ප්‍රථමවතාවට 4D ජායාරුප ගැනීමේ තාක්ෂණය

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ප්‍රථමවතාවට 4D ජායාරුප ගැනීමේ තාක්ෂණය

    දකුණු ආසියාවේ ප්‍රථමවතාවට 4D ජායාරුප ගැනීමේ තාක්ෂණය කිරිබත්ගොඩ "ඔල්ගා" චිත්‍රාගාරය විසින් හදුන්වා දී තිබේ.මෙහි හිමිකරුවන් වන්නේ සුප්‍රකට වනජීවී ඡායාරූප ශිල්පීරන්ජිත් ද සිල්වා සහ ඔහුගේ පුතු වන ගිහාන් ද සිල්වායි.

    මෙම තාක්ෂණය හදුන්වන්නේ ඉදිරි ප්‍රක්ෂේපන (Front projection system) යනුවෙනි.

    4d_gossip9-_1.jpg


    ඉහළ ඡායාරූපයේ පෙනෙන ලොකු ආධාරකය මත, විශේෂිත ප්‍රොජෙක්ටරයක් ද, ඊට උඩින් කැමරාව ද සවි කෙරෙයි. මේ විශේෂ ප්‍රොජෙක්ටරය සඳහා ඔබ කැමති ඕනෑම වර්ණ විනිවිදකයක් භාවිතා කළ හැකි ය.

    එයින් නිකුත්වන ප්‍රතිබිම්බය නිරෑපිකාවගේ ඇඟ මතින් පිටුපස ඇති තවත් විශේෂ තිරය මත ප්‍රක්ෂේපණය වෙයි. මේ කළු තිරය මත වැටෙන ප්‍රතිබිම්බය අපට පියවි ඇසින් දැකිය නොහැකි වුව ද, ඩිජිටල් කැමරාවේ දර්ශන කවුළුවෙන් කිසිදු බාධාවකින් තොර ව නැරඹිය හැකිය.

    එමගින් එම ප්‍රතිබිම්බය කැමති ආකාරයට සූම් කරන්නට ද, අවුට් ඔෆ් ෆෝකස් කර ගන්නට ද ඇවැසි පහසුකම්, ප්‍රොජෙක්ටරයේ කාචයෙන් ලබා ගන්නට පුලුවන.

    ජායාරුපය ගැනීමෙන් පසුව පෙනෙන ආකාරය බලන්න පහතින්

    4D-_gossip9_2.jpg


    ෂටරය එබූ සැණින් කිසිදු බාධාවකින් තොර ව, ඔබට කැමති පසුතලයක සිටින නිරූපිකාවකගේ ඡායාරූපයක් ලබා ගන්නට පුලුවන. යොදන පසුබිම් ඡායාරූපයේ අංශුමාත්‍ර රූපයක්වත් නිරූපිකාවගේ ඇඟ මත සටහන් නොවීම විශේෂයකි. ඒ ප්‍රතිබිම්බය සටහන් වන්නේ පිටුපස ඇති කළු පාට විශේෂ තිරය මත ම පමණකි.

    විස්තර උපුටාගැනීම : ප්‍රවීන ජයාරූප ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතාගෙ

    hodanam bump or rep

    Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/02/4d.html#ixzz1nIcKSCzr
     
    • Like
    Reactions: Hummer and IPman