ප්‍රශ්න වලින් පැනලා යන්න එපා... දෙවියෝ ඔයා ල&#

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ප්‍රශ්න වලින් පැනලා යන්න එපා... දෙවියෝ ඔයා ල&#

    මම මේ කතාව ලියන්න වෙලාවක් නැතුව හිටියේ හරියට.
    ඒක ගැන මම පසුතැවෙනවා...
    ඒත් අපේ එළකිරි කොල්ලෙක් මම වගේම ප්‍රශ්නෙක වැටිලා ඉන්නවා දැක්කම මගේ පපුවත් හෝස් ගාලා ගියා.. ඒ මගේ කතාවම වගේ කතාවක් නිසා ඒ සහෝදරයාගෙත් ජීවිතේ තීරණාත්මක වෙලා..

    මම උසස් පෙළ කළේ කිසිම අරමුණක් නැතුව ..
    ඒ කාලේ මට අරමුණක් තිබ්බ නම් මම අද මෙතන නෑ...
    හැබැයි ඒ විභාගෙන් කැම්පස් නොගිය එක ගැන මම අද සතුටු වෙනවා..
    මට ගොඩාක් ජීවිතේ පන්නරයක් ලැබුණේ කැම්පස් යන්න ලැබුණේ නැති නිසා.. ඒ වුණාට ඉතින් කැම්පස් ජීවිතේ රස දකින කොටනම් දුකයි...

    කැම්පස් යන්න බැරි වුණු මම විභාගෙන් පස්සේ රස්සාවල් හොයන්න ගත්තා.
    රටේ නම ගිය මන්ත්‍රී කෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලග මාසයක් වැඩ කළා.. ඒත් පඩි ගෙව්වේ නෑ එතන.. කන්න බොන්න නම් පීනන්න.. උයන්න කෝකියෙක්.. කෑම ඉස්ටෝරුවක් විතරයි එහෙ තිබ්බේ...
    එතනින් මට සෙතක් වෙන විදියක් තිබ්ඛෙම නෑ.. මම නිකන් මෝඩයෙක් ගානට දැම්මා එතන එවුන් මම පොඩිනිසා.. ඉතින් මම එතනින් නැවතුනා..
    ඊට පස්සේ මට ඉස්කොලේ උසස් පෙළ කරන දවස් වල ලොකු ශිෂA්‍යත්වයක් හම්බවෙලා තිබ්බා එක්තරා නම ගිය පරිගණක ආයතනයක.
    ඒක අතඇරිලා තිබ්බ නිසා මම ඒක කරන්න පටන් ගත්තා...
    එතන හොදම වැඩකාරයා මම වුණා.. කෙල්ලො මගෙ වටේට..
    කොහොමෙන් කොහොම හරි මගේ කෙල්ල සෙට් වුණෙත් එතනදි.
    ඒකෙන් පස්සේ මම රස්සාවල් හොයන්න පටන්ගත්තා ආයෙමත්.
    ඔන්න ඊට පස්සෙ මම පළවෙනි රස්සාවට ගියා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට... ලංකාවේ අංක එකට නම ගිය ආහාර සැකසුම් ආයතනයක..
    එතන මට මුලින්ම දුන්නේ රු 9000 මාසෙට
    ඒ මදිවට ග්‍රෑෆික්ස් විතරක් නෙවෙයි.. ක්ලීනර් වැඩේ ඉඳින් නාට්ටාමි වැඩපවා උන් ගත්තා මගෙන්... මට රස්සාව එපා වුණා මම එතනින් අයින් වුණා...

    එතනින් එහාට මගේ ජීවිතේ මහා මූසල වුණා..
    කෙල්ලගෙ ගෙදරින් මාව බල්ලෙක් ගානට දැම්මා..
    තාත්තා ලෙඩ වෙලා රස්සාවෙන් අයින් උනා..
    අතේ සතේ නැතුව හිගන්නෙක් ගානට වැටුණා..

    ඒ කාලේ එළකිරියේ කට්ටිය හැබැයි සෑහෙන උදව් කළා..
    මගෙ නංගිට ඇස් කණ්නාඩිය අරන් දුන්නා එක සහෝදරයෙක්.. එයාගේ අයි.ඩී එක නම් මේකේ තිබ්බේ පිස්සු බල්ලා කියලා...
    තව ලියෝ කියලා සහෝදරයෙක් මගෙ පොතට මාසෙකට රු 3000 බැගින් දැම්මා.. මාස 4ක් .. අපේ එළකිරි ඇඩ්මින් සහ දත් කිඹුලා සහෝදරයා මට රස්සාවල් හොයලා දෙන්න සෑහෙන මහන්සි උනා...
    අපේ කොල්ලො සෙට් එක දෙයියො ටිකක් වගේ මට උදව් කළා..
    ඒකෙන් මම තාත්තව සනීප කරගත්තා..
    අවුරුද්දයි මාස 6ක් ගියාට පස්සේ තාත්තගෙ පැන්ෂන් එක යාන්තමින් හදා ගත්තා..
    පස්සේ ආයෙමත් මට පරන කම්පැණි එකෙන් ආයෙමත් රස්සාවට කතා කළා.. මම හොඳට වැඩටික කරගෙන ගියා.. දැන් මාසෙට රු 15000 ක වැටුපක් ලැඛෙනවා..
    මම එකෙන් ගෙදර ඉතිරි වැඩ කරනවා..
    තාත්තගෙ පැන්ෂන් එකෙන් කන්න බොන්න ජාති ගේනවා..
    කීය කීය හරි ඉතිරිත් කරනවා...
    බයික් එකක් ගෙවන්න ගත්තා..
    කෙල්ල කැම්පස් නිසා ඒකිටත් උදව් කරනවා...
    නංගිට උගන්වනවා..

    මෙච්චර වැඩගොඩක් මම කළේ මම වැටුණු නිසා අන්තෙටම...
    එළකිරියේ යාලූවො කව්රුත් මාව දැනගෙනවත් නෙවෙයි මට උදව් කළේ...
    අවංක හදවත් තියෙන ඒ අයගෙ උදව් මම හදවතින්ම මතක් වෙනවා හැම වෙලේම..
    මගෙත් එක්ක එකට හිටිය යාලූවො නෑයො මාව මග අරිද්දි
    මේ වගේ උදව් කරපු අය අදටත් මම දකින්නේ දෙවියන් විදිහට...
    ඒ නිසාම මම එයාලා හැමෝටම පින් සිද්ධ වෙන්නත් එක්ක
    මගෙ දෙවැනි වැටුපෙන් දුප්පත් අසරණ පවුලක ඇරියස් වෙලා කපපු ලයිට් ලයින් එක බිල ගෙවලා අරන් දුන්නා...
    උඹලා හැමෝටම ඒ පින් අනුමෝදන් වෙනවා යාලූවනේ...

    මේ කතාව වගේ ගොඩක් අය අසරණ වෙලා ඇති...
    මගෙ වයස දැන් 23.. උඹලා ඊටත් වැඩි අඩු වයස් වල ඇති...
    ඒත් වැටෙන්න එපා... කට්ට කාගෙන උඩටම නැගපල්ලා...
    දුක ගැන හිතුවමයි හිත ලෙඩ වෙන්නෙ.. ඒ ගැන නොහිතා තමන්ට ලැඛෙන මොන රස්සාව හරි කරලා කීය කීය හරි ඉතිරි කරන්න..

    මම දැන්ටත් රස්සාව කරන්නේ හරි අමාරුවෙන්...
    එක වැඩක් නෑ මට .. දවසකට පාරෙ.. දවසකට කර්මාන්ත ශාලාවේ.. දවසකට ඔෆිස්... ඒත් මම වැඩ... මේ මොන තැන වුනත් හරියට අත්දැකීම් ගන්න පුලූවන් තැන්... මම ඉගෙන ගත්තා... මිනිස්සුන්ගෙ කපටිකම් වලින් බේරෙන්න... තාක්ෂණය.. ගැටලූවලට විසඳුම්.. මේ හැමදේම ඉගෙනගත්තා..
    දැන් ඉතින් ඉදිරියට කරන වැඩ පරිස්සමින් කරන්න පුලූවන් ..

    හැමදේම තමන්ට ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න..
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදර්ශමත් ජීවිත කථාවක්.. ඔයාගෙ ඉදිරි අනාගතයට සුභ පතනවා...
    එළකිරි එකේ උදව් කරපු යාලුවන්ටත් ස්තූතයි..!
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මෙන්න කොල්ලෝ....එළකිරි මචං ජය වේවා!!!සිරාවට ආඩම්බරයි උබ ගැන
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔහොම යං මචන්, වැටි වැටි තමයි නැගිටින්න ඕනෙ. ජීවිතේ හැමෝටම ප්‍රශ්න එනවා. ඒවා වලට මුහුන දීල ඉස්සරහට යන එකයි දක්ෂ කම.
    11.gif
     

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    All the best Machan..........mage wayasa 21 i ochchcharata nathi unath maath sahen duken jiwithe geniyanna wela thiyenne............ane mnda ipdichcha welawe waradda thamai......duka kochchra magariyath duka mage passenmai...........kohomahari meh katta kagena inno mama............
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    ADO UBE KATHAWA AHALA MAGE AHATA KADULUTH INUWA.....MATA MARAMA SATHITUI ELAKIRIYA=E EWUN GANA....E WAGEMA UBA GANATH .UBATA MAMA SUBHA PTHANAWA MACHA....IHALATAMA YANNA SHAKTHIYA DHARYAYA WASANAWA LABEWA....
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    කියන කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....ඔබට ජයෙන් ජය.....
    ඒවගේම අපේ එළකිරි යාලුවන්ටත් මමත් ස්තුති කරනවා මේ කරලා තියෙන උදව් වලට......බුදු සරණයි
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනාගතය ජයෙන් ජය වේවා කියලා පතනවා....
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ගොඩාක් ස්තුතියි හදවතින්ම සුභ පතපු අපේ එළකිරි යාලුවො හැමෝටම
    ඔයාලගෙ ශක්තිය ගොඩක් පිටුවහලක් උනා මට මේ විදියට නැගිටින්න.
    වැටෙන්න එපා කවදාවත් නැගිටින්න උත්සාහ කරන්න හැමවෙල්ම..
    එතකොට තමයි ජීවිතේ සැබෑ අරුත තේරෙන්නෙ...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මෙන්න එල කොල්ලෙක්. උඹට හරියනව බන්. කොහොමහරි ඔය විදිහට ටික කාලයක් ඔළුව ගහගෙන හිටපන්. කල් යද්දි ඉබේම ඔක්කොම හරියයි. උඹට ජය!
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    හැමදේම තමන්ට ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න