ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
මේ පැහැදිලි කිරීම නම් එතරම් පිලිගන්න අමාරුයි. යමෙක් උසස් මානසික තත්වයක් ලබන්නේ අවිද්‍යාව නිසා කියලා කියන්න බැහැ. අපි සංසාරයේ ගමන් කරන්නේ අවිද්‍යාව නිසා, තමයි. හේතු ඵල ධර්මය චක්‍රයක් වගේ කැරකෙනවා, යලි යලි උපාදානයක් ඇති කරමින්, ඒක හරි. ඒත් දේවියෙක් ලෙස උපත ලබන්නේ ඔහුට දෙවියෙක් වීමට ඇති තණ්හාව නිසාම නෙවෙයි නේද? මා දන්න හැටියට නම් ඇතම් අය තමාගේ යම් යම් ක්‍රියා නිසා උසස් උපතක් ලබනවා. සමහර අයෙක් දෙව් ලොවක් ගැන අහලාවත් නැහැ. ඉතින් කොහොමද තණ්හාවක් ඇති කර ගන්නේ????

ආශිර්වාදය මොන වගේද කියලා උදාහරණයකින් පැහැදිලි කරන්න පුලුවන්ද?

දෙවියන්ට අපි වෙනුවෙන් යමක් කල හැකි අමුතු බලයක් තියෙන්ඩ පුලුවන්ද???

ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා..

දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ පෙනෙන්නෙ නැහැ .. කෙනෙක් හොඳ පැවත්මක් (දිව්‍ය ලෝක ගැන අහල නැතිවුණත්.. ඒ අය මේ ලෝකේ හොඳින් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන් දෙනව.. අනුන්ට උදව් කරනවා.. ) (දිව්‍ය බ්‍රහ්ම (බ්‍රහ්මයන්ට තමයි උසස්ම මනසක් තියෙන්නෙ)) බලාපොරුත්තුවෙන් හෝ නොදැන පැවත්මක් හැදෙන දෙයක් කරනවා නම් කෙරෙනවානම් එය අවිද්‍යාවටයි අයිතිවෙන්නෙ.. ඒක පුණ්‍ය සංඛාරයක් නම .. ජාතිය හොඳ එකක් වෙනවා .. ඒක අපුණ්‍ය සංඛාරයක් නම ජාතිය නරක එකක් වෙනවා..

ඒකයි බුදුපියාණන්වහන්සේ පෙන්නා දුන්නෙ ක්‍රමයක් අවිද්‍යව නිරෝධ (නැවත උදා නොවන තත්වයකට පත්කරන්න) කරන්න.... (චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය) ... මේකයි කිසිම ආගමක නැති... බුද්ධශාසනයේ පමණක් තියෙන... මහා ප්‍රාතිහාර්‍යය..

ආශිර්වාදය එන්නෙ මෙහෙමයි... අපි සංසාරෙ එනගමන් කරපු පිං පව් ඕනතරම් තියෙනවා .. හරියට ගබඩාවක තැන්පත් කරල තියෙනවා වගේ.. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නෙ ඕන හොඳ හෝ නරක ඇදිලා එන්න.. ඉතින් අපිට නරකක් එන්න නම් නොපෙනෙන ලෝකවල ඕන තරම් බලවේග තියෙනවා ඒවට උදව් දෙන (අපි අනුන්ට කරපු අවැඩ අසාධාරණ වල හෝ උදව් උපකාර වල ප්‍රතිඵල) ... ඉතින් දේව ආශිර්වාදයක් කියන්නෙ උන්වහන්සේලාගෙන් දෙන මග පෙන්වීම.. උදාහරණයක් කිව්වොත් සමහරු කියනවා අහල ඇති.. "මට හිතාගන්න බැහැ .. හැප්පෙන්න එනකොටම කවුරුහරි අතින් ඇදලා විසික්කරා වගේ.. අනූනමයෙන් බේරුනේ" ආදි වශයෙන්..
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
පිටියෙ_අප්පු;7400691 said:
මගේ අත්දැකීමකින්ම විස්තර කරන්නම් කෝ. මම පොඩි කාලේ ඉදලම හැමෝටම නිතර හැදෙන රෝගයකින් පීඩා විංදා. තරුණකාලේ වෙනකොටත් මේ ලෙඩේ දිගටම තිබුණා. කොච්චර බේත් බිව්වත් හොදක් වුනේ නෑ. මම ශල්‍යකර්ම දෙකකට මුහුණ දුන්න මේක හොද කරගන්න. ඒත් හොද වුනේ නෑ. ඒ කියන්නේ දොස්තරවරුන්ට රෝග නිධානය හොයාගන්න බැරිවුනා. ඉතිං මේ ඔක්කොම සිද්දවෙලා ඉද්දි මටම ඕනා වුනා මගේ මේ තියෙන ලෙඩේට හේතුවන රෝග නිධානය හොයා ගන්න.

මම දොස්තර කෙනෙක් නෙමෙයි නේ , ඉතිං මට රෝග නිධානය හොයා ගන්න දන්නේ නෑ. නමුත් නොදන්න දේවල් ගැන දැනගන්න ලංකාවේ ක්‍රම තියෙනවා. එකක් තමයි "පේන ඇහීම". ඉතිං මම මේ ක්‍රමය භාවිතා කරන්න හිතා ගත්තා. මේ ගැන තොරතුරු එකතු කරද්දි ඉතාමත්ම විශ්වාසවන්ත සිල්වත් සූනියන් දෙවියන්ගෙ ආරුඨය ගන්න පුළුවන් කපු මහතෙක් ගෙ දේවාලයක් ගැන දැන ගන්න පුළුවන් වුනා. මෙතෙන්ට ගිය මුල් දවසේ මගේ රෝග තත්වය නිසා මට කෙලින් ඉන්න පවා බැරිවුනා.

කෙසේ වෙතත් , මෙතෙනට ගිහින් පේන අහනකොට මම තීරණය කර ගත්තා මම මගේ රෝග නිධානය හොයාගන්නවමයි කියලා. ඊට පස්සෙ ඒ දේවාලෙ සිද්දවෙන බුද්ධ පූජා දේව පූජා වලට සහභාගී වුනා. එතන කෙරෙන්නෙ දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනාව. මෙතනට මම එහෙම ගියේ දින 4 යි . මගේ රෝගයට හේතුවෙන රෝග නිධානය මටම හොයාගන්න හම්බු වුනා (දතක මුදුනේ තිබුන ස්වාභාවික සිදුරක් නිසා , ආහාර ගන්නකොට ඒ කෑම කැබලි ඒ සිදුර හරහා ඇතුලට ගිහින් වෙන පැසවීම නිසා කණත් නහයත් ආසාදනය වීම තමයි රෝග නිධානය , පස්සේ ඒ සිදුර වැහුවට පස්සේ දැන් 90%ක් මට සනීපයි ). එතකොට දොස්තරලටත් හොයාගන්න බැරිවුන රෝග නිධානය මම හොයා ගත්තෙ කොහොමද ? දෙවියන්ට කරපු පුණ්‍යානුමෝදනාවෙන් මට ලැබුන යහපත් මගපෙන්වීම හිංදා.

ඉතිං මම කොහොමද දෙවියන්ගෙන් උදව් ගත්තේ කියල ඔබතුමාට අවබෝධ වෙවා යැයි ප්‍රාර්ථනා කරනවා.

ඔව් බොහොම ස්තුතියි, ඔබේ අදහස මට පැහැදිලියි.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා..

දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ පෙනෙන්නෙ නැහැ .. කෙනෙක් හොඳ පැවත්මක් (දිව්‍ය ලෝක ගැන අහල නැතිවුණත්.. ඒ අය මේ ලෝකේ හොඳින් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන් දෙනව.. අනුන්ට උදව් කරනවා.. ) (දිව්‍ය බ්‍රහ්ම (බ්‍රහ්මයන්ට තමයි උසස්ම මනසක් තියෙන්නෙ)) බලාපොරුත්තුවෙන් හෝ නොදැන පැවත්මක් හැදෙන දෙයක් කරනවා නම් කෙරෙනවානම් එය අවිද්‍යාවටයි අයිතිවෙන්නෙ.. ඒක පුණ්‍ය සංඛාරයක් නම .. ජාතිය හොඳ එකක් වෙනවා .. ඒක අපුණ්‍ය සංඛාරයක් නම ජාතිය නරක එකක් වෙනවා..

ඒකයි බුදුපියාණන්වහන්සේ පෙන්නා දුන්නෙ ක්‍රමයක් අවිද්‍යව නිරෝධ (නැවත උදා නොවන තත්වයකට පත්කරන්න) කරන්න.... (චතුරාර්‍ය සත්‍ය, ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය) ... මේකයි කිසිම ආගමක නැති... බුද්ධශාසනයේ පමණක් තියෙන... මහා ප්‍රාතිහාර්‍යය..

ආශිර්වාදය එන්නෙ මෙහෙමයි... අපි සංසාරෙ එනගමන් කරපු පිං පව් ඕනතරම් තියෙනවා .. හරියට ගබඩාවක තැන්පත් කරල තියෙනවා වගේ.. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නෙ ඕන හොඳ හෝ නරක ඇදිලා එන්න.. ඉතින් අපිට නරකක් එන්න නම් නොපෙනෙන ලෝකවල ඕන තරම් බලවේග තියෙනවා ඒවට උදව් දෙන (අපි අනුන්ට කරපු අවැඩ අසාධාරණ වල හෝ උදව් උපකාර වල ප්‍රතිඵල) ... ඉතින් දේව ආශිර්වාදයක් කියන්නෙ උන්වහන්සේලාගෙන් දෙන මග පෙන්වීම.. උදාහරණයක් කිව්වොත් සමහරු කියනවා අහල ඇති.. "මට හිතාගන්න බැහැ .. හැප්පෙන්න එනකොටම කවුරුහරි අතින් ඇදලා විසික්කරා වගේ.. අනූනමයෙන් බේරුනේ" ආදි වශයෙන්..

අදහස පැහැදිලියි. බොහොමයක් තුති.
 
ඔව් බොහොම ස්තුතියි, ඔබේ අදහස මට පැහැදිලියි.

එහෙනම් ඔබතුමාට තවත් වැටහෙන්න ඇති , දොස්තරවරුන්ටත් කරගන්න බැරිවුන ඒත් දේවබලයේ උපකාරයෙන් මම ස්වෝත්සාහයෙන් කලේ මට ප්‍රයෝජනවත් ප්‍රාතිහාර්යයක් බව. එකෙන් අදහස් වෙන්නේ හරියට දැනගෙන කරනව නම් සාමාන්‍ය අයටත් ප්‍රාතිහාර්ය පාන්න බැරි නැති විත්තියත්.
 
kitt354

Member
Mar 7, 2010
235
22
0
පිටියෙ_අප්පු;7400691 said:

මගේ රෝගයට හේතුවෙන රෝග නිධානය මටම හොයාගන්න හම්බු වුනා (දතක මුදුනේ තිබුන ස්වාභාවික සිදුරක් නිසා , ආහාර ගන්නකොට ඒ කෑම කැබලි ඒ සිදුර හරහා ඇතුලට ගිහින් වෙන පැසවීම නිසා කණත් නහයත් ආසාදනය වීම තමයි රෝග නිධානය , පස්සේ ඒ සිදුර වැහුවට පස්සේ දැන් 90%ක් මට සනීපයි ). එතකොට දොස්තරලටත් හොයාගන්න බැරිවුන රෝග නිධානය මම හොයා ගත්තෙ කොහොමද ?

මට මේක පැහැදිලි කරන්න...
මේ සිදුර ගැන කීවෙ කපු මහත්තයද? නැත්නම් ඊ‍ට පස්සෙ පරීක්ෂා කරපු දොස්තර කෙනෙක්ද?
නැත්නම් ඔයාටම හිතුනද?
:confused:
 
මට මේක පැහැදිලි කරන්න...
මේ සිදුර ගැන කීවෙ කපු මහත්තයද? නැත්නම් ඊ‍ට පස්සෙ පරීක්ෂා කරපු දොස්තර කෙනෙක්ද?
නැත්නම් ඔයාටම හිතුනද?
:confused:

දැන් මගේ අධිෂ්ඨානය වුනේ , මගෙ ස්වෝත්සාහයෙන්ම රෝග නිධානය හොයාගන්න නේ. මම කලින් කියපු දේවාලේ පූජාවලට සහභාගී වෙලා පස්සේ මමම තීරණය කලා ( දොස්තර කෙනෙක්ගෙ උපදෙස් වලින් තොරව ) මගේ මූනේ ස්පයිරල් ඩෙන්ටල් එක්ස් රේ එකක් ගන්න. ( මීට කලින් මගේ සයිනස් විව් එම් ආර් අයි සහ සීටී ස්කෑන් දෙකක් අරගෙන තිබුනත් එවගෙ මේ ප්‍රශ්නේ පේන්න තිබුනේ නෑ. ). මේ එක්ස් රේ එක කියවන්න පුළුවන් වුන එක රේඩියෝලොජිස්ට් කෙනෙක් හම්බු වුනෙත් නෑ. පස්සේ ඒ එක්ස් රේ එක අපේ ගමේ දත් දොස්තර පෙන්නුවම කැවිටි එක හොයා ගත්තා.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    මින් වෙන්නේ අපි දෙවියන්ට උදව් කිරීමක් මිසක් දෙවියන්ගෙන් අපි උදව් ගැනීමක් නොවේ නේද?

    ෙවිවරුන්ට දිව්ය ආත්ම වල ඉන්න පින් අව්ශ්යයි එත් දෙවිවරුන්ට ඩිව්ය ආත්ම වල ඉන්නා විට පිනක් කරගන්න බැහැ ඒකට තමයි මිනිස්සුන්ගේ සහයෝගය ඔනේ වෙන්නේ

    මිනිස්සු ලබා දෙන පින් වලට දෙවිවරු උදව් කරනවා
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    පිටියෙ_අප්පු;7401104 said:
    එහෙනම් ඔබතුමාට තවත් වැටහෙන්න ඇති , දොස්තරවරුන්ටත් කරගන්න බැරිවුන ඒත් දේවබලයේ උපකාරයෙන් මම ස්වෝත්සාහයෙන් කලේ මට ප්‍රයෝජනවත් ප්‍රාතිහාර්යයක් බව. එකෙන් අදහස් වෙන්නේ හරියට දැනගෙන කරනව නම් සාමාන්‍ය අයටත් ප්‍රාතිහාර්ය පාන්න බැරි නැති විත්තියත්.

    ඇත්තටම කියනවා නම් මට එවැන්නක් වැටහුනේ නැහැ. ඒකට හේතුව දේව බලයක් ගැන මා විස්වාස කරන්නේ නැති වීම වෙන්න පුලුවන්. මගේ ජීවිතයේ මා ලබා ගන්න දේවල් මා ස්ව උත්සාහයෙන් ලබා ගන්නවා මිසක් දෙවියන්ට credits දීමට මා කැමති නැහැ.

    දෙවියන්ට අපගේ ජීවිත වලට බලපෑමක් කල නොහැකියි කියා මා කියන්නේ නැහැ. මා කියන්නේ මා ඒ ගැන නොදන්නා බවයි. නමුත් මට තෙරෙන logic වලින් හිතෙන්නේ දෙවියන් නිකන් ජීවී කොට්ඨාශයක් බවත් ඔවුන්ට මිනිසුන්ට බලපෑම් කල හැකි විශේෂ බල නොමැති බවත්.

    අප දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලීම දේවවාදී(Theistic) අදහස් වලට සමාන බව මගේ හැඟීමයි. මොකද ඔවුන්ගේ "මැවුම්වාදය" සංකල්පය ඉවත් කල විට, ඉන් පසුව තියෙන්නේ දෙවියන්ගේන් යම් යම් දේ ඉල්ලීම තමා.

    දෙවියන් පිලිබඳ වෙනස් අර්ථකතන මෙතනදී එතරම් වැදගත් වෙන්නේ නැහැ. චේතනාව එකමයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    නොදුටු දෙවියෙක්ට යාඥා කිරීම අපි කියනවා වැරදියි කියා, ඒ දෙයම නෙවයිද දැන් මේ අපේ අය දේවාල වලට ගිහින් කරන්නේ???
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ෙවිවරුන්ට දිව්ය ආත්ම වල ඉන්න පින් අව්ශ්යයි එත් දෙවිවරුන්ට ඩිව්ය ආත්ම වල ඉන්නා විට පිනක් කරගන්න බැහැ ඒකට තමයි මිනිස්සුන්ගේ සහයෝගය ඔනේ වෙන්නේ

    මිනිස්සු ලබා දෙන පින් වලට දෙවිවරු උදව් කරනවා

    ඔබේ අදහසට මා එකඟ නැහැ.

    මොකද ඉස්ලාම් ආගමේත් ඔය කතාවම තමා වෙනස් විදියකට තියෙන්නේ. ඒ ගොල්ලෝ කියන්නේ අප දෙවියා වෙනුවෙන් වැඩ කරන විට(ඔබ කිව්වේ පින් දෙන විට කියලා) දෙවියා අපට උදව් කරනවා කියලා.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නොදුටු දෙවියෙක්ට යාඥා කිරීම අපි කියනවා වැරදියි කියා, ඒ දෙයම නෙවයිද දැන් මේ අපේ අය දේවාල වලට ගිහින් කරන්නේ???

    ඒත් දෙවියන්ගෙන් යම් පිහිටක් ලබෙන බව ඔප්පු වෙනකොට දෙවියන් සිටින බව ඔප්පු වෙනවා

    සුළඟ අපිට පෙන්නේ නැති පමනින් සුලඟ කියල දෙයක් නැහැ කියල අපිට කියන්න බැහැ
     
    Last edited:

    ඇත්තටම කියනවා නම් මට එවැන්නක් වැටහුනේ නැහැ. ඒකට හේතුව දේව බලයක් ගැන මා විස්වාස කරන්නේ නැති වීම වෙන්න පුලුවන්. මගේ ජීවිතයේ මා ලබා ගන්න දේවල් මා ස්ව උත්සාහයෙන් ලබා ගන්නවා මිසක් දෙවියන්ට credits දීමට මා කැමති නැහැ.

    දෙවියන්ට අපගේ ජීවිත වලට බලපෑමක් කල නොහැකියි කියා මා කියන්නේ නැහැ. මා කියන්නේ මා ඒ ගැන නොදන්නා බවයි. නමුත් මට තෙරෙන logic වලින් හිතෙන්නේ දෙවියන් නිකන් ජීවී කොට්ඨාශයක් බවත් ඔවුන්ට මිනිසුන්ට බලපෑම් කල හැකි විශේෂ බල නොමැති බවත්.

    අප දෙවියන්ගෙන් යම් යම් දේ ඉල්ලීම දේවවාදී(Theistic) අදහස් වලට සමාන බව මගේ හැඟීමයි. මොකද ඔවුන්ගේ "මැවුම්වාදය" සංකල්පය ඉවත් කල විට, ඉන් පසුව තියෙන්නේ දෙවියන්ගේන් යම් යම් දේ ඉල්ලීම තමා.

    දෙවියන් පිලිබඳ වෙනස් අර්ථකතන මෙතනදී එතරම් වැදගත් වෙන්නේ නැහැ. චේතනාව එකමයි.

    දැන් මෙතෙන්දි මම විද්‍යාත්මකව කරන්න පුළුවන් හැම දේම කළානේ. සාර්ථක වුනේ නෑ. උදාහරණයක් හැටියට මම කලින් කරපු එම් ආර් අයි හෝ සීටී ස්කෑන් දෙකෙදි වත් රෝග නිධානය ප්‍රදර්ශනය වෙන්න එපැයි. නමුත් එහෙම වුනේ නෑ. රෝග නිධානය හොයා ගන්න බැරිවුනා. ඇයි එහෙම බැරි වුනේ , දොස්තරලගෙ තියෙන අදක්ෂ කමද , විද්‍යාවේ තියෙන නොදියුණු කමද ? ඇයි මට දෙවියන්ට පිං දෙන්න පටන් ගත්තට පස්සේ රෝග නිධානය කිසිසේත්ම බලාපොරොත්තු නොවන විදියකට ( ගමේ දත් දොස්තර හරහා ) රෝග නිධානය හොයාගන්න හැකිවුනේ ? මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔබේ අදහසට මා එකඟ නැහැ.

    මොකද ඉස්ලාම් ආගමේත් ඔය කතාවම තමා වෙනස් විදියකට තියෙන්නේ. ඒ ගොල්ලෝ කියන්නේ අප දෙවියා වෙනුවෙන් වැඩ කරන විට(ඔබ කිව්වේ පින් දෙන විට කියලා) දෙවියා අපට උදව් කරනවා කියලා.

    ඉස්ලාම් පමනක් නොවේ හින්දු අගමෙත් තියන්නෙත් මෙ හරයම තමයි

    යම් දෙයක් ලොකයේ පවතින්න නම් යම්කිසි ඇත්තක් තියෙන්න ඔනෙමයි ඉස්ලාම් ආගම , හින්දු දහම , ක්‍රිස්තියන් දහම 100% වැරදියි කියලා මම කියන්නෙ නැහැ

    ඒත් මේ සැම ආගමක් ම දෙවියන්ගෙන් උදව් ගන්න තැනට විතරයි ගිහිල්ල තියෙන්නේ , බුදු දහම එතනින් එහාට ගිහිල්ල තියනව

    බුදුන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රය දෙශනා කරන්න හේතුව උනෙත් ස0ගයා ව්හන්සේලාට දෙවිවරුන්ගේ උදව් ලබගන්න

    බුදුන් වහන්සේ ල0කාව ආරක්ශා කරන්න විශ්නු දෙවියන්ට පවරපු වගත් බෞද සහිත්යයේ සඳහන් වෙනවා
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඒත් දෙවියන්ගෙන් යම් පිහිටක් ලබෙන බව ඔප්පු වෙනකොට දෙවියන් සිටින බව ඔප්පු වෙනවා

    සුළඟ අපිට පෙන්නේ නැති පමනින් සුලඟ කියල දෙයක් නැහැ කියල අපිට කියන්න බැහැ

    තරහා වෙන්න එපා. ඔබේ කතාව හරියටම දේවවාදියෙක් වගේමයි. මේ කතාව නම් මා ඕනෑ තරම් අහලා තියෙනවා, theistලාගෙන්. ඔවුනුත් කියනවා මේ දෙයම. දෙවියන්ගෙන් පිහිටක් ලබපු බවක් කිසිම කෙනෙක් කිසිම තැනක ඔප්පු කරලා නැහැ කියලා තමා මා ඔවුන්ට කිවුවේ. ඔබටත් කියන්න වෙන්නේ ඒකම තමා.

    අනික මේක දෙවියන් ඉන්නවාද නැදද කියලා ප්‍රශ්නයක් නෙවෙයි, තමාට පිහිට තමාම කියලා අප හිතනවාද, නැත්නම් දෙවියන්ගෙන් පිහිටක් ලැබෙනකම් ඉන්නවා ද කියන එක ගැන ප්‍රශ්නයක්.

    ඔබ සිතන්නේ දෙවැන්න නම්, ඉස්ලාම්, කතෝලික චින්තනයට ඔබ එතරම් දුරකින් නැහැ නේද??
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    පිටියෙ_අප්පු;7402982 said:
    දැන් මෙතෙන්දි මම විද්‍යාත්මකව කරන්න පුළුවන් හැම දේම කළානේ. සාර්ථක වුනේ නෑ. උදාහරණයක් හැටියට මම කලින් කරපු එම් ආර් අයි හෝ සීටී ස්කෑන් දෙකෙදි වත් රෝග නිධානය ප්‍රදර්ශනය වෙන්න එපැයි. නමුත් එහෙම වුනේ නෑ. රෝග නිධානය හොයා ගන්න බැරිවුනා. ඇයි එහෙම බැරි වුනේ , දොස්තරලගෙ තියෙන අදක්ෂ කමද , විද්‍යාවේ තියෙන නොදියුණු කමද ? ඇයි මට දෙවියන්ට පිං දෙන්න පටන් ගත්තට පස්සේ රෝග නිධානය කිසිසේත්ම බලාපොරොත්තු නොවන විදියකට ( ගමේ දත් දොස්තර හරහා ) රෝග නිධානය හොයාගන්න හැකිවුනේ ? මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න

    හොඳයි, මා මේ ගැන තවත් හිතා බලන්නම්, මට නම් පෙනෙන්නේ මෙය අහඹු සිදුවීමක් ලෙස පමණයි.

    මෙවැනි සිදුවීම් ඕනෑ තර්ම් වෙන බව මදක් සොයා බැලුවොත් ඔබට පෙනේවි. ඇතැම් ලෙඩුන් දොස්තර වරු ගන්නාවක් ලඟට යනවා, ලෙඩ සොයා ගත නොහැකිව. ඉන් පසු, එක් අයෙක් එක් වරම ලෙඩය හොයා ගන්නවා.

    මේ ඔබතුමාගේ ගමේ දොස්තරගේ දක්ෂතාවය කියා ඔබ නොසිතන්නේ ඇයි?

    ඉස්ලාම් භක්තිමතුන් හෝ කතෝලික භක්තිමතුන් තම දෙවියන් සිටින බවත් ඔවුන්ගේ බලයත් පෙන්වීමට අහඹු සිදුවීම් උපයෝගී කරගන්නා බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. මෙතනදීත ඔබත් එවැනිම දෙයක් කරනා බවක් වගේ සේයාවක් තියෙනවා නේද?

    දෙවියන්ට අපගේ ජීවිතයට බලපෑමක් කල හැකි යයි ඔබ සිතන්නේ නම්, එය දේවවාදී චින්තනයෙන් වෙනස්වන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙනු මැනවි.
     
    • Like
    Reactions: kitt354

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    /
    දෙවියන්ට අපගේ ජීවිතයට බලපෑමක් කල හැකි යයි ඔබ සිතන්නේ නම්

    සමාවෙන්න ඕනි සහෝදරයා මම් මෙහෙම කියනවට. මට කරුනු ඉදිරිපත් කරන්න මේ මොහොතේ හැකියාවක් නැති නිසයි මෙහෙම කියන්නෙ, සහෝ උවමනාවක් සහා උනන්දුවක් තියෙන බව පෙනෙන නිසා ඒකත් හොදටම ඇති වෙය් කියලා මන් හිතනවා..
    ආටානාටිය සූත්‍රය කියවන්න
    සෑහෙන්න ප්‍රශ්න ගොඩක් නිරාකරනය කරගන්න පුළුවන් වෙයි...
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ඉස්ලාම් පමනක් නොවේ හින්දු අගමෙත් තියන්නෙත් මෙ හරයම තමයි

    හින්දු ආගම ගැන ඔබේ අදහසට මා එකඟ වන්නේ නැහැ. හින්දු ආගම ගැන මා තරමක් දුරට අධ්‍යනය කර තියෙනවා. දේවවාදයක් වුවත් එහි හරය ඊට වඩා බොහෝ ගැඹුරුයි.

    ඒත් මේ සැම ආගමක් ම දෙවියන්ගෙන් උදව් ගන්න තැනට විතරයි ගිහිල්ල තියෙන්නේ , බුදු දහම එතනින් එහාට ගිහිල්ල තියනව
    මගේ අදහස් මෙයට වඩා වෙනස්. බුදු දහමේ අප දෙවියන්ගෙන් උදව් ගන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ අප කොතැනකවත් දෙවියන් ගෙන් උදව් බලා ගෙන ඉන්නේ නැහැ.
    දෙවියන්ට වැඳීම බුදු දහමට අයිති දෙයක් නොවේ, හින්දු බලපෑම නිසා බෞද්ධ සංස්කෘතියට එක් වූ දෙයක් ලෙසයි මට පෙනෙන්නේ.

    අන් ආගම් දෙවියන්ගෙන් උදව් ගන්න තැනට ඇවිත් තියෙනවා නම්, ඔබේ අදහසට අනුව ඒ ආගම් සත්‍ය මාරගයේ යම් දුරකට ඇවිත් නේද?

    බුදුන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රය දෙශනා කරන්න හේතුව උනෙත් ස0ගයා ව්හන්සේලාට දෙවිවරුන්ගේ උදව් ලබගන්න
    මේ ගැන නම් මා දන්නේ නැහැ. නමුත් මේක ඇත්තක් වීමට ඇති ඉඩ ඉතා අඩු බවයි මට හැඟෙන්නේ.

    බුදුන් වහන්සේ ල0කාව ආරක්ශා කරන්න විශ්නු දෙවියන්ට පවරපු වගත් බෞද සහිත්යයේ සඳහන් වෙනවා

    බෞදධ සාහිත්‍යය කියන්නේ කතාවක්. කතාවකින් කියවෙන්නේ කතුවරයාට ඕන දේ මිස ඇත්ත නෙවේ. බුදුන් කාලාම සූත්‍රයේ කියලා තියෙනවා පොතක තියෙන දෙය පිලිගන්න එපා ඔබේ බුද්ධියට ගෝචර නොවේ නම් කියලා. ඒ හින්දා මට නම් මේක පිලිගන්න ටිකක් අමාරුයි.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    සමාවෙන්න ඕනි සහෝදරයා මම් මෙහෙම කියනවට. මට කරුනු ඉදිරිපත් කරන්න මේ මොහොතේ හැකියාවක් නැති නිසයි මෙහෙම කියන්නෙ, සහෝ උවමනාවක් සහා උනන්දුවක් තියෙන බව පෙනෙන නිසා ඒකත් හොදටම ඇති වෙය් කියලා මන් හිතනවා..
    ආටානාටිය සූත්‍රය කියවන්න
    සෑහෙන්න ප්‍රශ්න ගොඩක් නිරාකරනය කරගන්න පුළුවන් වෙයි...

    ආටානාටිය සූත්‍රය මා කියවූවා. මගේ අදහස් නම් වෙනස් වූයේ නැහැ. සහෝදරයා මේ ගැන තවත් කරුණු දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා.

    සූත්‍රය සම්බන්ධයෙන්

    (1)දෙවියන් ගැන වචනයක් වත් මෙහි නැහැ
    (2) මෙය බුදුන් දේශනා කල සූත්‍රයක් නොව යකෙක් විසින් බුදුන්ට දේශනා කල එකක්.
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ආටානාටිය සූත්‍රය මා කියවූවා. මගේ අදහස් නම් වෙනස් වූයේ නැහැ. සහෝදරයා මේ ගැන තවත් කරුණු දක්වයි කියලා බලාපොරොත්තු වෙනවා.

    සූත්‍රය සම්බන්ධයෙන්

    (1)දෙවියන් ගැන වචනයක් වත් මෙහි නැහැ
    (2)මෙය බුදුන් දේශනා කල සූත්‍රයක් නොව යකෙක් විසින් බුදුන්ට දේශනා කල එකක්.

    වාදයකට පැටලිමට අකමැති නමුත් මෙම කරුනු පිලිබද සුලු විස්තරයක් දෙන්නම්.

    (1) දෙවියන් ගැන වචනයක් හෝ මෙහෙ නැත යන්නෙන් මට හැගී යන්නේ ඔබ මෙම සූත්‍රය කියවා නැති බවයි...

    (2) බුදුන් දේශනා නොකල බව පැවසීමෙන්ද එයම හැගී යයි. මෙය යක්ශ සේනාපති විසින් මහාවීරයානන් වහන්සේට දේශනා කර ඉන්පසුව උන්වහන්සේ විසින් අනුමත කර නැවත සංගයා උදෙසා ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද්දකි.

    ( ප.ලි. ඉහත 2 ප්‍රකාශය ඔබ විසින් කරුනු කාරනා දැනගෙන සූත්‍රයද කියවීමෙන් පසුව ප්‍රකාශ කරන ලද්දක් නම් එය ඔබ විසින් බුදුරදුන්ට අභූතයෙන් චෝදනා කිරීමකි. මින් පසුවවත් බුද්ධ දේශනා පිලිබද සාකච්චා කිරීමේදි හොදින් සොයා බලා කතා කිරීම සියලුම බෞද්දයන්ටම වැදගත්ය. තමන්ගෙ පවු කමා කරගනිත්වා....)