ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්,

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්,

    ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක්



    ප්‍රසිද්ධියේ සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක්


    ඇමෙරිකා සංගීත කේෂ්ත්‍රයේ තවත් අපූරු දවසක් සනිහුටන් වුනා. ඒ බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල (Billboard Music Awards) ඊයේ පැවැත්වීම නිසයි. මෙම සම්මාන උළෙල ලෝකවාසී සියළු දෙනාගේ නෙත් ඇද ගැනීමට සමත් වුනා. මෙම උළලේදී අපූරු සිද්ධි කිහිපයක්ම වාර්තා වුනා. ඒ අතරින් අද අප කතා කිරීමට යන්නේ මේ දිනවල ලෝක මාධ්‍ය වේදීන්ගේත් ඔබ හැමදෙනාගේත් කතාබහට ලක්වුණු පුද්ගලයන් දෙදෙනෙක් ගැන. ඒ ජස්ටින් බීබර් (Justin Bieber) හා සෙලීනා ගෝමස් (Selena Gomez) යන දෙදෙනා ගැනයි.

    පසුගිය මාසවල මේ දෙදෙනා ගැන විවිධ පුවත්පළ වුනා. මේ පුවත් සියල්ලෙන්ම ප්‍රකාශ වුනේ මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති බවයි. නමුත් බොහෝ දෙනා කියා සිටියේ මොවුන් දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් නැති බවයි. නමුත් ඊයේ පැවැත් වුණු බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළලේ (Billboard Music Awards) ඇතිවුණු අපූරු සිද්ධිය නිසාවෙන් නැවතත් ලෝක මාධ්‍ය වේදීනුත් ලෝකවාසී බොහෝ දෙනාත් ‍මොවුන් දෙදෙනා වෙත නෙත් යොමු කිරීමට පටන් ගත්තා. ඒ අපූරු සිදුවීම නම් : සෙලීනාගෙන් බීබර්ට උණුසුම්, ආදර හාදුවක් ලැබීමයි. මෙම හාදුවත් සමග මොවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධයක් ඇති බව සියළු දෙනා පිළිගත්තා. හැබැයි තවමත් මේ දෙන්නා ඔවුන් අතර එවැනි සම්බන්ධයක් ඇති බව නිල වශයෙන් පිළිගෙන නැහැ. එහෙම පිළිගත්ත ගමන්ම සයිබර් පෙරේරා ඒ ගැන කියනවා. එහෙනම් ඔය පහළ ඡායාරෑප ටිකත් බලන්නකෝ.( බිල්බෝර්ඩ් සංගීත සම්මාන උළෙල දී -Billboard Music Awards )