1.නැගෙනහිර පළාත් යෝජිත පුෂ්පය - ගොඩ මානෙල්
සුදු පැහැති මල් පෙති මධ්‍යයේ දම්පාට ඉරක් සහිතව පුනීලයක් හැඩැතිව පොකුරු වශයෙන් පිපෙන මල් හටගන්නා ගොඩ මහනෙල් නම් අලංකාර පුෂ්පය නැගෙනහිර පළාත සඳහා යෝජිත පළාත් පුෂ්පයයි.
2.මධ්‍යම පළාත් පුෂ්පය - මහ රත්මල්
ශී‍්‍ර ලංකාවේ කඳුකර වනාන්තරයට ආවේණික මහ රත්මල මධ්‍යම පළාත් පුෂ්පයයි. මුහුදු මට්ටමේ සිට මීටර 1500 කට වඩා උසින් පිහිටි තෙත් වර්ෂා වනාන්තර වල දැකිය හැකියි.
3.උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ
ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි.
4.වයඹ පළාත් පුෂ්පය - ඇට්ටේරියා
සින්සපා හෙවත් ඇට්ටේරියා මල වයඹ පළාත් පුෂ්පයයි. දේශීය ශාකයකි. පහතරට වියළි අතරමැදි සහ තෙත් කලාපයේද මුහුදු මට්ටමේ සිට මීටර් 1000 ක් දක්වා වැවේ.
5.ඌව පළාත් පුෂ්පය - ගුරුළු රාජ
ගුරුළු රාජ ඌව පළාත් පුෂ්පයයි.. ශී‍්‍ර ලංකාවට ආවේණිකය.. වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂක පැළෑටියක් ලෙස නම් කර ඇත.
6.උතුරු පළාත් යෝජිත පුෂ්පය - විෂ්ණු ක‍්‍රාන්ති
ඉතා දීප්තිමත් නිල් පැහැති මල් හටගන්නා විෂ්ණු ක‍්‍රාන්ති උතුරු පළාත සඳහා යෝජිත පුෂ්පයයි. වසර පුරාම මල් හටගනී.
7.බස්නාහිර පළාත් පුෂ්පය - සුදු නෙළුම්
මහා පද්ම ලෙස හඳුන්වන නෙළුම් මල බෞද්ධ හා හින්දු බැතිමතුන්ගේ පූජනීය පුෂ්පයකි. සුදු නෙළුම බස්නාහිර පළාත් පුෂ්පයයි.
ලංකාදීප එකෙන් හොයා ගත්තේ

Last edited: