ප්‍රසිද්ධ ලාංඡන වල සැඟවුණු සංකේත

Misha_K

Member
Oct 23, 2017
1,150
1,609
0
ප්‍රසිද්ධ ලාංඡන වල සැඟවුණු සංකේත

01. USB සංකේතය සඳහා නෙප්චූන් ලාංචනය

8TgdRul.jpg


USB සංකේතය සඳහා නෙප්චූන්ගේ ත්‍රිශූලය යොදාගෙන තිබෙන අතර එමගින් ශක්තිය සංකේතවත් කරනවා.
එමගින් එය විවිධ උපාංග සමඟ ක්රියා කරන එක් කේබලයක "ශක්තිය" නිරූපනය කරනවා.

02. Hyundai ලාංචනයේ අතට අත දීම

6H4rLLx.jpg


බොහෝ දෙනා සිතන්නේ මෙම මෝටර් රථ සමාගමේ ලාංඡනය එහි නමේ මුල් අකුර වන H යොදාගෙන තිබෙන බවයි.
නමුත් හොඳින් බැලුවොත් ඔබට දැකගන්න පුළුවන් මිනිසුන් දෙදෙනෙක් අතට අත දීම නිරූපනය කරන බව.

03. ද්විමය සංඛ්යා වලින් නිරූපනය වන on/off බොත්තම

l3Od148.jpg


ඔබේ පරිඝනකයේ on/off බොත්තම ඇති සංකේතයෙන් නිරූපනය වන්නේ 'බිංදුව' සහ 'එක' යි.
බිංදුවෙන් off අදහස් වන අතර එක මගින් on අදහස් වනවා.

04. රන් අනුපාතය සහ ඇපල් ලාංඡනය

gQC2Zq4.jpg


ඇපල් ලාංඡනය ගොඩනගා ඇත්තේ golden ratio මූලධර්මය මතයි. 1976 සිටම මෙම ලාංඡනයේ ස්වරූපය වෙනස් වී නැත.

05. Toblerone ලාංඡනයේ සැඟවුණු වලහා

IIKZEyz.jpg


සුප්රසිද්ධ චොකලට් සමාගමෙහි පිහිටි ප්රධාන කාර්යාලය ස්විට්සර්ලන්තයේ බර්න්හි පිහිටා ඇත. මෙය වලසුන්ගේ නගරය ලෙස
හඳුන්වනු ලබනවා. කඳුකරයේ පසුබිමට නිරූපනය වන ලාංඡනය මත වලහෙක් ඇති බව හොඳින් බැලුවොත් ඔබට දැකගන්න පුළුවන්.

06. NBC ලාංඡනයේ මොණරා

HSZKmyV.jpg


NBC ලාංඡනය මගින් වර්ණ 6 පිහාටු සහිත මොණරෙකු නිරූපනය වනවා. එක් එක් පිහාටු වලින් සමාගමේ ශාඛා 6 න් එකක් සංකේතවත් කරයි.

07. රූපලාවන්ය නිෂ්පාදනවල ආයුකාලය

W9E1Rud.jpg


රූපලාවන නිෂ්පාදන වල කුඩා ඇසුරුමක සංකේතයක් දකින්න ලැබෙන අතර එයින් මාස කීපයක් පෙන්නුම් කරනවා.
උදාහරණයක් ලෙස, 24M යනු පැකේජය විවෘත කිරීමෙන් පසුව, නිෂ්පාදනය වසර 2 ක් භාවිතා කල හැකි බව එයින් අදහස් වෙයි.

08. BMW ලාංඡනයේ අහස සහ අවර පෙත්ත

UTQRmGI.jpg


ආරම්භයේදීම BMW ජර්මානු සමාගම ගුවන් යානා එන්ජින් නිෂ්පාදනය කළ අතර මෙම ලාංඡනය එහි ඉතිහාසය සංකේතවත් කරනු ලබනවා.
සුදු පැහැති කොටසින් අවර පෙත්ත සහ නිල් පැහැ කොටසින් අහස නිරූපනය කරනවා.

09. pinterest

Zhc6yIp.jpg


මෙම ජනප්රිය අන්තර්ජාල සේවාවෙහි ප්රධාන සේවාව වන්නේ ඔබට අවශ්‍ය පින්තූර ලබාදීමයි.
මෙහි ලාංඡනයේ P අකුරෙන් pin එකක් නිරූපනය වන ලෙස නිර්මාණය කර තිබෙනවා.

10. The Lion King පෝස්ටරයේ කාන්තා රුව

gup2qG5.jpg


ලොව පුරා ජනප්‍රිය චිත්‍රපටයක් බවට පත්වූ The Lion King චිත්‍රපට පෝස්ටරයේ පසුබිමේ දැක්වෙන සිංහයාගේ රූපයෙහි
සැඟවුණු කාන්තා රුවක් ද දකින්නට ලැබෙනවා.