ඔන්න මේක සම්පූර්ණයෙන් කියවන්න කලින් JVP පාක්ෂිකයෝ මට ආයිත් බනින්න ගන්න එපා. ඊළඟ චන්ද තීරණය ගන්න ඕන තොරතුරු එකතු කරන්නයි මේ අහන්නේ.
ගැටවර වයසේ මට මුලින්ම දේශපාලනය ගැන සිහියක් ඇතිවෙන්න ගත්තේ UNP හා JVP යන දෙකම එක්ක ඇතිවූ වෛරයක් සමග. මේ හේතු මම අද හරිය වැරදිය කියන්නේ නෑ. මගේ මානසික සංවර්ධනයට බලපෑ ඓතිහාසික සිද්ධි list කරනවා විතරයි. ප්‍රශ්න යටින් තියෙනවා.
හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.

- UNP ආණ්ඩුව අහක බලන් ඉඳිද්දී 1983 දී මැරයෝ දෙමල මිනිස්සු පවුල් පිටින් (ළමයිත් එක්ක) පෙට්‍රල් දාල අමු අමුවේ පිච්චුව මතකයි (ඇහැට දැක්කේ නෑ, මොකද තාත්ත ඒ ටිකේ අපිට වත්තට යන්නවත් දුන්නේ නෑ).
- JVP සන්නද්ධ අරගලය මතකයි. රෑට ඇවිත් මරණ තර්ජන කරලා ID අරන් යනවා මතකයි. රෑ පන බයේ ගැහි ගැහි කළුවරේ ඉන්නවා මතකයි
- ප්‍රේමදාසගේ කල්ලි ඇවිත් ගමේ කොල්ලෝ අරන් ගියා මතකයි. උන්ගේ දේහ කැළණි ගඟේ පාවෙනවා දැක්කේ නෑ. ඒත් නෑදෑයෝ කිව්වා මතකයි.
- lake house ගත්ත මතකයි. ප්‍රේමකීර්ති මැරුව මතකයි. IPKF මතකයි.
- චන්ද්‍රිකා මුලින් එද්දී මට චන්දෙ නෑ. ඒත් මම full support කලා
- 1999 ඉඳන් 2014 වෙනකන් දාපු චන්ද කියන්නේ නෑ මොකද සමහර ඒවා ගැන අද ලජ්ජා වෙන නිසා
- සරසවියේදී ජෙප්පන්ගේ අඩම් තෙට්ටම් මතකයි
- අනුර කුමාරගේ ප්‍රතිපත්ති හා රටේ වර්තමාන දේශපාලකයින්ට shock treatment එකක් දීම යන දෙක සලකා JVP එකට චන්දය දීමේ ලොකු උවමනාවක් මටයි පවුලේ කිහිපදෙනෙක්ටයි තියෙනවා.
- ඒත් අපිට අතීතය මතකයි. ආයි විප්ලවවාදී මර්දන වලට නොයන බවට සහතික මොනවද? සරසවි සිසුන් තාම brainwash කරනවාද?
- එදා බටලන්ද/බ්‍රේස්ලට් රනිල්ගේ අද චර්යාවේ වෙනසක් පේනවා. පහුගිය ටිකේ එක කටින් නෙමේ කරලම පෙන්නුවා. මේක රඟපෑමක්ද? නැතිනම් වයසත් සමග ආ වෙනසක්ද? ඔහුගේ වර්තමාන ක්‍රියා කලාපය මට තරමක් පිළිගන්න පුළුවන්.
හැබැයි දින 100 හරියට නොකලොත්, රාජපක්ෂලාට දඬුවම් නොදුන්නොත්, ඒ අනිවාර්යයෙන් රනිල් ගේ උදාසීන කම නිසා. එතකොට අනිවාර්යයෙන් JVP දෙනවා.