ප්‍රසිද්ධ විවාදයට සියල්ල සූදානම් හෙට රෑ 9.30&#
ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය පිහිටුවා ගැනීමට උදය ගම්මන්පිල මහතාට කිසිදු ප්‍රතිපත්තිමය කරුණක් බලනොපෑ බව ජාතික හෙළ උරුමයේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වය අතර විවාදයකට ඉඩ ලබා දීමට ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාව එකඟ වී ඇතැයි ජාතික හෙළ උරුමය කියයි. ඒ අනුව හෙට (29දා) රාත්‍රි 9.30ට එම නාළිකාවේ 'ජනහඬ' වැඩසටහනින් විවාදයට ඉඩ ලබා දීමට එම නාළිකාව එකඟත්වය පළ කර ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.
පූර්ව කොන්දේසි පැනවීමකින් තොරව එම විවාදයට සහභාගි වන ලෙස ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටිමින් එම පක්ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අස්සනින් නිවේදනයක් නිකුත් කරන ජාතික හෙළ උරුමය එම විවාදයට පක්ෂයේ මධ්‍යම කාරක සභික පක්ෂයේ අධ්‍යාපන ලේකම් ජේයෂ්ඨ කථිකාචාර්ය නීතිඥ අනුරුද්ධ ප්‍රදීප් මහතා එක්කිරීමට නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බව කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැති බවයි.