා උද්භිද විද්‍යාත්මක නාමයයි. කළුදාල හා සුරබියාපුර සංස්කෘත නම් වේ. මීටර පහක් පමණ උසට වැවේ. කඳ සුදු පැහැය ගනී. පත‍්‍ර අඳුරු පැහැති තද කොළ පැහැයෙන් යුක්තය. ඉලිප්සාකාර හැඩයක් ගනී. පොඩි කළ විට දැඩි සුවඳක් දැනේ. පෙති පහක මල පොකුරු වශයෙන් හටගනී. බෙහෙවින් සුවඳය. රාති‍්‍රයේ පිපී පසුදා සවස් වන තුරු සුවඳ පතුරුවයි. වසරේ ඕනෑම කාලයක මෙහි මල් දැකිය හැකියි.
    ලී කැටයම් හා රුක් කලාව සඳහා දැව යොදාගැනේ අතර සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහා ගසේ පොතු ගනී, ඇට්ටේරියා පොතු ආමාශයට හිතකර ඖෂධයක් බව වෛද්‍යවරු කියති.



    උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ​

    15052008_1.gif

    ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’අප්පායි, තිරුක්කොනායි, කවානි’ සහ ’කොන්නි’ යන නම් වලින ්ද හැඳින්වේ. මධ්‍යම ප‍්‍රමාණයේ ශාකයකි. වන පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය.
    දීප්තිමත් කහ පැහයකින් යුතු දිග කිනිත්තක් ලෙස සැකසුණු පුෂ්ප මංජරියක් හෙවත් පොකුරු වශයෙන් එල්ලා වැටේ.. ගස පුරාම මල් හටගනනා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් අතිශය චමත්කාර ජනක දර්ශනයක මතු කරයි් .
    ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි.. ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය.
    මෙහි පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී.
    දැව ඉතාමත් ශක්තිමතය.. ඇහළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත.


    මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්​

    11052008_01.jpg

    ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.ෆෝඩොඩෙන්ඩ‍්‍රම් ආබෝරියම් ලෙස උද්භිද විද්‍යාතමකව හඳුන්ව මහ රත්මල් හෝටන් තැන්නේ ඉතාමත්ම සරුවට වැවේ. මීටර 3 සිට මීටර 20 ක් පමණ වූ උසට වැවේ. අලූ පැහැති පොත්ත ඝනය. අතු අතර ඇඹරී කඳුකර වනාන්තර ලක්ෂණ සහිතව වර්ධනය වන ගසේ පත‍්‍ර ඉතා ඝනය. පත‍්‍රයේ මැද නාරටිය උඩපැත්තේදී ගිළුණු ස්වභාවයක් ගනී. පත‍්‍රය යටිපැත්්තේ බූව පිහිටා ඇත.
    මල් තද රත් පැහැති පොකුරු වශයෙන් පිහිටයි. ඉත්තක එකට පිහිටි පොකුරු දෙකකි. පෙබරවාරි සිට ජූලි දක්වා කාලයේ මෙම ශාක වල මල් හටගනී


    නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්
    04052008_01.jpg
    සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැ‍ගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි.
    ගොඩ මානෙල් හා තොලබෝ යනුවෙන් සිංහල බසින් හඳුන්වන මෙම පුෂ්පය දෙමළ භාෂාවෙන් විචා මුන්කිල් නමින් හඳුන්වයි. චක්රන්ගි, චක්රපෝආ සහ මඩු පර්නිකා යනුවෙන් සංස්කෘතෙන් හැ`දින්වේ.
    සෑම වසරකම ජනවාරි සිට ජුනි දක්වා වූ කාලයේ මල් හටගන්නා මෙම ශාකය ලූනු පවුලට අයත්වේ. බල්බයක් හෙවත් භූගත කඳකින් පැල හටගන්නා ගොඩ මානෙල් ශාකය ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරය, පොළොන්නරුව, යාපනය, මඩකලපුව, අම්පාර හා තිස්සමහාරාමය වැනි වියළි කාලගුණයක් සහිත ප‍්‍රදේශවල සරුවට වැවේ. ඉන්දියාව, බුරුමය හා අපි‍්‍රකාව වැනි රටවලද බහුලව හමුවන ගොඩ මහනෙල් ශාකය විසිතුරු පැලයක් ලෙස වගා කැරේ.
    පත‍්‍රවල උඩුපැත්ත දීප්තිමත් කොළ පැහැතිය. යටි පැත්ත අඳුරු කොළ පැහැයකින් යුක්ත වන අතර දිගින් සෙන්ටිමීටර 80 ක් පමණ වූ සිහින් පත‍්‍ර හටගනී.
    ආයුර්වේද ඖෂධයකි. කනේ ආබාධයනට ප‍්‍රතිකාර කිරීමටද යොදා ගැනේ.

    උපුටා ගැනීමකි ..
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    tfs
    තෝ ඊයෙ මගෙ යූසර් සීපී එක කාලා
    දෙන්න පුලුවන් උනගමන් දෙන්නම් උබට ඇඩෙන්නම
    avatar123465_37.gif