ප්‍රථම වරට පාසල් සිසුවෙක් විදේස් රටකදී උ&#3523

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ප්‍රථම වරට පාසල් සිසුවෙක් විදේස් රටකදී උ&#3523


    මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් සිසුවෙකුට විදේස් රටකදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අද(18) අවස්ථාව හිමි විය.

    එම අවස්ථාව හිමි වූයේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලට එක්ව සිටින පිහිනුම් ශූර අකලංක පීරිස් සිසුවාටයි.

    පිහිනුම් ශූරයෙකු වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් සිසුවා මීටර 50 පසුපස ආර,මීටර 100 පසුපස ආර හා මීටර 50 සමනළ ආර යන තරඟ සඳහා ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියයි.

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අකංලක ගැටලුවකට මුහුණ පා සිටියේ සිය විභාග ප්‍රශ්න පත්‍රය යෙදී ඇති දිනයන්හීදීම ඉන්දුනීසියාවේ ජකර්තා නුවර ආසියානු කී‍්‍රඩා උළෙල ද පැවැත්වීම හේතුවෙනි.

    ඔහු එම ක්‍රීඩා උළෙලේ මීටර 50 සමනළ ආර ඉසව්ව සහ මීටර 100 පසුපස ආර සහය පිහිනුම් ඉසව්වට සහභාගි වීමට නියමිතයි.

    මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍යංශය, ඉන්දුනිසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී අකලංකට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දුන්නේය.

    ඒ අනුව උසස් පෙළ සාමාන්‍ය පොදු පරීක්ෂණ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලිවීමට අකලංකට අද අවස්ථාව හිමි වූ අතර මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් සිසුවෙකුට විදේශයකදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට ලද අවස්ථාව මෙයයි.

    උසස් පෙළ සාමාන්‍ය ඉංගී‍්‍රසි සහ ගිනුම්කරණ ප‍්‍රශ්න පත‍්‍ර සඳහා ද අකලංක එරටදී පිලිතුරු ලිවිමට නියමිත අතර විභාග කටයුතු අධීක්ෂණය සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ද එක්ව සිටියි.

    Adaderana


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අධීක්ෂණය කරන්න යන අයට මරු :P ඔය විදිහටම ඇමරිකාවේ යුරෝපේ රටවල්වලත් විභාග මධ්‍යස්ථාන හැදුවොත් අපේ අය විභාග රාජකාරි වලට යයි පැනගෙන
     
    Aug 17, 2018
    75
    5
    0
    අධීක්ෂණය කරන්න යන අයට මරු :P ඔය විදිහටම ඇමරිකාවේ යුරෝපේ රටවල්වලත් විභාග මධ්‍යස්ථාන හැදුවොත් අපේ අය විභාග රාජකාරි වලට යයි පැනගෙන
    සාන්ත පිතර් විද්‍යාලයේ හින්දා අවුලක් වෙයිද කටුස්සෝ.. :sorry::sorry::sorry:
     
    Aug 17, 2018
    75
    5
    0
    itn oka sarthaka wadak nane...
    oota oya tournemnt eka assedi pothak athin allanna welawak thiyeida itn..
    එක්සැම් එක දවසේ උදේ ගිරව් වගේ පාඩම් කරලා ලියලත් සාර්ථක නැනේ බන්. ඔය කොල්ලා පාස් උනත් නැතත් උගේ ටලෙන්ට් එක තියෙන්නේ පිහිනිමට නම් ආයේ ඌ විබාගේ පාස් වෙන්න ඕනා නැ බන්.. උගේ දක්ෂතාවයෙන් වැඩක් රටට ගන්න බලපන්.. සමහර කොල්ලෝ ඉන්නවා හොදට චිත්‍ර අදින්න පුළුවන් හැබැයි ගණන් හදන්න බැ. උන් බුරුවො නෙමෙයි.. ස්කිල් බේස්ඩ් මිනිස්සු..
     
    Aug 17, 2018
    75
    5
    0
    පීතර එකේ මොකද්ද අවුල :oo:
    කුරුසයෝ යටින් ගේම ගැහුවොත්.. ඉන්දුනීසියාවේ නිසා අවුලක් වෙන එකක් නැ.. ඉතාලියේ වගේ උනානම් අනිවා කුරුසයෝ යටින්ගේම. :sorry::sorry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    අධීක්ෂණය කරන්න යන අයට මරු :P ඔය විදිහටම ඇමරිකාවේ යුරෝපේ රටවල්වලත් විභාග මධ්‍යස්ථාන හැදුවොත් අපේ අය විභාග රාජකාරි වලට යයි පැනගෙන
    :lol::lol::lol::lol::lol::cool:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif