ප්‍රබල රාජපක්ෂ චරිතයක් දේශපාලනයට සමු දෙයි?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව ,දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ඉකුත් බ්‍රහස්පතින්දා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය.

    මන්ත්‍රධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකුත් නොමැති අතර, ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇත

    රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරති.

    Source: https://www.lankadeepa.lk/news/ප්‍රබල-රාජපක්ෂ-චරිතයක්-දේශපාලනයට-සමු-දෙයි-/101-614640
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,305
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමුදුන්නට පස්සේ කොමෙන්ට් කරන්නම්

    Never Gonna Happen GIF by Rock This Boat: New Kids On The Block
     
    • Like
    Reactions: Brandy2020