ප්‍රභාකරන්ගේ මස්සිනා මහවිරු දිනය සැමරූ හ
එහෙත් එම්. කේ. ශිවාජිලිංගම් මහතා අද (27)ප‍්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය දෙමල ජනතාව සිහිකිරීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ පමණක් නොව යාපනය රෝමානු කතෝලික දේවස්ථානයද විශේෂ පූජාවක් පවත්වන බවයි.
යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් සිහි කර විශේෂ අනුස්මරණ සැමරුම් උත්සවයක් අද (27) උදෑසන යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වුණා.
ඒ දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
මෙහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි.
එවැනි සැමරුම් සඳහා කිසිවෙකුගෙන් හෝ අවසරයක් ලබා ගැනීමක් අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.
එහෙත් එම්. කේ. ශිවාජිලිංගම් මහතා අද (27)ප‍්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය දෙමල ජනතාව සිහිකිරීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ පමණක් නොව යාපනය රෝමානු කතෝලික දේවස්ථානයද විශේෂ පූජාවක් පවත්වන බවයි.
එම්. කේ. ශිවාජිලිංගම් මහතා හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බවටයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙම සැමරුමට කිහිප දෙනෙකු පමණක් සහභාගී වීම විශේෂයක්.