පළාත් සභා 3 ක් අද රාත්‍රී විසිරුවා හැරේ

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පළාත් සභා 3 ක් අද රාත්‍රී විසිරුවා හැරේ

    උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුන අද විසිරුවා හැරීමට නියමිත ය. උතුරු මැද සහ සබරගමුව යන පළාත් සභා විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එම පළාත් ආණ්ඩුකාරවරුන් අද උදෑසන අත්සන් තබා ඇති අතර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයද සැකසෙමින් පවතී. අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම පළාත් සභා තුන විසිරුවා හැරෙන බව ප්‍රකාශ කිරීමට නියමිතය.

    උතුරු මැද පවතින නියඟයත් වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් උතුරු මැද ජනතාව සිටින්නේ ආණ්ඩුව මරාගෙන තරමේ කේන්තියකින් බැවින් උතුරු මැද ඡන්දය නොපවත්වන්නැයි ද නැගෙනහිර තත්ත්වයද දැඩි ලෙසම ආණ්ඩුවට අවාසි බවත් ආණ්ඩුවට උපදෙස් දුන්නද එය නොතකා ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.