ප්‍රබල ඊශ්‍රායල් හමුදාව සතු සුපිරි යුධ අ&#3520

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ප්‍රබල ඊශ්‍රායල් හමුදාව සතු සුපිරි යුධ අ&#3520

    යුද ශක්තිය අතින් පෙරමුණේ සිටින රටක් ලෙස ඊශ්‍රායලය හදුන්වන්න පුළුවන්. ඉතා කෙටි කාලයකින් ශක්තිමත් හමුදා බලයක් ගොඩනගාගන්නා ඔවුන් සතුව අතිනවීන යුද්ධායුධ බොහොමයක් තිබෙනවා. අද “ලිස්ට්” තුළින් ගෙන එන්නේ ඊශ්‍රායලයේ ප්‍රබල යුද අවි පිළිබඳව කෙටි විස්තරයක්.


    Iron Dome ප්‍රති මිසයිල පද්ධතිය



    FgWAso9ft9775Knz_01.jpg


    ඊශ්‍රායල් ආරක්ෂක බලකාය සතුව පවතින සුප්‍රසිද්ධ අවිය වන්නේ අයන් ඩෝම් නම් මිසයිල පද්ධතිය යි. වසර ගණනාවක් තිස්සේ ඊශ්‍රායලයට එල්ලවන කාලතුවක්කු ප්‍රහාර, මිසයිල ප්‍රහාර, හා මෝටාර් ප්‍රහාර සාර්ථකව ව්‍යර්ථ කිරීමට මෙම පද්ධතියට හැකියාව ලැබී තිබෙනවා.

    කි.මී 4ක සිට කි.මී 70ක ප්‍රදේශයක් මේ මඟින් ආරක්ෂා වෙන අතර අනාගතයේ දී එම සීමාව කි.මී 250 දක්වා වර්ධනය කිරීමට ඊශ්‍රායල් හමුදාව විසින් තීරණය කර තිබෙනවා.

    රේඩාර් පද්ධතිය හා අයන් ඩෝම් පද්ධතිය එකිනෙකට සම්බන්ධ කර තිබෙන බැවින් සාර්ථක ප්‍රහාර එල්ල කිරීමේ සම්භාවිතාවය 87%ක් පමණ වෙනවා. වසර ගණනාවක් තිස්සේ සතුරු පාර්ශවවලින් ඊශ්‍රායලය වෙත එල්ල වෙන කුඩා ප්‍රමාණයේ රොකට් ප්‍රහාර ගුවනේ දී විනාශ කර දමන මෙම පද්ධතිය ප්‍රවාහනය කිරීම හා ක්ෂණිකව එකලස් කර ප්‍රහාර එල්ල කිරීම අතින් ඉතා කාර්යක්ෂම යි.



    ATMOS 2000 Howitzer කාල තුවක්කුව

    bDpI8JT4TwX802qV_02.jpg



    Advanced Truck Mounted howitzer System හෙවත් ATMOS යනු ඊශ්‍රායල් හමුදාව සතුව පවතින සාර්ථකම කාලතුවක්කුව යි. 2000 දී මෙය නිෂ්පාදනය කළ අතර, ඊට මි.මි. 155 උණ්ඩ යොදාගැනෙනවා. ට්‍රක් රථයක් මත කාලතුවක්කුව සවි කර ඇති අතර ක්‍රියාත්මක කරවීම සඳහා පුද්ගලයන් සිව්දෙනෙකු අවශ්‍යය වෙනවා.

    නිවැරදි ඉලක්ක වෙත වෙඩි තැබීම සඳහා පරිගණක තාක්ෂණය උපයෝගී කරගන්නා අතර කාලතුවක්කු භටයන්ගේ කාර්යක්ෂමතාවය මත වෙඩි තැබීමේ වේගය වැඩි කර ගත හැකි යි. ගුවනින් ලබාගන්නා දත්ත අනුව විනාඩියක් තුළ උණ්ඩ 4 ත් 9 ත් අතර ප්‍රමාණයක් සතුරු ඉලක්ක කරා නිවැරදිව පතිත කිරීමේ හැකියාව පවතිනවා.

    ප්‍රවාහනය කිරීම පහසුවෙන අතර සටන් ප්‍රදේශ කරා රැගෙන යාමට ඇතැම් විට C – 130 වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා යොදා ගන්නවා.


    මිනිසුන් රහිත ප්‍රහාරක බෝට්ටුව - Protector USV


    WM2NcCnq8g2E1zsa_03.jpg



    මිනිසුන් රහිත ප්‍රහාරක බෝට්ටුවක් මුලින්ම නිෂ්පාදනය කරන්නේ 2005 දී ඊශ්‍රායලය විසින්. ඔවුන් මෙය ඔත්තු බැලීමට මෙන්ම ප්‍රහාර එල්ල කිරීමට ද උචිත පරිදි සකසා තිබෙනවා.

    සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවක් භටයන්, ආහාර, හා ජලය රැගෙන යන බැවින් ඒවා ප්‍රබල යුධ ශක්තියකින් සන්නද්ධ කිරීමේ හැකියාව අඩු අතර ඒ කිසිවක් නොමැති ප්‍රොටෙක්ටර් බෝට්ටුව සාමාන්‍ය ප්‍රහාරක බෝට්ටුවක් මෙන් හතර ගුණයක කාර්යක්ෂමතාවයකින් යුක්ත යි.

    මෙවැනි සන්නද්ධ ප්‍රහාරක බෝට්ටුවක් පාලනය කිරීමට ඒ තුළ භටයන් හය දෙනෙකු පමණ සිටිය යුතු නමුත් මිනිසුන් දෙදෙනෙකු විසින් දුරස්ථ පාලක උපයෝගී කරගනිමින් ප්‍රොටෙක්ටර් බෝට්ටුව පාලනය කරනවා.

    පැයට කි.මී. 92ක වේගයෙන් ගමන් කළ හැකි අතර යොදා තිබෙන සියුම් සංවේදක මාර්ගයෙන් සතුරු ඉලක්කවලට ඉතාමත් නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකියාව පවතිනවා.



    Merkava යුධ ටැංකිය


    TicTNlUlv5x5wVkM_04.jpg



    80 දශකයේ මුල් භාගයේ දී ඊශ්‍රායලය විසින් මර්කාවා යුද ටැංකි නිෂ්පාදනය කිරීම ආරම්භ කරනවා. පසුව නිෂ්පාදනය කරන ලද මර්කාවා 3 හා 4 පරම්පරාවේ යුද්ධ ටැංකි බටහිර හා රුසියානු යුද්ධ ටැංකි අභිබවා යෑමට සමත් වෙනවා.

    මර්කාවා 4 ටැංකියට මි.මී. 120 උණ්ඩ යොදා ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතිනවා. මීට අමතරව මි.මී. 7.62 මැෂින් තුවක්කු දෙකකින්, මි.මී. 60 මෝටාර්වලින් හා දුම් බෝම්බ විදිය හැකි ග්‍රෙනේඩ්වලින් ද යුද්ධ ටැංකිය සමන්විත යි.

    සතුරු ඉලක්කවලට පහරදීමට අමතරව මෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ සතුරු යුද්ධ ටැංකි විනාශ කිරීම සඳහා යුධ ටැංකි නාශක මිසයිල නිකුත් කිරීමේ හැකියාව යි.

    Defencyclopedia හි පළවුණු “Top 10 Most Powerful Weapons of the Israeli Military” ලිපිය ඇසුරෙනි.



    උපුටා ගැනීමකි..ගත්තේ මෙතනින්