~~@ ප්‍රයිවට් කැම්පස් ( private campus) සහ මම @~~
Anonymous
July 15, 2011 4:32 AM
යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම්
මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..
"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"
දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා
මෙම කමෙන්ට් එක පලකල පුවත සඳහා
මෙතන ඔබන්න
උඩින් තියන කමෙන්ට් එක හුග දෙනෙක් මේ වෙනකොට අනිවාරෙන් දැකලා ඇති , මේ කමෙන්ට් එක මම ගොසිප් ලංකා සයිට් එකට 2011 ජුලි මාසේ 15 වෙනිදා අලුයම 4.22 ට දාපු කමෙන්ට් එකක් . මේකේ ඇත්තම අයිතිකාරයා මම කිව්වොත් මාව දන්න එලකිරි සයිට් ගොඩක් අය පුදුම වෙයි. මොකද මම මේ වෙනතුරු එලකිරි එකේ කාටවත් කියලා නැහැ මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්න කෙනෙක් කියලා . අනික මම කවදාවත් බරපතල දේවල් ෆොරම් එකේ කොතනකවත් කතා කරපු කෙනෙක් නෙවෙයි . මම කවදත් එලකිරි සයිට් එකට ආවේ ෆෝරම් වල රණ්ඩු වෙන්න නෙවෙයි. විහිලුවක් දෙකක් කරලා , වැදගත් දෙයක් තියනවනම් බලලා , කාත් එක්ක හරි චැට් කරලා මනස සැහැල්ලු කරන් යන්න. ඒත් මගේ කමෙනෙට් එක නිසා ලොකු ලොකු මත වාද බිහිවෙලා ප්‍රශ්න ඇති වෙන ස්වරූපයක් ඇති වෙලා තියන නිසා මට ආපහු මගේ මතය පැහැදිලිව කිවිය යුතුයි කියලා මං හිතනවා. මම මෙච්චර කල් මගේ කමෙන්ට් එක ගැන මූණු පොතේ , බ්ලොග් වල ඒ වගේම , එළකිරි ඇතුළු ෆෝරම් සයිට් වල කතා බහ උනාට මම ඒ ගැන වචනයක් වත් කතා කරේ නැහැ . ඒත් දැන් ප්රශ්නය පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ ගැටලුව උග්‍රම අතට හැරිලා නිසා තවදුරටත් මට නිහඬව ඉන්න බැහැ .
පහල ලින්ක් එකෙන් ගියොත් කට්ටිය පිස්සු හැදැයි මේක ගැන කතා කරලා තියන සයිට් ගොඩ දැක්කම....
මෙතන ඔබන්න..
තව දෙයක් කියන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන මම කතා කරන්නේ හිතේ දුකින් මොකද මේ ප්‍රශ්නෙදි කාට රිදුනත් මේ හැම දෙයක්ම දැනෙන්නේ , රිදෙන්නේ මගේ වයස් මට්ටමේම ඉන්න ලංකාවේ මගේම සහෝදර සහෝදරියන්ටමයි. අනිත් දේ තමයි මම කිසිඳු දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් නෙවෙයි ( ගියපාර චන්දෙ දැම්මෙත් නැහැ
) . මගේ එක ඉල්ලීමක් තියනවා මේක කියවන අය මුල ඉදන් අගට යනකන්ම කියවලා කියන දෙයක් කියන්න කියලා.
මුලින්ම මම කියන්න ඕනේ මේ මගේ මතයද නැත්නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටින ශිෂ්‍යන්ගේ මතයද කියන්න මම හරියට දන්නෙත් නැහැ. හැබැයි මට දැනෙන හැගෙන විදිහට මේක බහුතරයකගේ මතය වෙයි කියලා මං හිතනවා . උඩින් කමෙන්ට් එකේ තියන දේවල් ගැන ආපහු කතා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එකේදී මම කියන්න ඕනේ දේවල් පැහැදිලිව බහුතරයක් අපේ වයසේ ඕනේම කෙනෙකුට දැනෙන තේරෙන භාෂාවෙන් මම පැහැදිලිව කියලා තියනවා . ඒ වගේ ටිකක් දරුණුවට සහ මගේ මුළු හිතින්ම කමෙන්ට් එක දැම්මේ සල්ලි දීලා උපාදි ගන්නවා කියලා කලින් කියපු කමෙන්ට් එකක් පිලිබඳව මට දැනුණු පිළිකුල් සහගත කලකිරීම නිසා. කාගේ හෝ සිත රිදුනා නම් මට සමාවෙන්න.
දැන් අපි කතා කරමු .
පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යද ?
මගේ මතය ඔව් . ඒ අවශ්‍ය ඇයි කියලා මම මට දැනෙන විදිහට කියන්නම්. මම දැන් කෙලින්ම කතා කරන්නේ ඔබට , පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති ඔබට . කවදා හෝ ඔබට ලැබෙන නැති නම් දැන් සිටින ඔබේ දරුවා උසස් පෙළ විභාගයට තෙවරක්ම පෙනී සිටිනවා , අපි සිතමු ඔහුට හෝ ඇයට ගන්න පුළුවන් උනේ s 3 ක් පමණයි කියා . ( s තුනක් පිළිබඳව මා කතා කරන්නේ දැනට සාමාන්‍ය මට්ටමේ උපාදියක් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේ අවම සුදුසුකම මෙය නිසා බැවිනි ) ඔහුගේ හෝ අයගේ තිබෙන අසනීපයක් හෝ වෙනයම් භාහිර ගැටළුවක් නිසා මෙලෙස ප්‍රතිපල අඩු උන බවත් ඔබ දන්නවා කියා සිතන්න . ඔබ කැමතියි තවදුරටත් ඇයට හෝ ඔහුට උගන්වන්න , ඇය හෝ ඔහුත් කැමතියි තවදුරටත් ඉගෙන ගන්න. ඔබ ලොකු වත්කමකුත් තියන කෙනෙක් කියා සිතන්න , ලොකු වත්කමක් නැතත් දරුවකු තමාටත් වඩා ඉහලට යනවාට දිරිදෙන සැබෑ පියෙකු හෝ මවක් නම් ඔබට හැකි නම් ඔබේ දෙයක් විකුණා හෝ උගස් තබා හෝ කොහෙන්හෝ ණය මුදලක් හෝ ගෙන දරුවාව පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමු කරනවාද නැත්ද ? ඔබේම හිතින් ඔබ අහලා බලන්න . ඔබට අමුතු දෙගිඩියාවක් දැනෙනවා ඇති. එහෙම වෙන එක සාදාරණයි. ළමයින් ගැන සිතා ඒ ගැන තම හිතින්ම ඇසීමෙන් එතරම් නොදැනේ නම් ළමුන් වෙනුවට තමන්ට එම සිදුවීම ආදේශ කර දකින්න . මෙය මාගේ මතය පමණි ඔබට වෙනස් මතයක් දැනේ නම් මා සමග අමනාප නොවන්න .
එතකොට එතරම් වත්කමක් නැති ළමයි ? කියන ගැටලුව අනිවාරෙන් ඔබට මෙන් මටත් දැනේ තව පහලින් ඒ ගැන අපි කතා කරමු .
ඔය කියන තරම් ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කර යුතුද ?
මගේ මතය නැහැ , මොකද මම නම් දකින්නේ නැහැ අලුතින් විශාල ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරිම , ඇති කිරීම . ප්‍රයෝගික වෙයි කියලා . හේතුව ඉහල මට්ටමේ සිටින විශ්ව විද්‍යාල වලට අනුබද්ධ විශ්ව විද්‍යාල සැදුවත් ඒවාට ඇතුලත් වීමට තරම් වත්කම් සහිත විශාල ශිෂ්‍ය පිරිසක් ලංකාවේ සිටිනවා කියා මා සිතන්නේ නැහැ .කොතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරද ඉගෙනිමට පිටරට යන පිරිස එතරම් වෙනසක් නොවනු යන්න මාගේ මතයයි .මාගේ අදහස නම් අලුතින් ආරම්භ කරනවා නම් එම ගණන උපරිම එකක් හෝ දෙකක් විය යුතු අතර , කල යුතු හොඳම දේ වන්නේ දැනට පවතින උපාදි ලබා දෙන ආයතන රජයට සම අයිතිය තිබෙන සේ පවරාගෙන හෝ නොමැතිව හෝ රජයේ පුර්ණ අදීක්ෂණය යටතේ ඒවාගෙන් විවිධ අංශ සඳහාවූ උපාධි ප්‍රමාණය වැඩි වනසේ දියුණු කර යුතුයි යන්නයි. මෙය හුදෙක් මාගේ මතය පමණි.
උසස් අධ්‍යාපන ඇමතිතුමා ( රජය ) මේ ප්‍රශ්නේ ගැන දකින විදිහ හරිද ?
මෙහිදී නම් ඔබ මගේ මතය කලින්ම දන්නවා යයි මම දනිමි . කුඩා කල ඔහු මට වීරයෙකි ( දැනටත් මා වැරදි සමහරක් ඇති මුත් වීරයන් ලෙස සලකන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සිටි ) , උසස් අධ්‍යාපන අමාත්‍යංශ අතට ඔහුට ලැබෙන තුරුම එය එසේ පැවතුනි . ඔහු සිර ගතව සිටින කාලෙත් ඔහු ගැන ඇත්තටම මට කනගාටුවක් තිබිණි . මම මේ කියන දේවල් දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන් ඉදිරියට සමහර විට මා හට බරපතල ප්‍රශ්න ගෙන දෙන්නක් උවද විය හැක. මම කිසිදු පක්ෂයක් නියෝජනය නොකරන බව යලිත් කියමි . ඒත් මගේ මතය කිව යුතුමය යන්න මගේ අදහසයි . කට කෑවත් මම එය කියමි . උසස් අධ්‍යාපන ඇමති යනු සුවහසක් රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපන හදාරන සිසු දරුවන්ගේ පියාණන්ය . ඒක ආයේ දෙකක් නැත . උපාදිය ලබා ගෙන විශ්ව විද්‍යාල වලින් පිටවන තුරු ඔහු අපව අනිවාරෙන් රැක බලා ගත යුතුමය. නමුත් සමහර අවස්ථා වලදී ඔහු හැසිරෙන්නේ අපගේ කුඩප්පච්චිගේ භුමිකාවටත් වඩා දරුණු අන්දමින් බව මට දැනේ. මා දන්නා තරමින් ඔහුට හූ කියූ පේරාදෙණියේ සිසුන් තවමත් සිටින්නේ සිරගතවය . පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවකු වූ පලියට අපිට මේවා නොදැනෙනවා නොතේරෙනවා නොවේය. මම කමෙන්ටුවෙනුත් කියුවා සේම ඔවුන් අප සමග පාසල් කාලයේ එක බත් පත බෙදා ගෙන කෑ අපගේ මිතුරු සොයුරන්මය. දැන් දෙතැනක සිටියත් එය එසේමය. එය අපටත් හොදින් දැනේ. අපටත් මේවා දැනෙන තේරෙන බව ගොඩක් අය සිතන්නේ නැත, මා දන්නා තරමින් බහුතරයක් රජයේ විශ්ව විද්‍යාල සිසුන් අප සමග අමනාපයකින් පසුවන බව පෙනේ. අපි සැවොම ධනවාදී කෝටිපතියන් නොවෙමු . අපත් ඔබලා සේම අන් අයගේ දුක් කරදර දන්නා පිරිසකි.
මෙසේ ඒ සොයුරන්ව තවම නිදහස් නොකරන්නේ මන්දැයි මම නොදනිමි , නවක වදය ගැන මම කතා නොකරමි . නමුත් ඊට පරිබාහිර සුළු වැරදි වලට සිසුන්ගෙන් පලි ගැනීමක් ස්වරුපයෙන් කටයුතු කිරීම මම හෙලා දකිමි , ඔහු උසස් අධ්‍යාපන හදාරන අපගේ පියාණන්ය . පියවරු දරුවන්ගේ වැරදි වලට දඬුවම් කරති නමුත් පලි ගැනීමක් ස්වරුපය පිටතටත් දිස් වෙන ස්වරුපයෙන් දඬුවම් කිරීම උචිත නොවන බව මා සිතමි. ඔහු හදන්නේ දඩුවම්දීමෙන් හෝ සිර ගත කිරීමෙන් කිසිසේත් මෙල්ල නොවන අවේගකාරී හැඟීම් වලින් යුත් තරුණ සිසුන් ඒවා මගින් මෙල්ල කිරීමටය. ඔහුත් ඔහුගේ තරුණ කාලය අමතක කර කටයුතු කරනවා යන්න මට සිතේ , ඔහුත් මා දන්නා තරමින් සමහර සිසුන් මෙන් විශ්ව විද්‍යාලයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්බකර අයෙකි. එබැවින් ඔහු හොඳින්ම තරුණයන්ගේ අවේගකාරී හැඟීම් පිලිබඳ දන්නා බව මා සිතමි . කියනවා නම් තවත් දේවල් එමටය . උසස් අධ්‍යාපන ඇමති තුමනි , උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියාණනි ඉහත කමෙන්ටුවෙන් ඔබට සිත් තැවුලක් හෝ මා පිලිබඳ අමනාපයක් ඇති වුවා දැයි මම නොදනිමි , එසේ වුවා නම් මට සිය දහස් වාරයක් දෙපා වැඳ හෝ සමාව ඉල්ලමි. නැති නම් ඔබ දෙන දඬුවමකට හෝ මම යටත් වෙමි . නමුත් ඔබගෙන් මම එක දෙයක් ඉල්ලමි ඔබ උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියානන්මය කරුණාකර දරදඬු හෝ නොහික්මුණු හෝ අවේගකාරී ඔබේ දරුවන්ට පලිගැනුමක් ස්වරුපයේ දඬුවම් නොදෙන්න එවිට වන්නේ තවත් ඔවුන් ඉදිරියටත් දරදඬු වීම පමණි . උද්ගෝෂණ වලට පහර දීමට ඉඩ නොදෙන්න , සැමදේම සාකච්චා මාර්ගයෙන් විසදීමට උත්සහා කරන්න . රජයේ විශ්ව විද්‍යාල සොයුරන්ගෙන් ගෙනුත් මට කිරීමට ඉල්ලීමක් ඇත . උද්ගෝෂණ වල අවේගකාරී හැඟීම් වලින් හැසිරී ගැටළු උග්‍ර කර ගැනීමෙන් වැළකීමට හැකි පමණ උත්සහා ගන්න .මගේ පාසල් මිතුරන්ද උද්ගෝෂණ වලදී ගුටි කනවා මා සියැසින්ම රූපවාහිනියෙන් දැක ඇත . ඔවුන් සමහරුන්ගේ තුවාල කැළැල්ද මම දැක ඇත්තෙමි . මා කමෙන්ටුවෙනුත් කියූ ලෙස පොඩි එහා මෙහා වීමකින් මම පහර කන විට මගේ මිතුරෙකු එය රූපවාහිනියෙන් දකින්නට තිබුණි . ඔබලා උද්ගෝෂණ වලදී පහර දීම වලට ලක්වුනු විට අපටත් හිතට දුකය . ඔබලාගේ ගැටළු ලෙහෙසියෙන් විසදා ගැනීමට නොහැකි බවද අපත් දනිමු , නමුත් ආවේගයෙන් තොරව ඉවසීමෙන් කටයුතු කරන්න .
එතරම් වත්කමක් නැති සිසුන් සඳහා රජය කල යුත්තේ කුමක්ද ?
මෙය ලෙහෙසියෙන් කතා කර නොහැකි මාතෘකාවක් බව මා දනිමි මම උපරිම කෙටියෙන් මේ ගැන කතා කරමි . ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ වරම උපරිමයෙන් ලැබිය යුතුය ආයේ එහි කතා දෙකක් නොමැත. මේ සඳහා ගතයුතු සියලුම ක්‍රියාවන් රජය සතුය . මාගේ මතය රජය කෙසේ හෝ පනත සම්මත කරනවා නම් අනිවාරෙන්ම ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු අනිකුත් සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලැබෙන බදු මුදල් සියල්ලක්ම නැතත් 90% ප්‍රතිශතයක් වත් අනිවාරෙන් ඔවුන් සඳහා වැය කල යුතුමය. රජයේ විශ්ව විද්‍යාල වලට සියලුම පහසුකම් සැපයිය යුතුය . එකී මෙකි නොකී සියලුම පහසුකම් සැපිරිය යුතුමය .
රජයේ කාර්යභාරය පිලිබඳ මගේ මතය ?
ඉහත මා දැක්වූ කරුණුද ඇතුලත්ව තව රජය විසින් ගත යුතු පියවරක් වන්නේ දේශකයන් සහ කථිකාචාර්ය වරුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී ගෙවන වැටුප ඔවුන් තීරණය කරයුතුය . එය කලයුතු වන්නේ වැඩි වැටුපක් දී පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් දක්ෂ අචාර්යවරු ඔවුන්ට පමණක් පවරා ගැනීමෙන් වැලැක්වීමටය , එසේ කර ඔවුන් රජයේ විශ්ව විද්‍යාල වල ඔවුන් සඳහා ලබා දෙනු ලබන වැටුප , පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලැබෙන වැටුපට වඩා ආකර්ශනිය ලෙස ඉහල මට්ටමක පවත්වා ගන්නේ නම් ඔවුන් රජයේ විශ්ව විද්‍යාල කෙලෙසකවත් ඇත හැර නොයනු ඇත . තවද සිසුන්ට ඔවුන්ව මර්දනය කරනවා කියන මතය බැහැර වන්නට බොහෝ දේ කර යුතුය . එය රජයට පැවරෙන වගකීමකි . නමුදු මේවා කට වචනයෙන් කරනවා යැයි කීමෙන් පමණක් ඉටු නොවන බව මගේ මතයයි. මේවා සහ තවත් බොහෝ වැදගත් කරුණුද අර පනතටම එක් කර සම්මත කර යුතුය නැති නම් ශේෂ්ටාධිකරණ තීන්දුවක් මගින් පනත ගෙන ඒමට පෙර සම්මත කර යුතුය .
තවත් මත රාශියක් ඇත . දැන් බාහිර වැඩ කටයුත්තක් නිසා පැය 27 ක් එක දිගට නොනිදා සිටි නිසා මට තව දුරටත් ටයිප් කිරීමට අපහසු බැවින් සහ කිවිය යුතු කරුණු නිදිමතේ අපහසුවෙන් සිට ඉදිරිපත් කරන විට අමතකවී බැවින්තව ඉදිරියට මේ පිලිබඳ තර්ක ඉදිරිපත් කරන අයට ඒ සඳහා රිප්ලයි එකක් ලෙස හෝ මම එම කරුණු පසුවට කීමට බලාපොරොත්තු වෙමි .
මේ සියලුම කරුණු හුදෙක් මාගේ මතයන් පමණි
. බනින අයට බැනිය හැක. මාගේ මතයන් නිසා තව ඉදිරියට කුමකින් කුමක් වේවි දැයි මම නොදනිමි , මේ ගැටලුව පිලිබඳ කතා කලේ මා හට ඇති වූ සිතේ අමාරුවටමය
. මේ ප්‍රශ්නෙන් මොනවා උනත් පෙර මෙන්ම මා එලකිරියේ බහුතරයකගේ ෂෝයි අලි පැටියා
මය. මේ ප්‍රශ්නෙන් පසුව යලි කෙදිනකවත් පෙර මෙන්ම ෆෝරමය තුල ප්රශ්නකාරි දේවල් මම කතා නොකරමි . මේ ත්‍රේඩ් එක අන්තිම සහ පලවෙනි එකය. බනින උන් බැනපල්ලා ... 
Anonymous
July 15, 2011 4:32 AM
යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම්
මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..
"උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"
දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා

මෙම කමෙන්ට් එක පලකල පුවත සඳහා
මෙතන ඔබන්න
උඩින් තියන කමෙන්ට් එක හුග දෙනෙක් මේ වෙනකොට අනිවාරෙන් දැකලා ඇති , මේ කමෙන්ට් එක මම ගොසිප් ලංකා සයිට් එකට 2011 ජුලි මාසේ 15 වෙනිදා අලුයම 4.22 ට දාපු කමෙන්ට් එකක් . මේකේ ඇත්තම අයිතිකාරයා මම කිව්වොත් මාව දන්න එලකිරි සයිට් ගොඩක් අය පුදුම වෙයි. මොකද මම මේ වෙනතුරු එලකිරි එකේ කාටවත් කියලා නැහැ මම ප්‍රයිවට් කැම්පස් එකක ඉගෙන ගන්න කෙනෙක් කියලා . අනික මම කවදාවත් බරපතල දේවල් ෆොරම් එකේ කොතනකවත් කතා කරපු කෙනෙක් නෙවෙයි . මම කවදත් එලකිරි සයිට් එකට ආවේ ෆෝරම් වල රණ්ඩු වෙන්න නෙවෙයි. විහිලුවක් දෙකක් කරලා , වැදගත් දෙයක් තියනවනම් බලලා , කාත් එක්ක හරි චැට් කරලා මනස සැහැල්ලු කරන් යන්න. ඒත් මගේ කමෙනෙට් එක නිසා ලොකු ලොකු මත වාද බිහිවෙලා ප්‍රශ්න ඇති වෙන ස්වරූපයක් ඇති වෙලා තියන නිසා මට ආපහු මගේ මතය පැහැදිලිව කිවිය යුතුයි කියලා මං හිතනවා. මම මෙච්චර කල් මගේ කමෙන්ට් එක ගැන මූණු පොතේ , බ්ලොග් වල ඒ වගේම , එළකිරි ඇතුළු ෆෝරම් සයිට් වල කතා බහ උනාට මම ඒ ගැන වචනයක් වත් කතා කරේ නැහැ . ඒත් දැන් ප්රශ්නය පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ ගැටලුව උග්‍රම අතට හැරිලා නිසා තවදුරටත් මට නිහඬව ඉන්න බැහැ .
පහල ලින්ක් එකෙන් ගියොත් කට්ටිය පිස්සු හැදැයි මේක ගැන කතා කරලා තියන සයිට් ගොඩ දැක්කම....
මෙතන ඔබන්න..
තව දෙයක් කියන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන මම කතා කරන්නේ හිතේ දුකින් මොකද මේ ප්‍රශ්නෙදි කාට රිදුනත් මේ හැම දෙයක්ම දැනෙන්නේ , රිදෙන්නේ මගේ වයස් මට්ටමේම ඉන්න ලංකාවේ මගේම සහෝදර සහෝදරියන්ටමයි. අනිත් දේ තමයි මම කිසිඳු දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් නෙවෙයි ( ගියපාර චන්දෙ දැම්මෙත් නැහැ
) . මගේ එක ඉල්ලීමක් තියනවා මේක කියවන අය මුල ඉදන් අගට යනකන්ම කියවලා කියන දෙයක් කියන්න කියලා.මුලින්ම මම කියන්න ඕනේ මේ මගේ මතයද නැත්නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටින ශිෂ්‍යන්ගේ මතයද කියන්න මම හරියට දන්නෙත් නැහැ. හැබැයි මට දැනෙන හැගෙන විදිහට මේක බහුතරයකගේ මතය වෙයි කියලා මං හිතනවා . උඩින් කමෙන්ට් එකේ තියන දේවල් ගැන ආපහු කතා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එකේදී මම කියන්න ඕනේ දේවල් පැහැදිලිව බහුතරයක් අපේ වයසේ ඕනේම කෙනෙකුට දැනෙන තේරෙන භාෂාවෙන් මම පැහැදිලිව කියලා තියනවා . ඒ වගේ ටිකක් දරුණුවට සහ මගේ මුළු හිතින්ම කමෙන්ට් එක දැම්මේ සල්ලි දීලා උපාදි ගන්නවා කියලා කලින් කියපු කමෙන්ට් එකක් පිලිබඳව මට දැනුණු පිළිකුල් සහගත කලකිරීම නිසා. කාගේ හෝ සිත රිදුනා නම් මට සමාවෙන්න.
දැන් අපි කතා කරමු .
පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යද ?
මගේ මතය ඔව් . ඒ අවශ්‍ය ඇයි කියලා මම මට දැනෙන විදිහට කියන්නම්. මම දැන් කෙලින්ම කතා කරන්නේ ඔබට , පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති ඔබට . කවදා හෝ ඔබට ලැබෙන නැති නම් දැන් සිටින ඔබේ දරුවා උසස් පෙළ විභාගයට තෙවරක්ම පෙනී සිටිනවා , අපි සිතමු ඔහුට හෝ ඇයට ගන්න පුළුවන් උනේ s 3 ක් පමණයි කියා . ( s තුනක් පිළිබඳව මා කතා කරන්නේ දැනට සාමාන්‍ය මට්ටමේ උපාදියක් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේ අවම සුදුසුකම මෙය නිසා බැවිනි ) ඔහුගේ හෝ අයගේ තිබෙන අසනීපයක් හෝ වෙනයම් භාහිර ගැටළුවක් නිසා මෙලෙස ප්‍රතිපල අඩු උන බවත් ඔබ දන්නවා කියා සිතන්න . ඔබ කැමතියි තවදුරටත් ඇයට හෝ ඔහුට උගන්වන්න , ඇය හෝ ඔහුත් කැමතියි තවදුරටත් ඉගෙන ගන්න. ඔබ ලොකු වත්කමකුත් තියන කෙනෙක් කියා සිතන්න , ලොකු වත්කමක් නැතත් දරුවකු තමාටත් වඩා ඉහලට යනවාට දිරිදෙන සැබෑ පියෙකු හෝ මවක් නම් ඔබට හැකි නම් ඔබේ දෙයක් විකුණා හෝ උගස් තබා හෝ කොහෙන්හෝ ණය මුදලක් හෝ ගෙන දරුවාව පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමු කරනවාද නැත්ද ? ඔබේම හිතින් ඔබ අහලා බලන්න . ඔබට අමුතු දෙගිඩියාවක් දැනෙනවා ඇති. එහෙම වෙන එක සාදාරණයි. ළමයින් ගැන සිතා ඒ ගැන තම හිතින්ම ඇසීමෙන් එතරම් නොදැනේ නම් ළමුන් වෙනුවට තමන්ට එම සිදුවීම ආදේශ කර දකින්න . මෙය මාගේ මතය පමණි ඔබට වෙනස් මතයක් දැනේ නම් මා සමග අමනාප නොවන්න .
එතකොට එතරම් වත්කමක් නැති ළමයි ? කියන ගැටලුව අනිවාරෙන් ඔබට මෙන් මටත් දැනේ තව පහලින් ඒ ගැන අපි කතා කරමු .
ඔය කියන තරම් ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කර යුතුද ?
මගේ මතය නැහැ , මොකද මම නම් දකින්නේ නැහැ අලුතින් විශාල ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරිම , ඇති කිරීම . ප්‍රයෝගික වෙයි කියලා . හේතුව ඉහල මට්ටමේ සිටින විශ්ව විද්‍යාල වලට අනුබද්ධ විශ්ව විද්‍යාල සැදුවත් ඒවාට ඇතුලත් වීමට තරම් වත්කම් සහිත විශාල ශිෂ්‍ය පිරිසක් ලංකාවේ සිටිනවා කියා මා සිතන්නේ නැහැ .කොතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරද ඉගෙනිමට පිටරට යන පිරිස එතරම් වෙනසක් නොවනු යන්න මාගේ මතයයි .මාගේ අදහස නම් අලුතින් ආරම්භ කරනවා නම් එම ගණන උපරිම එකක් හෝ දෙකක් විය යුතු අතර , කල යුතු හොඳම දේ වන්නේ දැනට පවතින උපාදි ලබා දෙන ආයතන රජයට සම අයිතිය තිබෙන සේ පවරාගෙන හෝ නොමැතිව හෝ රජයේ පුර්ණ අදීක්ෂණය යටතේ ඒවාගෙන් විවිධ අංශ සඳහාවූ උපාධි ප්‍රමාණය වැඩි වනසේ දියුණු කර යුතුයි යන්නයි. මෙය හුදෙක් මාගේ මතය පමණි.
උසස් අධ්‍යාපන ඇමතිතුමා ( රජය ) මේ ප්‍රශ්නේ ගැන දකින විදිහ හරිද ?
මෙහිදී නම් ඔබ මගේ මතය කලින්ම දන්නවා යයි මම දනිමි . කුඩා කල ඔහු මට වීරයෙකි ( දැනටත් මා වැරදි සමහරක් ඇති මුත් වීරයන් ලෙස සලකන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සිටි ) , උසස් අධ්‍යාපන අමාත්‍යංශ අතට ඔහුට ලැබෙන තුරුම එය එසේ පැවතුනි . ඔහු සිර ගතව සිටින කාලෙත් ඔහු ගැන ඇත්තටම මට කනගාටුවක් තිබිණි . මම මේ කියන දේවල් දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන් ඉදිරියට සමහර විට මා හට බරපතල ප්‍රශ්න ගෙන දෙන්නක් උවද විය හැක. මම කිසිදු පක්ෂයක් නියෝජනය නොකරන බව යලිත් කියමි . ඒත් මගේ මතය කිව යුතුමය යන්න මගේ අදහසයි . කට කෑවත් මම එය කියමි . උසස් අධ්‍යාපන ඇමති යනු සුවහසක් රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපන හදාරන සිසු දරුවන්ගේ පියාණන්ය . ඒක ආයේ දෙකක් නැත . උපාදිය ලබා ගෙන විශ්ව විද්‍යාල වලින් පිටවන තුරු ඔහු අපව අනිවාරෙන් රැක බලා ගත යුතුමය. නමුත් සමහර අවස්ථා වලදී ඔහු හැසිරෙන්නේ අපගේ කුඩප්පච්චිගේ භුමිකාවටත් වඩා දරුණු අන්දමින් බව මට දැනේ. මා දන්නා තරමින් ඔහුට හූ කියූ පේරාදෙණියේ සිසුන් තවමත් සිටින්නේ සිරගතවය . පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවකු වූ පලියට අපිට මේවා නොදැනෙනවා නොතේරෙනවා නොවේය. මම කමෙන්ටුවෙනුත් කියුවා සේම ඔවුන් අප සමග පාසල් කාලයේ එක බත් පත බෙදා ගෙන කෑ අපගේ මිතුරු සොයුරන්මය. දැන් දෙතැනක සිටියත් එය එසේමය. එය අපටත් හොදින් දැනේ. අපටත් මේවා දැනෙන තේරෙන බව ගොඩක් අය සිතන්නේ නැත, මා දන්නා තරමින් බහුතරයක් රජයේ විශ්ව විද්‍යාල සිසුන් අප සමග අමනාපයකින් පසුවන බව පෙනේ. අපි සැවොම ධනවාදී කෝටිපතියන් නොවෙමු . අපත් ඔබලා සේම අන් අයගේ දුක් කරදර දන්නා පිරිසකි.
මෙසේ ඒ සොයුරන්ව තවම නිදහස් නොකරන්නේ මන්දැයි මම නොදනිමි , නවක වදය ගැන මම කතා නොකරමි . නමුත් ඊට පරිබාහිර සුළු වැරදි වලට සිසුන්ගෙන් පලි ගැනීමක් ස්වරුපයෙන් කටයුතු කිරීම මම හෙලා දකිමි , ඔහු උසස් අධ්‍යාපන හදාරන අපගේ පියාණන්ය . පියවරු දරුවන්ගේ වැරදි වලට දඬුවම් කරති නමුත් පලි ගැනීමක් ස්වරුපය පිටතටත් දිස් වෙන ස්වරුපයෙන් දඬුවම් කිරීම උචිත නොවන බව මා සිතමි. ඔහු හදන්නේ දඩුවම්දීමෙන් හෝ සිර ගත කිරීමෙන් කිසිසේත් මෙල්ල නොවන අවේගකාරී හැඟීම් වලින් යුත් තරුණ සිසුන් ඒවා මගින් මෙල්ල කිරීමටය. ඔහුත් ඔහුගේ තරුණ කාලය අමතක කර කටයුතු කරනවා යන්න මට සිතේ , ඔහුත් මා දන්නා තරමින් සමහර සිසුන් මෙන් විශ්ව විද්‍යාලයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්බකර අයෙකි. එබැවින් ඔහු හොඳින්ම තරුණයන්ගේ අවේගකාරී හැඟීම් පිලිබඳ දන්නා බව මා සිතමි . කියනවා නම් තවත් දේවල් එමටය . උසස් අධ්‍යාපන ඇමති තුමනි , උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියාණනි ඉහත කමෙන්ටුවෙන් ඔබට සිත් තැවුලක් හෝ මා පිලිබඳ අමනාපයක් ඇති වුවා දැයි මම නොදනිමි , එසේ වුවා නම් මට සිය දහස් වාරයක් දෙපා වැඳ හෝ සමාව ඉල්ලමි. නැති නම් ඔබ දෙන දඬුවමකට හෝ මම යටත් වෙමි . නමුත් ඔබගෙන් මම එක දෙයක් ඉල්ලමි ඔබ උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියානන්මය කරුණාකර දරදඬු හෝ නොහික්මුණු හෝ අවේගකාරී ඔබේ දරුවන්ට පලිගැනුමක් ස්වරුපයේ දඬුවම් නොදෙන්න එවිට වන්නේ තවත් ඔවුන් ඉදිරියටත් දරදඬු වීම පමණි . උද්ගෝෂණ වලට පහර දීමට ඉඩ නොදෙන්න , සැමදේම සාකච්චා මාර්ගයෙන් විසදීමට උත්සහා කරන්න . රජයේ විශ්ව විද්‍යාල සොයුරන්ගෙන් ගෙනුත් මට කිරීමට ඉල්ලීමක් ඇත . උද්ගෝෂණ වල අවේගකාරී හැඟීම් වලින් හැසිරී ගැටළු උග්‍ර කර ගැනීමෙන් වැළකීමට හැකි පමණ උත්සහා ගන්න .මගේ පාසල් මිතුරන්ද උද්ගෝෂණ වලදී ගුටි කනවා මා සියැසින්ම රූපවාහිනියෙන් දැක ඇත . ඔවුන් සමහරුන්ගේ තුවාල කැළැල්ද මම දැක ඇත්තෙමි . මා කමෙන්ටුවෙනුත් කියූ ලෙස පොඩි එහා මෙහා වීමකින් මම පහර කන විට මගේ මිතුරෙකු එය රූපවාහිනියෙන් දකින්නට තිබුණි . ඔබලා උද්ගෝෂණ වලදී පහර දීම වලට ලක්වුනු විට අපටත් හිතට දුකය . ඔබලාගේ ගැටළු ලෙහෙසියෙන් විසදා ගැනීමට නොහැකි බවද අපත් දනිමු , නමුත් ආවේගයෙන් තොරව ඉවසීමෙන් කටයුතු කරන්න .
එතරම් වත්කමක් නැති සිසුන් සඳහා රජය කල යුත්තේ කුමක්ද ?
මෙය ලෙහෙසියෙන් කතා කර නොහැකි මාතෘකාවක් බව මා දනිමි මම උපරිම කෙටියෙන් මේ ගැන කතා කරමි . ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ වරම උපරිමයෙන් ලැබිය යුතුය ආයේ එහි කතා දෙකක් නොමැත. මේ සඳහා ගතයුතු සියලුම ක්‍රියාවන් රජය සතුය . මාගේ මතය රජය කෙසේ හෝ පනත සම්මත කරනවා නම් අනිවාරෙන්ම ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු අනිකුත් සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලැබෙන බදු මුදල් සියල්ලක්ම නැතත් 90% ප්‍රතිශතයක් වත් අනිවාරෙන් ඔවුන් සඳහා වැය කල යුතුමය. රජයේ විශ්ව විද්‍යාල වලට සියලුම පහසුකම් සැපයිය යුතුය . එකී මෙකි නොකී සියලුම පහසුකම් සැපිරිය යුතුමය .
රජයේ කාර්යභාරය පිලිබඳ මගේ මතය ?
ඉහත මා දැක්වූ කරුණුද ඇතුලත්ව තව රජය විසින් ගත යුතු පියවරක් වන්නේ දේශකයන් සහ කථිකාචාර්ය වරුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී ගෙවන වැටුප ඔවුන් තීරණය කරයුතුය . එය කලයුතු වන්නේ වැඩි වැටුපක් දී පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් දක්ෂ අචාර්යවරු ඔවුන්ට පමණක් පවරා ගැනීමෙන් වැලැක්වීමටය , එසේ කර ඔවුන් රජයේ විශ්ව විද්‍යාල වල ඔවුන් සඳහා ලබා දෙනු ලබන වැටුප , පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලැබෙන වැටුපට වඩා ආකර්ශනිය ලෙස ඉහල මට්ටමක පවත්වා ගන්නේ නම් ඔවුන් රජයේ විශ්ව විද්‍යාල කෙලෙසකවත් ඇත හැර නොයනු ඇත . තවද සිසුන්ට ඔවුන්ව මර්දනය කරනවා කියන මතය බැහැර වන්නට බොහෝ දේ කර යුතුය . එය රජයට පැවරෙන වගකීමකි . නමුදු මේවා කට වචනයෙන් කරනවා යැයි කීමෙන් පමණක් ඉටු නොවන බව මගේ මතයයි. මේවා සහ තවත් බොහෝ වැදගත් කරුණුද අර පනතටම එක් කර සම්මත කර යුතුය නැති නම් ශේෂ්ටාධිකරණ තීන්දුවක් මගින් පනත ගෙන ඒමට පෙර සම්මත කර යුතුය .
තවත් මත රාශියක් ඇත . දැන් බාහිර වැඩ කටයුත්තක් නිසා පැය 27 ක් එක දිගට නොනිදා සිටි නිසා මට තව දුරටත් ටයිප් කිරීමට අපහසු බැවින් සහ කිවිය යුතු කරුණු නිදිමතේ අපහසුවෙන් සිට ඉදිරිපත් කරන විට අමතකවී බැවින්තව ඉදිරියට මේ පිලිබඳ තර්ක ඉදිරිපත් කරන අයට ඒ සඳහා රිප්ලයි එකක් ලෙස හෝ මම එම කරුණු පසුවට කීමට බලාපොරොත්තු වෙමි .
මේ සියලුම කරුණු හුදෙක් මාගේ මතයන් පමණි
. බනින අයට බැනිය හැක. මාගේ මතයන් නිසා තව ඉදිරියට කුමකින් කුමක් වේවි දැයි මම නොදනිමි , මේ ගැටලුව පිලිබඳ කතා කලේ මා හට ඇති වූ සිතේ අමාරුවටමය
. මේ ප්‍රශ්නෙන් මොනවා උනත් පෙර මෙන්ම මා එලකිරියේ බහුතරයකගේ ෂෝයි අලි පැටියා
මය. මේ ප්‍රශ්නෙන් පසුව යලි කෙදිනකවත් පෙර මෙන්ම ෆෝරමය තුල ප්රශ්නකාරි දේවල් මම කතා නොකරමි . මේ ත්‍රේඩ් එක අන්තිම සහ පලවෙනි එකය. බනින උන් බැනපල්ලා ... 

වෙලාවකට ඔය කෑගහන එකෙක් හම්බවෙලා තැනක් අහගන්න ඕන 