ප්‍රත්‍යක්‍ෂ අවබෝධය...
පින්වත් මිතුරනි,
පහත ඡේද කිහිපය උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ "විස්මිත අවබෝධය" නම් ග්‍රන්ථ රත්නයෙන්.
---------------------------------------------------------------------
මේ ධර්මය තේරුම් ගැනීමේ මුල සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස මෙම හේතු ඵල දහම ගැන ඉතා ම නිරවුල් අවබෝධයක් ඇති කර ගත යුතු ම ය. විශේෂයෙන් ම “යෝනිසෝ මනසිකාරය” මේ සඳහා මහෝපකාරී වේ. කොටින්ම සමථ - විපස්සනා ආදී භාවනාවන් දියුණු කර ගැනීම පිණිසත් උපකාරීවන්නේ යෝනිසෝ මනසිකාරය ම ය. ශ්‍රී සද්ධර්මය යනු හුදෙක් ශ්‍රවණ මාත්‍රයකින් හෝ ප්‍රකාශන මාත්‍රයකින් අවබෝධ වන දෙයක් නොවේ.
ප්‍රත්‍යක්‍ෂ අවබෝධය යනු කුමක් ද?
ප්‍රත්‍යක්‍ෂ අවබෝධය යනු නො වෙනස් වන දෙයකි. පුද්ගලයෙකු ගේ අතක් හෝ පාදයක් කපා දැමූ විට ඔහු ගේ අත හෝ පාදය නොමැති බව ඔහුට ප්‍රත්‍යක්‍ෂ දෙයකි. එසේ ඉවත් කළ අත හෝ පාදය අනාගතයේ යළිත් ඒ ආකාරයෙන් ම ලියලා වැඩෙන්නේ ය යන්න නො සිදුවන දෙයකි.
ඒ ආකාරයෙන් ම යමක් ප්‍රත්‍යක්‍ෂව අවබෝධ වූයේ නම් ඒ අවබෝධය කලක් යන විට නැතිවී යාම නො සිදුවන දෙයකි. කිසිසේත් සිදු නොවන දෙයකි. නමුත් සමහර කෙනෙක් ප්‍රත්‍යක්‍ෂ අවබෝධය යනු කුමක් දැ’යි නොදැන සුළු සුළු අත්දැකීම් මුල් කරගෙන තමන්ට ද ප්‍රත්‍යක්‍ෂ අවබෝධයක් තිබේ යයි නිශ්චයකට පැමිණේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් තමන් ගේ ඒ වැටහීම නිකම් ම නිකං සිහිනයක් දුටුවාක් මෙන් මතකයක් පමණක් වෙයි. එවිට ඒ තැනැත්තා සිතන්නේ ප්‍රත්‍යක්‍ෂ අවබෝධය ද පිරිහී යන දෙයක් බවයි. එහෙත් සැබැවින් ම සිදු වී තිබෙන්නේ වෙනත් දෙයකි. එනම් ප්‍රත්‍යක්‍ෂ අවබෝධයකින් තොරව ම ප්‍රත්‍යක්‍ෂ අවබෝධයක් ලද බවට සිතින් සිතා ගෙන සිටීම පමණි.
ප්‍රත්‍යක්‍ෂ ය මේ දෙයින් තොර විය යුතු ය.
වරක් සවිට්ඨ තෙරණුවෝ ද, මූසිල තෙරණුවෝ ද, නාරද තෙරණුවෝ ද, ආනන්‍ද තෙරණුවෝ ද කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි පින්වත් සවිට්ඨ තෙරණුවෝ පින්වත් මූසිල තෙරුන් ගෙන් මෙසේ විමසූහ.
"පින්වත් ආයුෂ්මත් මූසිල, හුදෙක් අදහා ගැනීමෙන් තොරව, හුදෙක් රුචියෙන් පිළිගැනීමෙන් තොරව, පරම්පරාවෙන් ආ පමණින් ගැනීමෙන් තොරව, කල්පනා කොට කරුණු ගළපා ගැනීමෙන් තොරව, දෘෂ්ටියකට බැස ගැනීමෙන් තොරව, ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින් ම ඇති වූ අවබෝධ ඤාණයක් තිබේ ද 'ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ වන' බවට?"
එවිට මූසිල තෙරණුවෝ මෙසේ පිළිතුරු දුන්හ.
"පින්වත් ආයුෂ්මත් සවිට්ඨ, හුදෙක් අදහා ගැනීමෙන් තොරව ම, හුදෙක් රුචියෙන් පිළිගැනීමෙන් තොරව ම, පරම්පරාවෙන් ආ පමණින් ගැනීමෙන් තොරව ම, කල්පනා කොට කරුණු ගළපා ගැනීමෙන් තොරව ම, දෘෂ්ටියකට බැස ගැනීමකින් තොරව ම,'ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ වන බව' යන මෙ කරුණ මම දනිමි. මම දකිමි"

(කෝසම්බිය සුත්ත – සං. නි. 02)
මේ ආකාරයට පටිච්චසමුප්පාදයේ හටගන්නා ආකාරය ගැනත්, නිරුද්ධ වන ආකාරය ගැනත් සවිට්ඨ තෙරුන් මූසිල තෙරුන් ගෙන් ප්‍රශ්න අසන විට ඒ සියල්ලට ඉහත දැක් වූ පිළිවෙලට පිළිතුරු ලැබිණ. එසේ නම් ආයුෂ්මත් මූසිල තෙරුන් රහතන් වහන්සේ නමක් නේදැ’යි සවිට්ඨ තෙරණුවෝ යළිත් ඇසූහ. එවිට මූසිල තෙරණුවෝ නිශ්ශබ්දව වැඩ සිටියහ. සැබවින් ම ඒ මූසිල තෙරණුවෝ රහතන් වහන්සේ නමක් වන සේක.
ප්‍රත්‍යක්‍ෂාවබෝධයට පළමුව පහත සඳහන් ක්‍රම පහ ඔස්සේ ම පමණි දැනුම ලබා ගැනීමට තිබෙන්නේ. ඒ පහ මෙසේ ය.
[/FONT] ---------------------------------------------------------------------
අපට ධර්මය ගැන තිබෙන අල්ප හෝ වැටහීම තිබෙන්නේ කුමන තැනදැ යි තම තමන් විමසා බැලීමත් ප්‍රයෝජනවත් වේවි...
පින්වත් මිතුරනි, ප්‍රත්‍යක්‍ෂ අවබෝධයක් ලෙස දහම් කරනු ගත හැකි වන්නේ ඒවා නුවණින් විමසීමෙන් තමාටම ගලපා ගැනීමෙන් පමණයි.
ධර්මය ඉගෙන ගැනීම ම ප්‍රමාණවත් නෑ. එය දරාගෙන, නුවණින් විමසීම කළ යුතුයි
(අරහත්වය පිණිස - සමථයත් විදර්ශනාවත් දෙකම වැඩීම අවශ්‍යයි)
තෙරුවන් සරණයි!

- හුදෙක් අදහා ගැනීම් පමණකින් දැනුම ලැබීම (සද්ධා)
- හුදෙක් රුචියෙන් පිළිගෙන දැනුම ලැබීම (රුචි)
- පාරම්පරිකව ආ දේ ගැනීමෙන් දැනුම ලැබීම (අනුස්සව)
- කල්පනා කොට කරුණු ගළපාගැනීමෙන් දැනුම ලැබීම (ආකාර පරිවිතක්ක)
- දෘෂ්ටියකට බැසගැනීමෙන් දැනුම ලැබීම (දිට්ඨි නිජ්ඣානක්ඛන්ති)