ප්‍රථම වරට පාසල් සිසුවෙක් විදේස් රටකදී උස
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් සිසුවෙකුට විදේස් රටකදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අද(18) අවස්ථාව හිමි විය.
එම අවස්ථාව හිමි වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්ව සිටින පිහිනුම් ශූර අකලංක පීරිස් සිසුවාටයි.
පිහිනුම් ශූරයෙකු වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සිසුවා මීටර 50 පසුපස ආර,මීටර 100 පසුපස ආර හා මීටර 50 සමනළ ආර යන තරඟ සඳහා ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අකංලක ගැටලුවකට මුහුණ පා සිටියේ සිය විභාග ප්‍රශ්න පත්‍රය යෙදී ඇති දිනයන්හීදීම ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආසියානු කී‍්‍රඩා උළෙල ද පැවැත්වීම හේතුවෙනි.
ඔහු එම ක්‍රීඩා උළෙලේ මීටර 50 සමනළ ආර ඉසව්ව සහ මීටර 100 පසුපස ආර සහය පිහිනුම් ඉසව්වට සහභාගි වීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය, ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී අකලංකට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නේය.
ඒ අනුව උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට අකලංකට අද අවස්ථාව හිමි වූ අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් සිසුවෙකුට විදේශයකදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ලද අවස්ථාව මෙයයි.
උසස් පෙළ සාමාන්‍ය ඉංගී්රසි සහ ගිනුම්කරණ ප්‍රශ්න පත්‍ර සඳහා ද අකලංක එරටදී පිලිතුරු ලිවිමට නියමිත අතර විභාග කටයුතු අධීක්ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද එක්ව සිටියි.
Adaderana

ඔය විදිහටම ඇමරිකාවේ යුරෝපේ රටවල්වලත් විභාග මධ්‍යස්ථාන හැදුවොත් අපේ අය විභාග රාජකාරි වලට යයි පැනගෙන 
hathurekutawath wenna epa 