ඉධ ගහපති භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සෝ ඉති පටිසඤ්චික්ඛති.
“පින්වත් ගෘහපතිය, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්වීමෙන් ම, අකුසල දහමින් වෙන් වී, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. එතකොට ඒ භික්ෂුව මෙහෙම හිතනවා.
ඉදම්පි ඛො පඨමං ඣානං අභිසංඛතං අභිසඤ්චේතයිතං, යං ඛෝ පන කිඤ්චි අභිසංඛතං අභිසඤ්චේතයිතං තදනිච්චං නිරෝධධම්මන්ති පජානාති. සෝ තත්ථ ඨිතෝ ආසවානං ඛයං පාපුණාති.
‘මේ ප්‍රථම ධ්‍යානය වුනත්, හේතු ඵල දහම තුළින් සකස් වූ දෙයක්. විශේෂ කොට චේතනාත්මකව සකස් වූ දෙයක්. යම් කිසි දෙයක් හේතු ඵල දහම තුළින් සකස් වුනා නම්, චේතනාත්මකව සකස් වුනා නම්, එය අනිත්‍යයි. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි’ කියල නුවණින් විමසනවා. ඉතින් ඔහු ඒ ප්‍රථම ධ්‍යානයෙහි නුවණින් විමසමින් සිටිමින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමට පැමිණෙනවා.
නෝ චේ ආසවානං ඛයං පාපුණාති; තේනේව ධම්මරාගේන තාය ධම්මනන්දියා පඤ්චන්නං ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. අයම්පි ඛෝ ගහපති තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධේන ඒකධම්මෝ අක්ඛාතෝ, යත්ථ භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහරතෝ අවිමුත්තඤ්චේව චිත්තං විමුච්චති. අපරික්ඛීණා ච ආසවා පරික්ඛයං ගච්ඡන්ති. අනනුප්පත්තඤ්ච අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුණාති.
ඉදින් ආශ්‍රවයන් ගේ ක්ෂය වීමකට නො පැමිණියේ නම්, ඒ සමථ විදර්ශනාවන් තුළ ඇළුණු සිතින් යුතුව එහි සතුටු වෙමින් සිට ඕරම්භාගීය සංයෝජන පහ ක්ෂය කිරීමෙන් ඕපපාතිකව උපදිනවා. ඒ බඹලොවින් නැවත කාම ලොවට නො එන ස්වභාවයෙන් යුතුව එහිදී ම පිරිනිවන් පානවා.පින්වත් ගෘහපතිය, යම් විටක අප්‍රමාදීව, කෙලෙස් තවන වෙර ඇතිව, කාය ජීවිත දෙකෙහි අනපේක්ෂිතව වාසය කරන්නා වූ භික්ෂුවක ගේ නො මිදුණු සිත මිදෙයි ද, ක්ෂය නො වූ ආශ්‍රවයන් ක්ෂය වී යයි ද, අත් නො දුටු අනුත්තර වූ යෝගක්ඛේම නම් වූ නිවන අත්දකියි ද, ඒ සඳහා ඍජුව ම උපකාරී වන යමක් ඇද්ද, දත යුතු සියල්ල දන්නා වූ ත්, දක්නා වූ ත්, ඒ අරහත් වූ, සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මෙය ද එබඳු වූ එක ම එක දහමකි.
https://tripitaka.online/sutta/439
https://tipitaka.lk/mn-2-1-2