ජාතිවාදය, ක්‍රෝධය, වෛරය වපුරන්න ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන් ශිවාජිලිංගම් වැනි නායකයෝ උතුරේ වෛරය, ක්‍රෝධය වැඩිකරන දේ සිදුකරනවා. පෑරුණු තුවාල තව තව පාරනවා. ඒ වගේ තත්ත්වයන් හරි භයානකයි. මීට පෙර මියගිය ත්‍රස්තවාදීන් වෙනුවෙන් හරියට පහනක් වත් පත්තු නොකළ අය දැන් එළිපිටම පහන් පත්තු කරනවා. තොරන් ගහනවා. ප්‍රභාකරන්ගේ ලොකු කටවුට් ගහනවා. මේවා තමයි මුල. මෙය දැන්ම හරියට පාලනය නොකළොත් නැවතත් ප්‍රභාකරන් කෙනෙක් ඉපදෙන්න පුළුවන්.