Borson's mastodon ලෙස ද හැඳින්වෙන "Mammut" borsoni මයෝසීන යුගයේ අග භාගයේ සිට ප්ලයිස්ටොසීන යුගය දක්වා බටහිර යුරෝපයේ සිට චීනය දක්වා විහිදෙන යුරේසියාවේ ජීවත් වූ වඳ වී ගිය දන්නා මුල් Mammutidae පවුලේ ප්‍රොබොසීඩියන් විශේෂයක්. Mammut borsoni සියලුම ප්‍රොබොසිඩියානුවන් අතරින් විශාලතම විශේෂය වගේම දන්නා විශාලතම භූමිෂ්ඨ ක්ෂීරපායින් අතරින් එකක්ද වෙනවා.
"Mmmut" borsoni ප්‍රථම වරට විස්තර කරන්නේ 1834 දී ඇමරිකානු ස්වභාව විද්‍යාඥ Isaac Hays විසින්. ඒ ඉතාලියේ Piedmont හි දී සොයාගත් දතක් ආධාරයෙන්.
Mammut borsoni සම්බන්ධ 2015 අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ සමාන්‍ය ප්‍රමාණයේ සතෙකුගේ බර ටොන් 16 ක් හා උරහිස තෙක් උස මීටර් 4.1 ක් ලෙසයි. ඉහළ ඇත් දළවල එනමල් පටි නොමැති අතර සෘජු දළය අගින් තරමක් ඉහළට වක්‍ර වී තිබෙනවා. ප්‍රොබෝසීඩියානුවන් අතර දන්නා දිගම ඇත්දළ ඇත්තේත් Mammut borsoni ටයි. ග්‍රීසියේ මිලියා හිදී හමුවූ එක් සංරක්ෂිත ඇත් දළයක් දිග මීටර් 5.02 පමණ දිග වන අතර, එය කිලෝග්‍රෑම් 137 පමණ වන ඇස්තමේන්තුගත ස්කන්ධයක් සහිතයි.
Mammut borsoni මූලික වශයෙන් දැවමය ශාකවල කොළ සහ අතු මත යැපුණු සතෙක් වන අතර Mammuthus rumanus, Tetralophodont gomphothere සහ Anancus arvernensis ඇතුළු අනෙකුත් proboscidean විශේෂ සමඟ සහජීවනයෙන් ජීවත් වී තිබෙනවා.
https://www.facebook.com/share/p/15VxQh8jwN/?mibextid=wwXIfr
Last edited: