ප්‍රභාකරන්_ශ්‍රේෂ්ඨයි!
සංවාදයට විවෘත්තයි
ප්රභාකරන් ද්‍රෝහියෙකු නොවේ. ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්. ද්‍රෝහියා මහින්දයි – වික‍්‍රමබාහු
වේලුපිල්ලේ ප්‍රභාකරන් ද්‍රෝහියකු නොවන බවත් වසර 3000 ක් ගියත් ඔහුගේ නම ඉතිහාසයෙන් මකා දැමීමට නොහැකි යැයිද නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමභාහු කරුණාරත්න මහතා පවසයි.
දැනට දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරයකු වන වික්‍රමභාහු කරුණාරත්න මහතා මේ අදහස් පල කර තිබෙන්නේ යාපනයේ පලවන උදයන් පුවත්පත සමග සාකච්ඡාවකට එක් වෙමිනි.
තවදුරටත් අදහස් පල කරන කරුණාරත්න මහතා” මහින්ද රාජපක්ෂ සමහ සංසන්දනය කරන විට ප්‍රභාකරන් මේ රටට මහින්දට වඩා ආදරය කරා.ඔහු සටන් කලේ තමන්ගේ නිජ බිමේ අයිතිය වෙනුවෙන්.අවසානයේ ඒ වෙනුවෙන් ඔහු තම පවුල පිටින්ම ජීවිතය පරිත්‍යාග කලා. ප්‍රභාකරන් හැමවෙලේම තම මව්බිමට ගරු කළා. ඔහු තමන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කලා. ප්‍රභාකරන් ද්‍රෝහියකු නොවෙයි. . ඔහුගේ නම වසර 3000 ක් ගියත් සිහිපත් කෙරෙනවා. ඉතිහාසයෙත් ඔහුගේ නම මකා දාන්න බැහැ. අප ඔහුගේ ප්‍රතිපත්තිවලට එකඟ නොවුවත් ඔහු ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක්” යැයිද පවසා ඇත.
තවදුරටත් අදහස් දක්වා ඇති ඔහු දකුණේ ජනයා තම දේශප්‍රේමය පෙන්වීමට දකුණේ උද්ඝෝෂණවලට සහභාගි වීමද කල යුතු නැතැයිද ප්‍රකාශ කර ඇත.
source:lankacnews
---------------------------------------------------------------------------------------------------------------------------------------
ලිපිය වෙනුවෙන දාල තිබුණු comment එකකුත් බෙදාහදාගන්න හිතුව
---------------------------------------------------------------------------------------------------------------------------------------
ලිපිය වෙනුවෙන දාල තිබුණු comment එකකුත් බෙදාහදාගන්න හිතුව
හැමෝම කියන දේවල් නොකියා, ටිකක් වෙනස් දෙයක් කියූ නිසා පොඩි අමුත්තක් දැනේ..විවාදයට බඳුන් වන වචන භාවිතා කොට ඇති නිසා, කියවූ වැඩි දෙනා කැලඹී ඇති බවත් පෙනේ..
මොහුගේ වචනවල, බැලූ බැල්මට තර්කානුකූලබවක් තිබේ… එහෙත් තර්කය සැම විටමයතාර්ථය හෝ සාධාරනත්වයද නොවේ….. ගැටලුව ඇත්තේ එතැනය.
පොදුවේ ගත්කල, කෙනෙකු තම නිජ භූමිය වෙනුවෙන් සටන් කිරීමේ දොසක් නැත….. නමුත්ගැටලුව වන්නේ කෙනෙකු….ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ග තුල අන් අය පීඩාවට පත් වන්නේදයන්නය….. ප්‍රභාකරන් ගත් ක්‍රියා මාර්ග… ලෝක සම්මත මිනුම් දඬු වලට හසු නොවේ.
ඔහු ලෝකය තුල හුදෙකලා වුයේ එබැවිනි….අදටත් කිසිදු රටක් ඔහුගත් ක්‍රියා මාර්ග නිල වශයෙන්අනුමත කොට නැත….. තවද, ප්‍රභාකරන් යනු අතකොලුවකි….. අත වෙනත් දෙයකි..
ඔහු කරලියේ රඟපෑ නළුවා විය….. අධ්‍යක්ෂකවරු තිරය පිටුපස සිටියහ….
අදටත් ඔවුහු අධ්‍යක්ෂණයෙහි යෙදෙමින් සිටිති….නළුවා නැති වුවද රූකඩ කරලියට පැමිණ ඇත.
වික්‍රමබාහු සමග මට පුද්ගලික අමනාපයක් නැත…… එහෙත් ඔහුකල මෙම ප්‍රකාශය වන…
” අප ඔහුගේ ප්‍රතිපත්ති වලට එකඟ නොවූවත් ඔහු ශ්‍රේෂ්ඨ විමුක්ති නායකයෙක් ” යන්න
විග්‍රහ කල හැක්කේ “ඒක හරීම ගඳයි ඒත් හරී රහයි ” ලෙසය……….
සංවාදයට විවෘත්තයි
Last edited:







