දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා මෙන්න

Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා මෙන්න

    ඒකීය රාජ්‍ය සංකල්පය වෙනුවෙන් කිසි විටකත් පෙනී නොසිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ.සුමන්තිරන් මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ එළඹෙන ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වෙත භාර දීම සඳහා උතුරේ ක්‍රියාකාරී දේශපාලන පක්ෂ පහක් , ෆෙඩරල් පාලනයක් ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 13ක් ඇතුළත් යෝජනාවලියක් සම්මත කරගත් අවස්ථාවේදී.

    යාපනය විශ්ව විද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය ඉදිරිපත් කොට ඇති එම යෝජනාවලියේ කරුණු කිහිපයකට හෝ එකඟ වන අපේක්ෂකයාට පමණක් සහාය ලබා දීමට එහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙයි.

    එළඹෙන ජනාධිපතිවරණයට තරගවදින ප්‍රධාන අපේක්ෂකයින් වෙත භාර දීම සඳහා සකස් කෙරුණු යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත් විය.

    ඒ යාපනය විශ්වවිද්‍යාලීය මහා ශිෂ්‍ය සංගමය සහ උතුරේ ක්‍රියාකාරී ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් අතරයි.

    සාකච්ඡාවට දෙමළ මහජන පෙරමුණේ නායක,උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ,ඉලංගෙයි තමිල් අරසු කච්චි හි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා,සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්විය.

    දෙමළ දේශපාලන පක්ෂවල යෝජනා පහතින් දැක්වෙයි.

    1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කොට ස්වයං තීරණ අයිතිය ලබාගැනීම.

    2. අවසන් යුද සමයේ සිදුවූ යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම.

    3. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම.

    4. දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා කොන්දේසි විරහිතව නිදහස් කිරීම.

    5. අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම.

    6. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාවගේ පෞද්ගලික හා රජයේ ඉඩම් සියල්ල නිදහස් කිරීම.

    7. උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ සිංහල ගම්මාන වහාම ඉවත් කිරීම.

    8. මහවැලි සංවර්ධන ක්‍රියාවලිය යටතේ උතුරු - නැගෙනහිර පළාත්වල සිංහල ජනාවාසකරණය නවතා දැමීම සහ පිහිටුවා ඇති ජනාවාස ඉවත් කිරීම.

    9. මොරගහකන්ද ජල ව්‍යාපෘතිය වෙනුවෙන් වන්නි ප්‍රදේශයේ ස්ථාපිත සිංහල ජනාවාස ඉවත් කිරිම.

    10. පුරාවිද්‍යා, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති දෙමළ ජනතාවගේ නිජභූමි වහාම නිදහස් කිරිම.

    11. උතුරු - නැගෙනහිර තරුණ තරුණියන්ගේ විරැකියාව තුරන් කිරීම.

    12. උතුරු - නැගෙනහිර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේදී එම පළාත්වල තරුණ තරුණියන්ට මූලිකත්වය ලබාදීම.

    13. උතුරු - නැගෙනහිර යුද්ධයෙන් පීඩාවුණු ප්‍රදේශ ලෙස නම් කොට එම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලදී එහි මහජන නියෝජිතයන්ගේ කැමැත්ත ලබාගෙන මහජන කමිටුවක් හරහා සංවර්ධන කටයුතු සිදුකිරීම.

    යන යෝජනා 13 එම යෝජනාවලියට ඇතුළත්.

    ඊට ඉලංගෙයි තමිල් අරසුකච්චි නායක මාවේ සේනාධිරාජා, දෙමළ මහජන පෙරමුණේ නායක සී.වී. විග්නේෂ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සහ ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්වරු සහාය පළකොට අත්සන් තබා තිබේ.

    කෙසේවෙතත් දෙමළ මහජන සභාවේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා මීට සහාය පළ කර නැහැ.

    ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාව මුලා කිරීමට නොහැකි බවයි.

    ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස යන ප්‍රධාන ජනාධිපතිධුර අපේක්ෂකයන් දෙදෙනාට මෙම යෝජනාවලිය භාර දීමට නියමිත අතර සාකච්ඡාවට එක් වූ පාර්ශ්ව මාධ්‍යයට අදහස් පළ කළේය.

    සී.වී.විග්නේෂ්වරන් - නායක - දෙමළ මහජන පෙරමුණ

    “මඟුල් ගෙදර ඉඳලා මනමාලියි මනමාලයයි එනවා වගේනේ බලාගෙන ඉන්නේ. මොනවද අහන්න තියෙන්නෙ. ඔක්කොමලා අත්සන් කරලා තියෙන්නේ. මම අත්සන් තැබුවා. මාවෙයි තැබුවා. සෙල්වම් අත්සන් තියන ගමන් ඉන්නෙ. බොහෝ විට ඔක්කොමලා අත්සන් කරයි.ගජේන්ද්‍ර ගැන මම දන්නෑ. එයා ඉන්නවා. ඒත් දන්නෑ. එයත් තියයි කියලා විශ්වාස කරනවා.“


    එම්.ඒ.සුමන්තිරන් - පා.ම - දෙමළ ජාතික සන්ධානය

    “අපිට ඒකට සාකච්ඡාවෙන් පසු තීරණයකට එන්න පුළුවන්. දැන්මම තීරණය කරන්න බැහැ. ඒත් එක තීරණයකට ඇවිත් තියෙනවා. ඊට පස්සෙ එන සාකච්ඡා තීරණ පක්ෂ පහම එකතුවෙලා තමයි ගන්න ඕන කියලා. ඉල්ලීමේ පැහැදිලිවම කියලා තියෙනවා අපි ඒකීය රජය ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒකේ කිසිම අපහැදිලිබවක් නැහැ. ඒකීය රජයට අපි එකඟ වෙන්නෙ නෑ කියලා අපි පැහැදිලිවම කියලා තියෙනවා. “

    src http://sinhala.adaderana.lk/news.php?nid=121568
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Officially Kotinta Uthuru Nagenahira bara dunna wagene yako meka. Un ekathu wela illeem dinagannawa. Ape un pil bedila maragannawa. :sorry:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya kondesi English walin bara dunnoth ape anura kumara nam kiyatawath pili ganne na:D:D:yes::yes:;);):D:D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගුරු කන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවි කර තිබූ CCTV කැමරා සියල්ල ඊයේ රාත්‍රියේ මුලතිව් පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ කඩා බිඳ දමා ඇත.උතුරේ පන්සල් විනාශ කිරිම රාජ්‍ය අනුග්‍රහය ඇතුව

    oUOE0jg.jpg


    aicFQz0.jpg


    n1O3tgT.jpg



    පොන්න පොලිස් බම්ප්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකයි මචන් සුළු ජාතිකයෝ දුර්වල නායකයෝ හොයන්නේ. එතකොට උන්ට ලේසි වෑඩේ දෙන්න. මේ ප්‍රශ්න මෙච්චර දුර දිග යන්නේ නෑ ආර් ප්‍රේමදාස 12.5 % තිබිච්ච එක 5% වලට ගෙනාවේ නෑත්නම්. යම් ආසනයක් නීයෝජනය කරමින් පාර්ලිමේන්තුවට එන්න නම් 12.5% ගන්න ඕනේ කියලා තිබ්බ නීතිය අශ් රොෆ් කාරයාගේ ඉල්ලීමට ප්‍රේමදාස තමා 5% වලට අඩු කලේ.
     

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ගුරු කන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවි කර තිබූ CCTV කැමරා සියල්ල ඊයේ රාත්‍රියේ මුලතිව් පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ කඩා බිඳ දමා ඇත.උතුරේ පන්සල් විනාශ කිරිම රාජ්‍ය අනුග්‍රහය ඇතුව

    oUOE0jg.jpg


    aicFQz0.jpg


    n1O3tgT.jpg



    පොන්න පොලිස් බම්ප්

    පොන්න පොලිස් බම්ප්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    ගුරු කන්ද රජමහා විහාරස්ථානයේ ආරක්ෂාවට සවි කර තිබූ CCTV කැමරා සියල්ල ඊයේ රාත්‍රියේ මුලතිව් පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ කඩා බිඳ දමා ඇත.උතුරේ පන්සල් විනාශ කිරිම රාජ්‍ය අනුග්‍රහය ඇතුව



    පොන්න පොලිස් බම්ප්


    ඇයි මේ පොලිසියේ සල්ලි වලින්ද හයි කරලා තියෙන්නේ උන්ට ඕන වෙලාවට කඩන්න?

    පොන්න පොලිස් බම්ප්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ


    මහේෂ් සේනානායක පොන්සියා හමුදාපති උනාට පස්සේ කිව්වලු උතුරු නැගෙනහිර පන්සල් වලට හමුදාවෙන් දාන දෙන එක නවත්තන්න කියලා :angry::angry::angry::angry:






     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    මහේෂ් සේනානායක පොන්සියා හමුදාපති උනාට පස්සේ කිව්වලු උතුරු නැගෙනහිර පන්සල් වලට හමුදාවෙන් දාන දෙන එක නවත්තන්න කියලා :angry::angry::angry::angry:







    දණ්ඩි බම්ප්
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක


    මහේෂ් සේනානායක පොන්සියා හමුදාපති උනාට පස්සේ කිව්වලු උතුරු නැගෙනහිර පන්සල් වලට හමුදාවෙන් දාන දෙන එක නවත්තන්න කියලා :angry::angry::angry::angry:








    bump.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහා ලොකු සිංහල බෞද්ද ටෝක් දෙන ප්‍රොෆයිල් වලට මේවා පෙන්නේ නැහැ බම්ප් එකක් වත් දාන්නේ කොහොමද සජිත් හාමු ගේ එක චන්දයක් හරි නැතිවුනෝත්