ප්රශ්න වලින් පැනලා යන්න එපා... දෙවියෝ ඔයා ල&#
මම මේ කතාව ලියන්න වෙලාවක් නැතුව හිටියේ හරියට.
ඒක ගැන මම පසුතැවෙනවා...
ඒත් අපේ එළකිරි කොල්ලෙක් මම වගේම ප්රශ්නෙක වැටිලා ඉන්නවා දැක්කම මගේ පපුවත් හෝස් ගාලා ගියා.. ඒ මගේ කතාවම වගේ කතාවක් නිසා ඒ සහෝදරයාගෙත් ජීවිතේ තීරණාත්මක වෙලා..
මම උසස් පෙළ කළේ කිසිම අරමුණක් නැතුව ..
ඒ කාලේ මට අරමුණක් තිබ්බ නම් මම අද මෙතන නෑ...
හැබැයි ඒ විභාගෙන් කැම්පස් නොගිය එක ගැන මම අද සතුටු වෙනවා..
මට ගොඩාක් ජීවිතේ පන්නරයක් ලැබුණේ කැම්පස් යන්න ලැබුණේ නැති නිසා.. ඒ වුණාට ඉතින් කැම්පස් ජීවිතේ රස දකින කොටනම් දුකයි...
කැම්පස් යන්න බැරි වුණු මම විභාගෙන් පස්සේ රස්සාවල් හොයන්න ගත්තා.
රටේ නම ගිය මන්ත්රී කෙනෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලග මාසයක් වැඩ කළා.. ඒත් පඩි ගෙව්වේ නෑ එතන.. කන්න බොන්න නම් පීනන්න.. උයන්න කෝකියෙක්.. කෑම ඉස්ටෝරුවක් විතරයි එහෙ තිබ්බේ...
එතනින් මට සෙතක් වෙන විදියක් තිබ්ඛෙම නෑ.. මම නිකන් මෝඩයෙක් ගානට දැම්මා එතන එවුන් මම පොඩිනිසා.. ඉතින් මම එතනින් නැවතුනා..
ඊට පස්සේ මට ඉස්කොලේ උසස් පෙළ කරන දවස් වල ලොකු ශිෂA්යත්වයක් හම්බවෙලා තිබ්බා එක්තරා නම ගිය පරිගණක ආයතනයක.
ඒක අතඇරිලා තිබ්බ නිසා මම ඒක කරන්න පටන් ගත්තා...
එතන හොදම වැඩකාරයා මම වුණා.. කෙල්ලො මගෙ වටේට..
කොහොමෙන් කොහොම හරි මගේ කෙල්ල සෙට් වුණෙත් එතනදි.
ඒකෙන් පස්සේ මම රස්සාවල් හොයන්න පටන්ගත්තා ආයෙමත්.
ඔන්න ඊට පස්සෙ මම පළවෙනි රස්සාවට ගියා ග්රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට... ලංකාවේ අංක එකට නම ගිය ආහාර සැකසුම් ආයතනයක..
එතන මට මුලින්ම දුන්නේ රු 9000 මාසෙට
ඒ මදිවට ග්රෑෆික්ස් විතරක් නෙවෙයි.. ක්ලීනර් වැඩේ ඉඳින් නාට්ටාමි වැඩපවා උන් ගත්තා මගෙන්... මට රස්සාව එපා වුණා මම එතනින් අයින් වුණා...
එතනින් එහාට මගේ ජීවිතේ මහා මූසල වුණා..
කෙල්ලගෙ ගෙදරින් මාව බල්ලෙක් ගානට දැම්මා..
තාත්තා ලෙඩ වෙලා රස්සාවෙන් අයින් උනා..
අතේ සතේ නැතුව හිගන්නෙක් ගානට වැටුණා..
ඒ කාලේ එළකිරියේ කට්ටිය හැබැයි සෑහෙන උදව් කළා..
මගෙ නංගිට ඇස් කණ්නාඩිය අරන් දුන්නා එක සහෝදරයෙක්.. එයාගේ අයි.ඩී එක නම් මේකේ තිබ්බේ පිස්සු බල්ලා කියලා...
තව ලියෝ කියලා සහෝදරයෙක් මගෙ පොතට මාසෙකට රු 3000 බැගින් දැම්මා.. මාස 4ක් .. අපේ එළකිරි ඇඩ්මින් සහ දත් කිඹුලා සහෝදරයා මට රස්සාවල් හොයලා දෙන්න සෑහෙන මහන්සි උනා...
අපේ කොල්ලො සෙට් එක දෙයියො ටිකක් වගේ මට උදව් කළා..
ඒකෙන් මම තාත්තව සනීප කරගත්තා..
අවුරුද්දයි මාස 6ක් ගියාට පස්සේ තාත්තගෙ පැන්ෂන් එක යාන්තමින් හදා ගත්තා..
පස්සේ ආයෙමත් මට පරන කම්පැණි එකෙන් ආයෙමත් රස්සාවට කතා කළා.. මම හොඳට වැඩටික කරගෙන ගියා.. දැන් මාසෙට රු 15000 ක වැටුපක් ලැඛෙනවා..
මම එකෙන් ගෙදර ඉතිරි වැඩ කරනවා..
තාත්තගෙ පැන්ෂන් එකෙන් කන්න බොන්න ජාති ගේනවා..
කීය කීය හරි ඉතිරිත් කරනවා...
බයික් එකක් ගෙවන්න ගත්තා..
කෙල්ල කැම්පස් නිසා ඒකිටත් උදව් කරනවා...
නංගිට උගන්වනවා..
මෙච්චර වැඩගොඩක් මම කළේ මම වැටුණු නිසා අන්තෙටම...
එළකිරියේ යාලූවො කව්රුත් මාව දැනගෙනවත් නෙවෙයි මට උදව් කළේ...
අවංක හදවත් තියෙන ඒ අයගෙ උදව් මම හදවතින්ම මතක් වෙනවා හැම වෙලේම..
මගෙත් එක්ක එකට හිටිය යාලූවො නෑයො මාව මග අරිද්දි
මේ වගේ උදව් කරපු අය අදටත් මම දකින්නේ දෙවියන් විදිහට...
ඒ නිසාම මම එයාලා හැමෝටම පින් සිද්ධ වෙන්නත් එක්ක
මගෙ දෙවැනි වැටුපෙන් දුප්පත් අසරණ පවුලක ඇරියස් වෙලා කපපු ලයිට් ලයින් එක බිල ගෙවලා අරන් දුන්නා...
උඹලා හැමෝටම ඒ පින් අනුමෝදන් වෙනවා යාලූවනේ...
මේ කතාව වගේ ගොඩක් අය අසරණ වෙලා ඇති...
මගෙ වයස දැන් 23.. උඹලා ඊටත් වැඩි අඩු වයස් වල ඇති...
ඒත් වැටෙන්න එපා... කට්ට කාගෙන උඩටම නැගපල්ලා...
දුක ගැන හිතුවමයි හිත ලෙඩ වෙන්නෙ.. ඒ ගැන නොහිතා තමන්ට ලැඛෙන මොන රස්සාව හරි කරලා කීය කීය හරි ඉතිරි කරන්න..
මම දැන්ටත් රස්සාව කරන්නේ හරි අමාරුවෙන්...
එක වැඩක් නෑ මට .. දවසකට පාරෙ.. දවසකට කර්මාන්ත ශාලාවේ.. දවසකට ඔෆිස්... ඒත් මම වැඩ... මේ මොන තැන වුනත් හරියට අත්දැකීම් ගන්න පුලූවන් තැන්... මම ඉගෙන ගත්තා... මිනිස්සුන්ගෙ කපටිකම් වලින් බේරෙන්න... තාක්ෂණය.. ගැටලූවලට විසඳුම්.. මේ හැමදේම ඉගෙනගත්තා..
දැන් ඉතින් ඉදිරියට කරන වැඩ පරිස්සමින් කරන්න පුලූවන් ..
හැමදේම තමන්ට ආශිර්වාදයක් කරගෙන ඉදිරියටම යන්න..
තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....