~~@ ප්‍රයිවට් කැම්පස් ( private campus) සහ මම @~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~@ ප්‍රයිවට් කැම්පස් ( private campus) සහ මම @~~



    Anonymous
    July 15, 2011 4:32 AM

    යකෝ මුන් කතා කරන්නේ උපාධි විකුනන්න තියනවා වගේනේ.. වරෙවුකෝ කරලා බලන්න ප්‍රයිවට් උපාධිත් කොහොමද කියලා... හොඳම උදාහරනේ තමයි ස්ලිට් SLIIT එකේ අවුරුද්දකට IT උපාධියට 1000 කට වඩා ආවට උපාධිය ගන්නේ 300 කටත් වඩා අඩු ගානක් , අනිත් උන් ඩිප්ලෝම එකෙන් හරි නිකන්ම හරි හැලිලා යනවා ... යකෝ මොන උපාදිය වත් ලේසියෙන් ලැබෙන්නේ නැහැ , රජයේ හරි ප්‍රයිවට් හරි දෙකේම , මොන උපාදිය ගත්තත් අපි ඔක්කොම යන්නේ එකම ජොබ් වලට . එතැනදී අවස්තාව ලැබෙන්නේ දක්ෂයාට , එතැනදී රජයේ කැම්පස් වල උන් දක්ෂ නම් උන්ට අනිවා ජොබ් ලැබෙයි අනික් උන් ඊට වඩා දක්ෂ නම් උන්ට ජොබ් ලැබෙයි , මම S.B කාරයාට කඩේ ගිය කියල උබල හිතන්න එපා මට ඕකව පෙන්නන්න බැහැ.සල්ලි ගෙවලා උපාධි ගන්න පුළුවන් කියන උන් ඉන්නවනම්
    මටත් උපාදියක් අරන් දීපල්ලා , මට දැන් මේ එක්සැම් වලට කට්ට කාලා ඇති වෙලා ඉන්නේ... ප්‍රයිවට් කැම්පස් වල ඉන්න ඔක්කොම සල්ලි දීලා උපාදි ගන්න ආපු මැට්ටෝ කියලා හිතන්න එපා , A/L පේපර් එක ටිකක් වෙනස් උනා නම් අපි රජයේ ඒවාට ගිහින් උබලාට ප්‍රයිවට් ඒවාට එන්න වෙන්න තිබුන කියලා මතක තියගනිල්ලා , අපි මේවට ආවේ පැය තුනේ පේපර් එකකට කෙලවිලා මිසක් වැඩ බැරුව නොවෙන බවත් මතක තිය ගනිල්ලා, engineering ,medicine යන්න අපිට Z එක මදි උනාට අනික්වට යන්න අපිට Z ස්කෝර් වැඩියෙනුත් තිබ්බ බවත් උබලා හිතට ගනිල්ලා , පිස්සු කෙලින ගමන් ඉගෙන ගනිල්ලා මචන්ලා (උබලත් අපිත් එක්ක ඉස්කෝලෙදි එක බත් පත බෙදන් කාපු උන් තමයි බන්) අපිත් පිස්සු කෙලින්න ආසයි එත් අපිට පින් මදි , හැබැයි එක දෙයක් තියනවා මහන්සි වෙලා ඉගෙන ගනිල්ලා , නැත්නම් අපි ඇවිත් උබලගේ ජොබ් වලට කෙලෙව්වා කියලා විතරක් කියන්න එන්න එපා ..

    "උබලා ඔය බනින ප්‍රයිවට් කැම්පස් එකක engineering degree එකක් කරන kollek"

    දැන් ඉතින් පලු යන්න මට බැනපල්ලා :P




    මෙම කමෙන්ට් එක පලකල පුවත සඳහා

    මෙතන ඔබන්න



    උඩින් තියන කමෙන්ට් එක හුග දෙනෙක් මේ වෙනකොට අනිවාරෙන් දැකලා ඇති , මේ කමෙන්ට් එක මම ගොසිප් ලංකා සයිට් එකට 2011 ජුලි මාසේ 15 වෙනිදා අලුයම 4.22 ට දාපු කමෙන්ට් එකක් . මේකේ ඇත්තම අයිතිකාරයා මම කිව්වොත් මාව දන්න එලකිරි සයිට් ගොඩක් අය පුදුම වෙයි. මොකද මම මේ වෙනතුරු එලකිරි එකේ කාටවත් කියලා නැහැ මම ප්‍රයිවට් කැම්පස් එකක
    ඉගෙන ගන්න කෙනෙක් කියලා . අනික මම කවදාවත් බරපතල දේවල් ෆොරම් එකේ කොතනකවත් කතා කරපු කෙනෙක් නෙවෙයි . මම කවදත් එලකිරි සයිට් එකට ආවේ ෆෝරම් වල රණ්ඩු වෙන්න නෙවෙයි. විහිලුවක් දෙකක් කරලා , වැදගත් දෙයක් තියනවනම් බලලා , කාත් එක්ක හරි චැට් කරලා මනස සැහැල්ලු කරන් යන්න. ඒත් මගේ කමෙනෙට් එක නිසා ලොකු ලොකු මත වාද බිහිවෙලා ප්‍රශ්න ඇති වෙන ස්වරූපයක් ඇති වෙලා තියන නිසා මට ආපහු මගේ මතය පැහැදිලිව කිවිය යුතුයි කියලා මං හිතනවා. මම මෙච්චර කල් මගේ කමෙන්ට් එක ගැන මූණු පොතේ , බ්ලොග් වල ඒ වගේම , එළකිරි ඇතුළු ෆෝරම් සයිට් වල කතා බහ උනාට මම ඒ ගැන වචනයක් වත් කතා කරේ නැහැ . ඒත් දැන් ප්‍රශ්නය පෞද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ ගැටලුව උග්‍රම අතට හැරිලා නිසා තවදුරටත් මට නිහඬව ඉන්න බැහැ .

    පහල ලින්ක් එකෙන් ගියොත් කට්ටිය පිස්සු හැදැයි මේක ගැන කතා කරලා තියන සයිට් ගොඩ දැක්කම....

    මෙතන ඔබන්න..



    තව දෙයක් කියන්න ඕනේ මේ ප්‍රශ්නේ ගැන මම කතා කරන්නේ හිතේ දුකින් මොකද මේ ප්‍රශ්නෙදි කාට රිදුනත් මේ හැම දෙයක්ම දැනෙන්නේ , රිදෙන්නේ මගේ වයස් මට්ටමේම ඉන්න ලංකාවේ මගේම සහෝදර සහෝදරියන්ටමයි.
    අනිත් දේ තමයි මම කිසිඳු දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් නෙවෙයි ( ගියපාර චන්දෙ දැම්මෙත් නැහැ :P ) . මගේ එක ඉල්ලීමක් තියනවා මේක කියවන අය මුල ඉදන් අගට යනකන්ම කියවලා කියන දෙයක් කියන්න කියලා.



    මුලින්ම මම කියන්න ඕනේ මේ මගේ මතයද නැත්නම් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල පද්ධතිය තුල සිටින ශිෂ්‍යන්ගේ මතයද කියන්න මම හරියට දන්නෙත් නැහැ. හැබැයි මට දැනෙන හැගෙන විදිහට මේක බහුතරයකගේ මතය වෙයි කියලා මං හිතනවා . උඩින් කමෙන්ට් එකේ තියන දේවල් ගැන ආපහු කතා කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එකේදී මම කියන්න ඕනේ දේවල් පැහැදිලිව බහුතරයක් අපේ වයසේ ඕනේම කෙනෙකුට දැනෙන තේරෙන භාෂාවෙන් මම පැහැදිලිව කියලා තියනවා . ඒ වගේ ටිකක් දරුණුවට සහ මගේ මුළු හිතින්ම කමෙන්ට් එක දැම්මේ සල්ලි දීලා උපාදි ගන්නවා කියලා කලින් කියපු කමෙන්ට් එකක් පිලිබඳව මට දැනුණු පිළිකුල් සහගත කලකිරීම නිසා. කාගේ හෝ සිත රිදුනා නම් මට සමාවෙන්න.

    දැන් අපි කතා කරමු .

    පෞද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යද ?

    මගේ මතය ඔව් . ඒ අවශ්‍ය ඇයි කියලා මම මට දැනෙන විදිහට කියන්නම්. මම දැන් කෙලින්ම කතා කරන්නේ ඔබට , පෞද්ගලික විශ්ව විද්‍යාල වලට අකමැති ඔබට . කවදා හෝ ඔබට ලැබෙන නැති නම් දැන් සිටින ඔබේ දරුවා උසස් පෙළ විභාගයට තෙවරක්ම පෙනී සිටිනවා , අපි සිතමු ඔහුට හෝ ඇයට ගන්න පුළුවන් උනේ s 3 ක් පමණයි කියා . ( s තුනක් පිළිබඳව මා කතා කරන්නේ දැනට සාමාන්‍ය මට්ටමේ උපාදියක් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීමේ අවම සුදුසුකම මෙය නිසා බැවිනි ) ඔහුගේ හෝ අයගේ තිබෙන අසනීපයක් හෝ වෙනයම් භාහිර ගැටළුවක් නිසා මෙලෙස ප්‍රතිපල අඩු උන බවත් ඔබ දන්නවා කියා සිතන්න . ඔබ කැමතියි තවදුරටත් ඇයට හෝ ඔහුට උගන්වන්න , ඇය හෝ ඔහුත් කැමතියි තවදුරටත් ඉගෙන ගන්න. ඔබ ලොකු වත්කමකුත් තියන කෙනෙක් කියා සිතන්න , ලොකු වත්කමක් නැතත් දරුවකු තමාටත් වඩා ඉහලට යනවාට දිරිදෙන සැබෑ පියෙකු හෝ මවක් නම්
    ඔබට හැකි නම් ඔබේ දෙයක් විකුණා හෝ උගස් තබා හෝ කොහෙන්හෝ ණය මුදලක් හෝ ගෙන දරුවාව පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යොමු කරනවාද නැත්ද ? ඔබේම හිතින් ඔබ අහලා බලන්න . ඔබට අමුතු දෙගිඩියාවක් දැනෙනවා ඇති. එහෙම වෙන එක සාදාරණයි. ළමයින් ගැන සිතා ඒ ගැන තම හිතින්ම ඇසීමෙන් එතරම් නොදැනේ නම් ළමුන් වෙනුවට තමන්ට එම සිදුවීම ආදේශ කර දකින්න . මෙය මාගේ මතය පමණි ඔබට වෙනස් මතයක් දැනේ නම් මා සමග අමනාප නොවන්න .
    එතකොට එතරම් වත්කමක් නැති ළමයි ? කියන ගැටලුව අනිවාරෙන් ඔබට මෙන් මටත් දැනේ තව පහලින් ඒ ගැන අපි කතා කරමු .


    ඔය කියන තරම් ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කර යුතුද ?


    මගේ මතය නැහැ , මොකද මම නම් දකින්නේ නැහැ අලුතින් විශාල ප්‍රමාණයක් පෞද්ගලික විශ්ව විද්‍යාල ඉදිකිරිම , ඇති කිරීම . ප්‍රයෝගික වෙයි කියලා . හේතුව ඉහල මට්ටමේ සිටින විශ්ව විද්‍යාල වලට අනුබද්ධ විශ්ව විද්‍යාල සැදුවත් ඒවාට ඇතුලත් වීමට තරම් වත්කම් සහිත විශාල ශිෂ්‍ය පිරිසක් ලංකාවේ සිටිනවා කියා මා සිතන්නේ නැහැ .කොතරම්
    පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරද ඉගෙනිමට පිටරට යන පිරිස එතරම් වෙනසක් නොවනු යන්න මාගේ මතයයි .මාගේ අදහස නම් අලුතින් ආරම්භ කරනවා නම් එම ගණන උපරිම එකක් හෝ දෙකක් විය යුතු අතර , කල යුතු හොඳම දේ වන්නේ දැනට පවතින උපාදි ලබා දෙන ආයතන රජයට සම අයිතිය තිබෙන සේ පවරාගෙන හෝ නොමැතිව හෝ රජයේ පුර්ණ අදීක්ෂණය යටතේ ඒවාගෙන් විවිධ අංශ සඳහාවූ උපාධි ප්‍රමාණය වැඩි වනසේ දියුණු කර යුතුයි යන්නයි. මෙය හුදෙක් මාගේ මතය පමණි.

    උසස් අධ්‍යාපන ඇමතිතුමා ( රජය ) මේ ප්‍රශ්නේ ගැන දකින විදිහ හරිද ?

    මෙහිදී නම් ඔබ මගේ මතය කලින්ම දන්නවා යයි මම දනිමි . කුඩා කල ඔහු මට වීරයෙකි ( දැනටත් මා වැරදි සමහරක් ඇති මුත් වීරයන් ලෙස සලකන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සිටි ) , උසස් අධ්‍යාපන අමාත්‍යංශ අතට ඔහුට ලැබෙන තුරුම එය එසේ පැවතුනි . ඔහු සිර ගතව සිටින කාලෙත් ඔහු ගැන ඇත්තටම මට කනගාටුවක් තිබිණි . මම මේ කියන දේවල් දැලි පිහියෙන් කිරි කන්නාක් මෙන් ඉදිරියට සමහර විට මා හට බරපතල ප්‍රශ්න ගෙන දෙන්නක් උවද විය හැක. මම කිසිදු පක්ෂයක් නියෝජනය නොකරන බව යලිත් කියමි . ඒත් මගේ මතය කිව යුතුමය යන්න මගේ අදහසයි . කට කෑවත් මම එය කියමි . උසස් අධ්‍යාපන ඇමති යනු සුවහසක් රජයේ හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපන හදාරන සිසු දරුවන්ගේ පියාණන්ය . ඒක ආයේ දෙකක් නැත . උපාදිය ලබා ගෙන විශ්ව විද්‍යාල වලින් පිටවන තුරු ඔහු අපව අනිවාරෙන් රැක බලා ගත යුතුමය. නමුත් සමහර අවස්ථා වලදී ඔහු හැසිරෙන්නේ අපගේ කුඩප්පච්චිගේ භුමිකාවටත් වඩා දරුණු අන්දමින් බව මට දැනේ. මා දන්නා තරමින් ඔහුට හූ කියූ පේරාදෙණියේ සිසුන් තවමත් සිටින්නේ සිරගතවය . පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුවකු වූ පලියට අපිට මේවා නොදැනෙනවා නොතේරෙනවා නොවේ
    ය. මම කමෙන්ටුවෙනුත් කියුවා සේම ඔවුන් අප සමග පාසල් කාලයේ එක බත් පත බෙදා ගෙන කෑ අපගේ මිතුරු සොයුරන්මය. දැන් දෙතැනක සිටියත් එය එසේමය. එය අපටත් හොදින් දැනේ. අපටත් මේවා දැනෙන තේරෙන බව ගොඩක් අය සිතන්නේ නැත, මා දන්නා තරමින් බහුතරයක් රජයේ විශ්ව විද්‍යාල සිසුන් අප සමග අමනාපයකින් පසුවන බව පෙනේ. අපි සැවොම ධනවාදී කෝටිපතියන් නොවෙමු . අපත් ඔබලා සේම අන් අයගේ දුක් කරදර දන්නා පිරිසකි.

    මෙසේ ඒ සොයුරන්ව තවම නිදහස් නොකරන්නේ මන්දැයි මම නොදනිමි , නවක වදය ගැන මම කතා නොකරමි . නමුත් ඊට පරිබාහිර සුළු වැරදි වලට සිසුන්ගෙන් පලි ගැනීමක් ස්වරුපයෙන් කටයුතු කිරීම මම හෙලා දකිමි , ඔහු උසස් අධ්‍යාපන හදාරන අපගේ පියාණන්ය . පියවරු දරුවන්ගේ වැරදි වලට දඬුවම් කරති නමුත් පලි ගැනීමක් ස්වරුපය පිටතටත් දිස් වෙන ස්වරුපයෙන් දඬුවම් කිරීම උචිත නොවන බව මා සිතමි. ඔහු හදන්නේ දඩුවම්දීමෙන් හෝ සිර ගත කිරීමෙන් කිසිසේත් මෙල්ල නොවන අවේගකාරී හැඟීම් වලින් යුත් තරුණ සිසුන් ඒවා මගින් මෙල්ල කිරීමටය. ඔහුත් ඔහුගේ තරුණ කාලය අමතක කර කටයුතු කරනවා යන්න මට සිතේ , ඔහුත් මා දන්නා තරමින් සමහර සිසුන් මෙන් විශ්ව විද්‍යාලයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්බකර අයෙකි. එබැවින් ඔහු හොඳින්ම තරුණයන්ගේ අවේගකාරී හැඟීම් පිලිබඳ දන්නා බව මා සිතමි . කියනවා නම් තවත් දේවල් එමටය . උසස් අධ්‍යාපන ඇමති තුමනි , උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියාණනි ඉහත කමෙන්ටුවෙන් ඔබට සිත් තැවුලක් හෝ මා පිලිබඳ අමනාපයක් ඇති වුවා දැයි මම නොදනිමි , එසේ වුවා නම් මට සිය දහස් වාරයක් දෙපා වැඳ හෝ සමාව ඉල්ලමි. නැති නම් ඔබ දෙන දඬුවමකට හෝ මම යටත් වෙමි . නමුත් ඔබගෙන් මම එක දෙයක් ඉල්ලමි ඔබ උසස් අධ්‍යාපනය ලබන සුවහසක් සිසුවන්ගේ පියානන්මය කරුණාකර දරදඬු හෝ නොහික්මුණු හෝ අවේගකාරී ඔබේ දරුවන්ට පලිගැනුමක් ස්වරුපයේ දඬුවම් නොදෙන්න එවිට වන්නේ තවත් ඔවුන් ඉදිරියටත් දරදඬු වීම පමණි . උද්ගෝෂණ වලට පහර දීමට ඉඩ නොදෙන්න , සැමදේම සාකච්චා මාර්ගයෙන් විසදීමට උත්සහා කරන්න . රජයේ විශ්ව විද්‍යාල සොයුරන්ගෙන් ගෙනුත් මට කිරීමට ඉල්ලීමක් ඇත . උද්ගෝෂණ වල අවේගකාරී හැඟීම් වලින් හැසිරී ගැටළු උග්‍ර කර ගැනීමෙන් වැළකීමට හැකි පමණ උත්සහා ගන්න .මගේ පාසල් මිතුරන්ද උද්ගෝෂණ වලදී ගුටි කනවා මා සියැසින්ම රූපවාහිනියෙන් දැක ඇත . ඔවුන් සමහරුන්ගේ තුවාල කැළැල්ද මම දැක ඇත්තෙමි . මා කමෙන්ටුවෙනුත් කියූ ලෙස පොඩි එහා මෙහා වීමකින් මම පහර කන විට මගේ මිතුරෙකු එය රූපවාහිනියෙන් දකින්නට තිබුණි . ඔබලා උද්ගෝෂණ වලදී පහර දීම වලට ලක්වුනු විට අපටත් හිතට දුකය . ඔබලාගේ ගැටළු ලෙහෙසියෙන් විසදා ගැනීමට නොහැකි බවද අපත් දනිමු , නමුත් ආවේගයෙන් තොරව ඉවසීමෙන් කටයුතු කරන්න .


    එතරම් වත්කමක් නැති සිසුන් සඳහා රජය කල යුත්තේ කුමක්ද ?


    මෙය ලෙහෙසියෙන් කතා කර නොහැකි මාතෘකාවක් බව මා දනිමි මම උපරිම කෙටියෙන් මේ ගැන කතා කරමි . ඔවුන්ට නිදහස් අධ්‍යාපනයේ වරම උපරිමයෙන් ලැබිය යුතුය ආයේ එහි කතා දෙකක් නොමැත. මේ සඳහා ගතයුතු සියලුම ක්‍රියාවන් රජය සතුය . මාගේ මතය රජය කෙසේ හෝ පනත සම්මත කරනවා නම් අනිවාරෙන්ම ඔවුන්ට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතුළු අනිකුත් සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන වලින් ලැබෙන බදු මුදල් සියල්ලක්ම නැතත් 90% ප්‍රතිශතයක් වත් අනිවාරෙන් ඔවුන් සඳහා වැය කල යුතුමය. රජයේ විශ්ව විද්‍යාල වලට සියලුම පහසුකම් සැපයිය යුතුය . එකී මෙකි නොකී සියලුම පහසුකම් සැපිරිය යුතුමය .


    රජයේ කාර්යභාරය පිලිබඳ මගේ මතය ?


    ඉහත මා දැක්වූ කරුණුද ඇතුලත්ව තව රජය විසින් ගත යුතු පියවරක් වන්නේ දේශකයන් සහ කථිකාචාර්ය වරුන් සඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල වලදී ගෙවන වැටුප ඔවුන් තීරණය කරයුතුය . එය කලයුතු වන්නේ වැඩි වැටුපක් දී පෞද්ගලික විශ්ව විද්‍යාල මගින් දක්ෂ අචාර්යවරු ඔවුන්ට පමණක් පවරා ගැනීමෙන් වැලැක්වීමටය , එසේ කර ඔවුන් රජයේ විශ්ව විද්‍යාල වල ඔවුන් සඳහා ලබා දෙනු ලබන වැටුප , පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලැබෙන වැටුපට වඩා ආකර්ශනිය ලෙස ඉහල මට්ටමක පවත්වා ගන්නේ නම් ඔවුන් රජයේ විශ්ව විද්‍යාල කෙලෙසකවත් ඇත හැර නොයනු ඇත . තවද සිසුන්
    ඔවුන්ව මර්දනය කරනවා කියන මතය බැහැර වන්නට බොහෝ දේ කර යුතුය . එය රජයට පැවරෙන වගකීමකි . නමුදු මේවා කට වචනයෙන් කරනවා යැයි කීමෙන් පමණක් ඉටු නොවන බව මගේ මතයයි. මේවා සහ තවත් බොහෝ වැදගත් කරුණුද අර පනතටම එක් කර සම්මත කර යුතුය නැති නම් ශේෂ්ටාධිකරණ තීන්දුවක් මගින් පනත ගෙන ඒමට පෙර සම්මත කර යුතුය .

    තවත් මත රාශියක් ඇත . දැන් බාහිර වැඩ කටයුත්තක් නිසා පැය 27 ක් එක දිගට නොනිදා සිටි නිසා මට තව දුරටත් ටයිප් කිරීමට අපහසු බැවින් සහ කිවිය යුතු කරුණු නිදිමතේ අපහසුවෙන් සිට ඉදිරිපත් කරන විට අමතකවී
    බැවින්තව ඉදිරියට මේ පිලිබඳ තර්ක ඉදිරිපත් කරන අයට ඒ සඳහා රිප්ලයි එකක් ලෙස හෝ මම එම කරුණු පසුවට කීමට බලාපොරොත්තු වෙමි .

    මේ සියලුම කරුණු හුදෙක් මාගේ මතයන් පමණි :yes:. බනින අයට බැනිය හැක. මාගේ මතයන් නිසා තව ඉදිරියට කුමකින් කුමක් වේවි දැයි මම නොදනිමි , මේ ගැටලුව පිලිබඳ කතා කලේ මා හට ඇති වූ සිතේ අමාරුවටමය :( . මේ ප්‍රශ්නෙන් මොනවා උනත් පෙර මෙන්ම මා එලකිරියේ බහුතරයකගේ ෂෝයි අලි පැටියා :love: මය. මේ ප්‍රශ්නෙන් පසුව යලි කෙදිනකවත් පෙර මෙන්ම ෆෝරමය තුල ප්‍රශ්නකාරි දේවල් මම කතා නොකරමි . මේ ත්‍රේඩ් එක අන්තිම සහ පලවෙනි එකය. බනින උන් බැනපල්ලා ... :P

     
    • Like
    Reactions: sen10

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔය කතන්දරේ සේරම හරි කියමුකෝ
    (මම සේරම කියෙවුවෙ නැහැ එත් උඹ මධ්‍යස්ත විදිහට කියල තියනවා )
    ඇයි මේ ආණ්ඩුව තියන රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා බඳවාගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්නේ නැත්තේ,
    පුද්ගලික ඒවා පටන්ගන්න ණය දෙන්න සල්ලි තියනවා
    ආණ්ඩුවේ ඒවාට දෙන්න සල්ලි නැහැ.
    නිකමටවත් රජයේ විශ්ව විද්‍යාලයක හොස්ටල් එකකට ගිහින් බලපන්කො
    එතකොට ඒවගේ ඉන්න ළමයි බොරුවට කා ගහනවා කියන ය එකෙන්ම කට වහගනියි
    මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ මුදල් මත
    දැන් රටේ මතයක් තියනවා A /L පාස් වෙන්න අනිවාර්යයෙන්ම ටියුෂන් යන්න ඕන කියලා
    එතකොට මොකද වෙන්නේ ඉස්කෝල වල ඉන්න ගුරුවරු සේරම ඉස්කෝලෙට වඩා එකට මුල් තැන දෙනවා
    රජයේ රෝහල් වලට මොකද වෙලා තියන්නේ
    පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕන
    එකේ කතා දෙකක් නැහැ
    එත් එකෙන් වෙන හානිය එකේ අහිතකර පැත්ත වලක්වන්න ක්‍රමවත් යාන්ත්‍රණයක් තියනවද
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය කතන්දරේ සේරම හරි කියමුකෝ
    (මම සේරම කියෙවුවෙ නැහැ එත් උඹ මධ්‍යස්ත විදිහට කියල තියනවා )
    ඇයි මේ ආණ්ඩුව තියන රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කරලා බඳවාගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්නේ නැත්තේ,
    පුද්ගලික ඒවා පටන්ගන්න ණය දෙන්න සල්ලි තියනවා
    ආණ්ඩුවේ ඒවාට දෙන්න සල්ලි නැහැ.
    නිකමටවත් රජයේ විශ්ව විද්‍යාලයක හොස්ටල් එකකට ගිහින් බලපන්කො
    එතකොට ඒවගේ ඉන්න ළමයි බොරුවට කා ගහනවා කියන ය එකෙන්ම කට වහගනියි
    මේ හැම දෙයක්ම තෙරණය වෙන්නේ මුදල් මත
    දැන් රටේ මතයක් තියනවා A /L පාස් වෙන්න අනිවාර්යයෙන්ම ටියුෂන් යන්න ඕන කියලා
    එතකොට මොකද වෙන්නේ ඉස්කෝල වල ඉන්න ගුරුවරු සේරම ඉස්කෝලෙට වඩා එකට මුල් තැන දෙනවා
    රජයේ රෝහල් වලට මොකද වෙලා තියන්නේ
    පුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕන
    එකේ කතා දෙකක් නැහැ
    එත් එකෙන් වෙන හානිය එකේ අහිතකර පැත්ත වලක්වන්න ක්‍රමවත් යාන්ත්‍රණයක් තියනවද


    උඹේ මතය මම අනිවා පිළිගන්නවා මචන් මමත් ඒකයි කියන්නේ රජය මොනවා හරි පනතක් සම්මත කරන්න කලින් අහිතකර පැත්ත වලක්වන්න ක්‍රමවත් යාන්ත්‍රණයක් හදන්නම ඕනේ ..
    11.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹේ මතය මම අනිවා පිළිගන්නවා මචන් මමත් ඒකයි කියන්නේ රජය මොනවා හරි පනතක් සම්මත කරන්න කලින් අහිතකර පැත්ත වලක්වන්න ක්‍රමවත් යාන්ත්‍රණයක් හදන්නම ඕනේ ..
    11.gif

    අනිත් දේ තමයි ඔය උඩ දා ගෙන පටන්ගන්න ආයතන ළමයින්ගෙන් සල්ලි අරන් හරියට උගන්නන්නේ නැතුව පොල්ල තිබ්බොත් මොකද කරන්නේ
    :angry::angry:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙහෙමයි..
    මම හිතන විදිහට රජයේ විශ්වවිද්‍යාල සහ පෞද්ගලික විශ්වවිද්‍යාල කියන දෙකම තිබිය යුතුයි.............
    නමුත් ලංකාවේ ‍රැකියානම් අනිවා හිගවෙනවා.........
    කට්ටිය පිටරටත් අරින්න වෙයි.................

    :):):):):):):):):):):):)

    :eek::eek::eek::eek::eek::eek::eek::eek:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනිත් දේ තමයි ඔය උඩ දා ගෙන පටන්ගන්න ආයතන ළමයින්ගෙන් සල්ලි අරන් හරියට උගන්නන්නේ නැතුව පොල්ල තිබ්බොත් මොකද කරන්නේ
    :angry::angry:

    :shocked::shocked::shocked: අනේ මන්දා බන් වගකීම් සියල්ල රජය හා අමාතයoශ සතුය .. :yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    හැබැයි ළමයි සල්ලි දීලා ඉගෙන ගන්න හින්දා රජයේ ඒවගේ වගේ නෙවේ පිස්සු කෙලින්නේ නැතුව පාඩුවේ ඉගෙන ගනියි........

    රජයේ ඒවගේ නොමිලේ ඉගෙන ගන්න දීලත් එක එක මගුල් නටනවනේ දේශපාලනේ ගාවගෙන....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, මම රජ‍යේ විශ්ව විද්‍යාල‍යක උපාධි‍යක් හදාරන කෙනෙක්. ඒත් මමත් උඹේ කතාවට එකඟ‍යි.
    මහනුවර, කොළඹ, කුරුණෑගල වගේ දිස්ත්‍රික්ක වල ඉඳලා උසස් පෙල කරන සමහර අ‍යට හොඳ ප්‍රතිපල තිබුනත් දිස්ත්‍රික් පදනම් අනුව පහල මට්ටමක ඉන්න නිසා රජ‍යේ විශව විද්‍යාල‍යකට ඇතුලත් වෙන්න බෑ.
    ඒ වගේ කෙනෙක් පෞද්ගලික විශව විද්‍යාල‍යකට ඇතුලත් වෙලා හරි උසස් අධ්‍යාපන‍ය හදාරන එක වරදක්ද???
    රජ‍යේ වගේම පෞද්ගලික විශ්ව විද්‍යාල ති‍යනකොට මේ දෙකේම ගුණාත්මක බව ඉහලට ගේන්න දෙගොල්ලන්ම උත්සාහ කරනවා. ඒක උපාධි‍ය හදාරන ආ‍යටත් හොඳ දෙ‍යක්.
    මේ දේවල් සිද්ධ වෙන එකෙන් රටටත් විදේශවලට ගලා ‍යන මුදල් ඉතිරි කර ගන්න පුලුවන්. අද සමහර විශ්ව විද්‍යාල සිසුන් No PMC කි‍යන සටන් පාට‍ය අරගෙන කෑ ගහනවා. මේකෙන් ඇත්තටම සිදු වෙන්නේ බංකොලොත් දේශපාලන පක්ශ‍යකට කඩේ ‍යාම බව ඔ‍ය කෑ ගහන මිනිස්සු කවදා හරි තේරුම් ගනීවි.
     
    • Like
    Reactions: TwoTone

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උඹේ කතාව සම්පූර්ණ ඇත්ත, පෞද්ගලික විශ්වවිද්‍යාල වලට කැමති උසස් පෙළ වැරදිලා හෝ වරද්දාගෙන ආයෙ මොන විදියකින් හෝ ගොඩයන්න ක්‍රමයක් හොයන අයටයි. සල්ලි වලට උපාධියක්‌ දෙනවනම් උඹ විතරක් නෙමෙයි මමත් අනිවා ගන්නව :rofl: වෙලාවකට ඔය කෑගහන එකෙක් හම්බවෙලා තැනක් අහගන්න ඕන :P

    මම නම් කියන්නෙ රජයේ මැදිහත්වීමකින් නිසියාකාරව මේ පෞද්ගලික විශ්වවිද්‍යාල උනත් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට වාර්ෂිකව තෝරාගත් සිසුන් සුළු ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ලබාදීම වගේ. එතකොට දුප්පත් කෙනෙකුට උනත් අරවගේ වරප්‍රසාදයකින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උනත් ඉගෙන ගන්න පුළුවන්.

    ඔතන මට නම් තේරෙන ඇත්ත කතාව මේකයි. උපාධි ධාරීන් වැඩිවෙනකොට රැකියා සඳහා ඇතිවෙන තරඟය වැඩි. කොටින්ම කියනවනම් ඉස්සර උපාධියක්‌ තියෙනවනම් දීපු ජොබ් එක දැන් උපාධියක්‌ තිබ්බ පලියට දෙන්නෙ නැහැ. දැන් උපාධි කාරයෙක්ගේ ජොබ් එකකට උනත් තට්ටු කරන්න පුළුවන් ඩිප්ලෝමා ධාරියෙකුට හොඳ හැකියාවක් තියෙනවනම්.:yes:

    ඔන්න ඔය තරඟෙට බයේ හිතේ අතිවෙන පුංචි ඉරිසියාවක්‌ රටේ දුප්පත් ජනතාවගේ අධ්‍යාපන අයිතීන් කියල එලියට දාගන්න හදනවා. ඕවට කෑගහන එකෙක් වත් කියන්නෙ නැහැනේ අපි ඔක්කොම ඉගෙන ගමු ඔක්කොම දියුණුවෙමු නමුත් මෙන්න මේ මේ දේවල් වෙනස් කරන්න කියල. කියන්නෙම එපා කියලමයි.

    ලොකුම විහිලුව තමයි හැම පාරම ඕවට කෑගහන්නේ අවුරුදු 4-5 කැම්පස් ඉන්න කාලෙ තමයි. ඊට පස්සෙ අනිත් එකාට හෙණ ගැහුවත් කමක් නෑ කියන තත්වෙන් තමයි ඔය හැමෝම හැසිරෙන්නෙ. ඊට පස්සෙ ඉතිං දඟලන්නෙ තමන්ගේ ළමය හොඳ ඉස්කෝලෙකට දාගන්න, ඊට පස්සෙ කැම්පස් යන්න බැරි උනොත්???අන්න අර කෑගහපු අයට ඔය ප්‍රශ්නෙ එනව :rofl: එදාට පෞද්ගලික විශ්වවිද්යාලෙකට යන්නෙ රෙද්දක් ඇඳගෙනද? :rolleyes:
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    මාත් මේ අහපු කතාවක් වැරදි තිබ්බොත් දන්නා කෙනෙක් හදන්නො...

    පරික්ෂනෙකට වදුරෝ 5 දෙනෙක් 1 කුඩුවකට දාල මැද්දෙන් කෙසෙල් කැනක් එල්ලුවලු. ඔකට වදුරෙක් ලං වෙන්න හදද්දී සීතල වතුර පාරක් ගහනවලු එළියේ ඉදන් වදුරෝ 5 දෙනාටම. මුලින් මුලින් වදුරෝන්ටත් තේරුමක් නෑලු. ටික කාලයක් යද්දී උන්ට තේරුණා ලු මේ කෙසෙල් කනට නගින්න ගියොත් තම වතුර පාර වදින්නේ කියල. එදා ඉදන් වදුරෙක් ඕකට නගින්න හැදුවොත් අනිත් උන් උට බිම දාගෙන ගහනවලු. ඔහොම කාලයක් ගියහම 1 වදුරෙක් අයින් කරලා අලුත් එකෙක් දැම්ම ලු. උ දන්නේ නැනේ සීන් 1. උ කෙසෙල් කන්න නගිද්දී අනිත් උන් අම්බානෙට ගැහුවලු. දැන් උ දන්නේ කෙසෙල් කන්න නැග්ගොත් ගුටි කන්න වෙනවා කියල ලු. ගහන්නේ ඇයි කියන්න දන්නේ නෑලු. ඔය වගේ කුඩුවේ හිටිය ඉතුරු 4 දෙනවත් අයින් කරලා අලුත් එකා ගානේ දැම්මලු. දැන් ඉන්න උන් කෙසෙල් කන්න යන්නේ නෑලු ගුටි කන්න වෙන නිසා. ගහන්නේ ඇයි කියන්නත් උන් දන්නේ නෑලු .

    මටත් හිතෙන්නේ ඔය නෝ පි එම් සි , නෝ ප්‍රයිවෙට් යුනි කියල කා ගහන අයත් මේ අලුතෙන් ආපු වදුරෝ 5 දෙනා වගේ . කලින් අය නෝ කිව්වා නිසා නෝ කියනවා මිස තේරුමක් ඇතුව නෝ කියන්නේ නෑ
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Captain ජැක් ස්පැරෝ;11716741 said:
    හැබැයි ළමයි සල්ලි දීලා ඉගෙන ගන්න හින්දා රජයේ ඒවගේ වගේ නෙවේ පිස්සු කෙලින්නේ නැතුව පාඩුවේ ඉගෙන ගනියි........

    රජයේ ඒවගේ නොමිලේ ඉගෙන ගන්න දීලත් එක එක මගුල් නටනවනේ දේශපාලනේ ගාවගෙන....

    ඔව් මම මේක පිලිගන්නවා මචං 100% ක්

    මමනම් මොරටුව කැම්පස් එකේ උපාධි පාඨමාලාවක් කරන්නෙ.....ඒත් මම උඹේ ත්‍රෙඩ් එකට එකඟයි.....

    ඔතන තියෙන එක ගැටළුවක් තමයි රජයේ විශ්වවිද්‍යාල වල ඉන්න දක්ෂ දේශකයෝ පස්සේ පෞද්ගලික ඒවට යන්න පුළුවන් බොහෝදුරට...හේතුව වරප්‍රසාද වල ගැටළුවක් නෙවේ.....රජයේ විශ්වවිද්‍යාල වල තියෙන ජරාජීර්ණ පරිපාලනය කැපිලි සහ පුක දීම් මූලික ක්‍රියාවලිය....මේක නිසා හුගක් වෙලාවට හොඳ දේශකයෝ රජයේ විශ්වවිද්‍යාල ගැන කලකිරිලයි ඉන්නේ.....
    ඒ මිනිස්සු ටික පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ගියහම අපිට ඉතුරු වෙන්නෙ බොහෝදුරට අදක්ෂයෝ පිරිසක්...

    රැකියා ගැටළුවක් අනිවා එනවා...ඒක නිසා කාට කාටත් ප්‍රථම උපාධියෙන් නවතින්නේ නැතුව අනිවා සෑහෙන්න මහන්සි වෙලා තමන්ගෙ field එකේ ඉහළටම යන්න වෙයි....එහිදී සමහරවිට රට ගිහිල්ල විශේෂ උපාධි ගහන්න වෙයි...(phd) වගේ....ඒකත් හැමෝටම පුලුවන්ද දන්නේ නෑ

    මොනව උනත් මෙන්න මේ දේත් කියන්න ඕන....අපිව පැය තුනක විභාගයකින් අවුරුදු ගානක දැනුම මැනලා....සුදුසු නුසුදුසු කියල වෙන් කරන එක පිළිගන්න පුළුවන් ක්‍රමයක් නෙවේ...අවාසනාවට දැනට වෙන ක්‍රමයකුත් නෑ....සමහරවිට අපිත් ඕකෙන් නොතේරුනානම් අපිත් පෞද්ගලික විශ්ව විද්‍යාල පටන්ගන්නකන් බලං ඉන්නවා....සල්ලි ගස් වලින් කඩන හින්දවත් ඩිග්‍රිය අරන් ඩයල් එක වෙන්නවත් නෙවේ....අපිත් මනුස්සයො වගේ සමාජයේ වැදගත් රැකියාවක් කරගෙන කාටවත් අත නොපා ජිවත් වෙන්න කැමති නිසා...මොකද මම දන්නවා හොඳටම....
    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යන හැමෝම කුඩ්ඩන්ගේ, මැති ඇමැතිලාගේ බිස්නස් කාරයන්ගේ පුතාල නෙවේ....හුගක් වෙලාවට සාමාන්‍ය මිනිස්සු තමන්ගෙ කණකර ගෙවල් දොරවල් උගස්‌ තියල ඉඩකඩන් විකුණලා දරුවෝ රුසියාවට නේපාලෙට බංගලාදේශේට යවන්නේ..මම එහෙම අය පෞද්ගලිකව දන්නවා.....

    ඒක නිසා ගැටළු තියෙන තැන් විසඳගෙන මේකෙන් අපේම අයට අවස්තාවක් දෙනවනම් කාටත් අසාධාරණයක් වෙන එකක් නෑ....
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    PMC ගැන නම් මගේ මතය

    ඒ අයට රජයේ සිසුන්ට වගේම සියලු පහසුකම් ලැබෙන්නේ නැති එකනම් ලොකු ප්‍රශ්නයක්. රජය අවසර දුන්නනම් PMC එකක් දාන්න , දැන් ඉතින් ඩිග්‍රිය ගන්න ඇවිල්ලා ඉන්න අයට ඩිග්‍රිය සම්පූර්ණ කරගන්න සියලු පහසුකම් කොහෙන් හරි සපයන්නම ඕනේ .අපිට වඩා හුගක් සල්ලි තිබ්බට උනුත් ඉතින් අපි වගේම එවුන් . උන්ටත් අයිතියක් තියනවා ඉගෙනගන්න . ඒක අහිමි කරන්න දැන් කෑගහන එක හරියන්නේ නැහැ . අලුතින් නොගත්තත් දැන් ඉන්න එවුන් ටිකට හරි උගන්නලා , පිටරට ඩිග්‍රිය අරන් එන අනිත් ඩොකාලට කරනවා වගේ එක්සෑම් එකක් තියලා . හොඳ එවුන්ව අනිවා ගත යුතුමයි.. අලුතින් නොගත්තත් ඉන්න එවුන්ට සදාරණයක් විය යුතුමයි..

    මේකට නම් ගොඩක් උන්ට මල පනී .ඒත් මගේ හිතට දැනෙනදේ මම කිව්වේ.. ..
     

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    Machan mamath akkogema comments mula indalama kiyewwa. Mamath government uni ekaka kollek. Api PRVT uni epa kiyala nemeii machan kaa gahanne. PRVT uni daana ekata ape virodayak naa. But api me sare paarata basse PRVT UNIVERSITY ACT ekata viruddawa. Eke thiyena sentences kiyewwa mole thiyena ekek ta therenwa eke thiyena barapathala kama. Mama eka hinda e gana wisthara karannam.

    1)PRVT UNIVERSITY ACT eken siyaluma government and private uni wala quality eka maintain karanna committee ekak daanawa.

    >>Machan meke inna committee memberslagen 13n, 4k politicial appoint karana aya. Government uni niyojanaya karana ekkenaii direct sambanda karagena inne. Eya thamaii lankawema VC,DVC board eke chairman. But pudume kiyanne,eya UNOFFICIAL member kenek. E kiyanne eyata committee eka athule ara deshapaalana henchaiiyanta tharam balayak naa. Ganna one inda aragena thiyenne.

    Gvrnment gana thiyena problems apita geninyanna wenne VC,DVC board eke chairman haraha. But eyawa committee eka athule ganan ganne naa. Ethakoto ape prashan katha karanne kauda?


    2) Mama kiyapu committee eka sampurnayenma ADYAPAN AMATHI kiyana dewal piliganna one.

    >>Oyalata hitha ganna puluwan neda mona wage pissuwak nataiida kiyala? Meka sampurnayenma AMATHITA gvrnment uni kanna hadagaththa prathipaththiyak. Gvrnment uni walata wena dewal kathakarannawath apita hamba wenne naa.

    3)Gvrnment and PRVT uni sandaha syllabus denne oya committee eken.

    >>Aluth committee memberslage kisima PROFESSOR kenek naa. Inna eun gen 3/4 k ma deshapaalana henchaiiyo. Ithin un kiyana syllabus thama, ape gvrnment uni wala ochchara kal wadakarapu watina PROFESSORS lata and lecturers lata ugannanna wenne. Umbalama hithala balapalla oya ape lecturers lata and PROFESSORS lata wena de. E minissu kamathi weii da?

    4)Prvt and Gvrnment uni ekamalist ekaka RANKING karanawa.

    >>Meka karanneth oya committee eken . Umbala hithanawada gvrnment uni ekakata thanak deii ki? PRVT uni hondama rank wala thiyaii. Ethakota parentsla gewal dorawal ukas karala hari hondama uni ekata thamange lamayawa daaganna try karaii. Gvrnment uni walata mokada wenne?



    Mama kiwwe oken wena dewal walin tikak witharaii. Gvrnment Uni vinaasa aranne nathuwa, Prv uni genawata aulak naa bun. Api me karana satama PRVT uni nawaththanna nemeii. Gvrnment uni beraganna. Eka issellama therum ganilla.Ethakota umbala api dihaa balana widiya wenas weii. Prvt uni genna kalin danata GVRNMENT uni wala thiyena adupaadu,yatithala pahasukam gana hoyala balanne naththe aii? Issella aapu kanata wada, Passe apu ana loku karagea hamoma.

    Godak Uni wala thiyena adupadu dakkama andenawa bun. Ewa haduwanam, oya lakunak,dekak madi wena euntath gvrnment uni enna thibba. Gvrnment uni wlata tikak lamaii ganne ewage facilities adu hinda. Ewa ganath hamoma hithapalla. Thawa wistahara pasuwa liyami.
     
    Last edited:

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් මමත් රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න කොල්ලෙක්. ගොඩක් උන් හිතන්නේ මේ ගැන කතා කරන Government Uni වල හැමෝම JVP එකට සම්බන්දයි කියලා. ඒ අදහස වැරදියි මචන්. අපේ faculty එකේත් කිසිම දේශපාලනයක් නැහැ. මම චන්දේ දුන්නෙත් MRට. අපි නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්න නිසා අනාගතේ A/L කරන අපි හැමෝගෙම නංගිලා මල්ලිලා වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ. අපේ කවුරුත් පෞද්ගලික වි.වි. වලට විරුද්ද නැහැ. ලංකාව දියුණු වෙන්නනම් හැම එකාම ඉගෙන ගන්න ඕනේ. අපි විරුද්ද ඒක කරන්න යන විදිහට. ලංකාවේ දැනට වි.වි. වල තියෙන ප්‍රශ්න විසදන්න නැතුව මේ කරන්න යනදේ විකාරයක්.
    අනිත් උන් නොහිතන පැත්තක් මෙතන තියෙනවා. රජරට වි.වි. වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක් නැති ප්‍රශ්නෙම ලොකුම ප්‍රශ්නයක්. ඒ හේතුව නිසා ලංකාවේම වි.වි. වල medical faculty එක batch එකකට Out වෙන්න විදිහක් නැහැ. මොකද ඒ අයට hospitals දෙන්නේ මුළු ලංකාවේම medical students ලගේ rank පිළිවෙලට list එකක් හදලා ඒ list එකේ පිළිවෙලට. රජරට අයට Out වෙන්න බැරි උනහම අනිත් වි.වි වල medical අයටත් උඩ බලාගෙන ඉන්න වෙන්නේ.
    අනිත් ප්‍රශ්නේ ආචාර්ය වරු ගැන. මචන්ලා අපේ faculty එකේ හිටපු lecturer කෙනෙක් sabbatical leave දාල දැනටම අලුතින් දාපු private uni එකක section head වෙලා ගිහින් ඉවරයි. private uni ස්ථිර උනහම ආපහු රජයේ වි.වි. සොච්චම් පඩියට ආපහු ඒ අය ඒවිද කියන එක තමයි මට තියෙන ප්‍රශ්නය.
    මේ වගේ ප්‍රශ්න තව ගොඩාක් තියෙනවා. අපි මචන්ලා private uni දානවට විරුද්ද නැහැ. අධ්‍යාපන කියන එක හැමෝටම ලැබෙන්න ඕන දෙයක්. ඒත් දෙයක් කරන විදිහක් තියෙනවා. ගහෙන් ගෙඩි එන්න වගේ හිතුන හිතුන වෙලාවට මේ වගේ පනත් ගේන එක වැරදියි. මුලින් එකට අවශ්‍ය පරිසරය හදලා ඉන්න ඕනේ.

    දැන් ඉතින් මට බැනපල්ලා.