ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගන&#3539

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගන&#3539

    ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත විය.

    අසනීපව කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි එච්.එම් ජයවර්ධනයන් මිය යන විට 69 වැනි වියෙහි පසුවිය.ඔහු අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර ජනප‍්‍රිය ගායක සහ සංගීතවේදී කසුන් කල්හාරගේ පියාණන්ද විය.

    ඔහුට සහ මාලනී බුලත්සිංහල මහත්මියට නිර්මාණි නමින් දියණියක ද සිටි අතර ඇය කුඩා කලදීම ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගියාය. සිංහල සංගීත ක්ෂේත්‍රයේ වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් කළ එච්.එම් ජයවර්ධනයන් ගීත විශාල ප‍්‍රමාණයක් සිය සංගීතයෙන් හැඩ කළේය.



    ඔහුගේ නිර්මාණශීලීගී තනු නිසා, දක්ෂ ගායක ගායිකාවන් ලෙස ඉදිරියට පැමිණි අය ද බොහෝය. එසේම ප‍්‍රවීණ ගායක ගායිකාවන්ගේ සංගීත දිවිය, එච්.එම්. ජයවර්ධනයන්ගේ ගී තනු නිසා බැබැලූණු අවස්ථා ද බොහෝය. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට වත්මන් නවක ගායක ගායිකාවන්ට පවා ගී තනු නිර්මාණය කර ඇති එච්.එම්. ජයවර්ධනයන් නිර්මාණය කර ඇති ගී තනු සංඛ්‍යාව දහසකට ආසන්න බව කියැවේ.

    පණ්ඩිත් ඩබ්ලිව්.ඞී අමරදේවයන් ගැයූ ‘සඳ තරු නිහඬයි’, විශාරද නන්දා මාලිනිය ගැයූ ‘ඔබයි රම්‍ය සඳකිරණ‘, ‘මා හඬනා කඳුළු ගලා‘, ‘පූජාසනයේ ඔබ හි`දුවා’, ‘පෙම් ලොවදී දුටු ඔහුම ද මේ’, ‘ප්‍රේමය නම්‘, ‘කඩමණ්ඩියේ දොල අයිනේ’, ‘නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි’, ‘ විලක් උනත් නිල් දිය පිරි’, ‘ පිළිම නෙලා නැති විරුවන්’, සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ‘ඉස්සර මං ගිය පාසල ඇරිලා’, ‘මිනිසෙකු පිට නැගි අසරුවෙකි’, ‘සයුරක් නොදුටු ගඟුලක්’, ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’, ‘දෙවොලේ නොකැළැල්’, විශාරද මාලනී බුලත්සිංහල ශිල්පිනිය ගැයූ ‘හිමි සණරාමර ලෝක සිවංකර’, ‘ප්‍රේමයේ විල්තෙරේ’, ‘අහසින් තරුවක් කඩා වැටෙනවා’, ‘පුන්පෝදා සඳ ඔබ ගෙන ආවොත්’, ‘සැන්දෑ අහස වගේ සැරසී’, ‘මා එක්කලා අමනාපව’, ‘වසන් කරන්නට බෑ මගෙ සිත අද’, ‘මළ පොතේ අකුරු’, ‘ඔබට මා ආදරය කළ බව මෙතරම්’, ‘සෙනෙහස ඉල්ලා ලිය තඹරා ළඟ’, ‘කන්ද කෙන්ද කරනු පිණිස’, විශාරද ගුණදාස කපුගේ ගැයූ ‘සීතල පිනි බිංඳු බිංඳු’, විශාරද අමරසිරි පීරිස් ගැයූ ‘ඇය යන්න ගියා මැකිලා’, විශාරද එඞ්වඞ් ජයකොඩි ගැයූ ‘බණ කියන රටක්’ ආදී ගීත රැුසකට සංගීතය නිර්මාණය කළේ ඔහු විසිනි.

    ටී.එම් ජයරත්නයන් ගැයූ ‘සියක් ආයු ලැබ’, ‘මේ පුංචි රටේ’, ‘රත්තරන් නෙත් දෙකින්’, කරුණාරත්න දිවුල්ගනේ ගායන ශිල්පියාගේ ‘දුරු කතර ගෙවාගෙන මම නොකියම ආවට’, ‘මාල ගිරවියේ’, ‘සඟවන්න එපා හසරැුල්’, විශාරද මාලනී බුලත්සිංහල සම`ග බණ්ඩාර අතාවුද ගැයූ ‘කොහේ යන්නෙද කොහේ ඉන්නෙද’, බණ්ඩාර අතාවුද ගැයූ ‘ඔබ ඈත සද වී පායා’, ජානක වික‍්‍රමසිංහ ගැයූ ‘බාලිකාවියන් තක්සලා දොරින්’, ‘කිරුළ මුතු ලිහී’, ක‍්‍රිෂාන්ත එරන්දක ගයන ‘වී පැදුරෙන් ඉගිලී යන’, රොහාන් ශාන්ත බුලේගොඩ ගයන ‘සඳක් නම් බැස යන්න තිබුණා’ ආදී ගීතයන් ද ඔහුගේ සංගීතයෙන් හැඩවූ ගීත ගොන්න අතර තිබේ.

    එච්.එම්. ජයවර්ධනයන් කැලෑමල්, ආරාධනා (රෝහණ වීරසිංහයන් සමඟ*, මුහුදු ලිහිණි, ඇතුළු චිත‍්‍රපට කිහිපයකට ද සංගීතය නිර්මාණය කර ඇත.

    ‘මුහුදු ලිහිණි‘ චිත්රධපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය වෙනුවෙන්, ‘ජනාධිපති සම්මානය’ ඔහුට හිමිවූ නමුත් ඔහු එම සම්මානය ප‍්‍රතික්ෂේප කළේ ‘තුන්වැනි යාමය‘ විත‍්‍රපටය වෙනුවෙන් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ සංගීතය, තම නිර්මාණට වඩා උසස් බව කියමිනි.

    එච්.එම් ජයවර්ධනයන්ගේ දේහය බොරැුල්ල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බදාදා පස්වරු 3.00 ට බොරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය


    :(:(:(
     
    • Like
    Reactions: barath dpriye

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය අවසන් සුසුම හෙළුවේ සිංහල ගීතයේ කේමදාස නොවූ කේමදාස......

    අපේ සිංහල සුභාවිත සංගීතය මෙයින් අවසන් වෙනවා කොල්ලනි........
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඔය අවසන් සුසුම හෙළුවේ සිංහල ගීතයේ කේමදාස නොවූ කේමදාස......

    අපේ සිංහල සුභාවිත සංගීතය මෙයින් අවසන් වෙනවා කොල්ලනි........

    සිරාවටම බන්. පරණ සිංදු මොනවා ඇහුවත් ගොඩක් එවගේ තනු නිර්මාණය එච්.එම්. ජයවර්ධන
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    සිරාවටම බන්. පරණ සිංදු මොනවා ඇහුවත් ගොඩක් එවගේ තනු නිර්මාණය එච්.එම්. ජයවර්ධන


    eeka aththa

    mee kasun kalhaarage taaththa needa ?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    තමන්ට සම්මානය ගන්න වේදිකාවට ආරාධනා කරද්දි - 'නෑ ඒ්ක අයිති මට නෙමේ - කේමදාස මාස්ටර්ට' කියල සම්මානය ප්‍රතික්ෂේප කරපු මනුස්සයෙක්.....
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඔය අවසන් සුසුම හෙළුවේ සිංහල ගීතයේ කේමදාස නොවූ කේමදාස......

    අපේ සිංහල සුභාවිත සංගීතය මෙයින් අවසන් වෙනවා කොල්ලනි........


    Well said
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    He was extremely talented person and unsung hero in Sinhala music scene. His talents were not appreciated in the same way as others. At least after death he will be properly recognized.

    May he attain the bliss of Nibbana.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    යුග යුග කියවෙන නාමයක්..... ඌව පුත්‍රයාගේ නික්මයෑම......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය අවසන් සුසුම හෙළුවේ සිංහල ගීතයේ කේමදාස නොවූ කේමදාස......

    අපේ සිංහල සුභාවිත සංගීතය මෙයින් අවසන් වෙනවා කොල්ලනි........

    සිරාවටම බන්. පරණ සිංදු මොනවා ඇහුවත් ගොඩක් එවගේ තනු නිර්මාණය එච්.එම්. ජයවර්ධන

    :yes::(:sorry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    ඔය අවසන් සුසුම හෙළුවේ සිංහල ගීතයේ කේමදාස නොවූ කේමදාස......

    අපේ සිංහල සුභාවිත සංගීතය මෙයින් අවසන් වෙනවා කොල්ලනි........

    You have articulated the situation quite well!:yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරන් මනුස්සයෙක්ගෙ අවසන් ගමන.... තනු කරපු සිංදු ටික ඇහුවම හික් ගෑවුනා...ලබන ආත්මයෙත් අපේ රටේම පහල වෙලා මේ වගේම රටට සේවයක් කරන්න ලැබේවා කියල පතනවා..!!!