ප්‍රවීන ගී පද රචක කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ප්‍රවීන ගීපද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    කලක් රෝහල්ගතව ඔහු ප්‍රතිකාර ලබමින් සිටි අතර සිය නිවසේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    හිමිනැති පෙමකට, වාසනා වේවා, විකසිත වතකමලේ, හදවිලේ, දේව මන්දිරයේ, ආදර ප්‍රියලඳුනේ, හදිස්සියේ හනි හනිකට, උන්මාදවූ ප්‍රේමාදරේ වැනි ගීත රැසක්ම රචනය කර ඇත්තේ ඔහු විසින්.

    ඔහු මියයන විට 74 වැනි වියේ පසුවුණා.

    එම මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර ඇති බවත් අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවත් පැවසේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒතුමා රචනා කළ ගීත ප්‍රමාණයෙන් 1500 කට අධිකය. අවසන් කාලය බොහෝ දුක් කරදර මධ්‍යයේ ගතකළ ඔහුගෙන් ගොඩගියවුන් ඔහු ජීවත් වන්නේද කියා සොයා බලා නැත. මට කීවේ ගීත රචනා කරන්නන්ගේ සංගමයේ සාමාජිකයෙක්....

    දැන් ගජමෑන් අඳින්නේ කවුද
    ගජමෑන් අඳින කැමිලස් පෙරේරා වෙන කෙනෙක්...
    ------ Post added on Jul 18, 2021 at 6:40 AM
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඒතුමා රචනා කළ ගීත ප්‍රමාණයෙන් 1500 කට අධිකය. අවසන් කාලය බොහෝ දුක් කරදර මධ්‍යයේ ගතකළ ඔහුගෙන් ගොඩගියවුන් ඔහු ජීවත් වන්නේද කියා සොයා බලා නැත. මට කීවේ ගීත රචනා කරන්නන්ගේ සංගමයේ සාමාජිකයෙක්....

    ගොඩක් පැරණි කලාකාරයන්ට අයත් උනේ අවසානයේදී මේ ඉරණම තමයි.......

    එතුමන් සමාදානයේ සැතපේවා