මේ පැහැදිලි කිරීම නම් එතරම් පිලිගන්න අමාරුයි. යමෙක් උසස් මානසික තත්වයක් ලබන්නේ අවිද්‍යාව නිසා කියලා කියන්න බැහැ. අපි සංසාරයේ ගමන් කරන්නේ අවිද්‍යාව නිසා, තමයි. හේතු ඵල ධර්මය චක්‍රයක් වගේ කැරකෙනවා, යලි යලි උපාදානයක් ඇති කරමින්, ඒක හරි. ඒත් දේවියෙක් ලෙස උපත ලබන්නේ ඔහුට දෙවියෙක් වීමට ඇති තණ්හාව නිසාම නෙවෙයි නේද? මා දන්න හැටියට නම් ඇතම් අය තමාගේ යම් යම් ක්‍රියා නිසා උසස් උපතක් ලබනවා. සමහර අයෙක් දෙව් ලොවක් ගැන අහලාවත් නැහැ. ඉතින් කොහොමද තණ්හාවක් ඇති කර ගන්නේ????
ආශිර්වාදය මොන වගේද කියලා උදාහරණයකින් පැහැදිලි කරන්න පුලුවන්ද?
දෙවියන්ට අපි වෙනුවෙන් යමක් කල හැකි අමුතු බලයක් තියෙන්ඩ පුලුවන්ද???
ඔව්... ඔය දිව්‍යසම්පත්... ඒවායෙ තියන සැප .. (විමාන වත්ථු වල හොඳට පැහැදිලි කරලා තියෙනවා).. ඇහුවාම ඒවට බැඳෙනවා ආස හිතෙනවා.. ඉතින් අපි කොහොමද දෙවි වෙන්න කියලා අහනවා.. හොයනවා.. ඊට අනුව වැඩකරනවා..
දැන හෝ නොදැන ඔය හැමදෙයක්ම අවිද්‍යාවෙ වැඩපිලිවල්... හේතුව.. සුවය සැපසම්පත් පෙනෙනවා..අවසානයේ එන ජරා මරණ පෙනෙන්නෙ නැහැ .. කෙනෙක් හොඳ පැවත්මක් (දිව්‍ය ලෝක ගැන අහල නැතිවුණත්.. ඒ අය මේ ලෝකේ හොඳින් කරදරයක් නැතුව ජීවත් වෙන්න දන් දෙනව.. අනුන්ට උදව් කරනවා.. ) (දිව්‍ය බ්‍රහ්ම (බ්‍රහ්මයන්ට තමයි උසස්ම මනසක් තියෙන්නෙ)) බලාපොරුත්තුවෙන් හෝ නොදැන පැවත්මක් හැදෙන දෙයක් කරනවා නම් කෙරෙනවානම් එය අවිද්‍යාවටයි අයිතිවෙන්නෙ.. ඒක පුණ්‍ය සංඛාරයක් නම .. ජාතිය හොඳ එකක් වෙනවා .. ඒක අපුණ්‍ය සංඛාරයක් නම ජාතිය නරක එකක් වෙනවා..
ඒකයි බුදුපියාණන්වහන්සේ පෙන්නා දුන්නෙ ක්‍රමයක් අවිද්යව නිරෝධ (නැවත උදා නොවන තත්වයකට පත්කරන්න) කරන්න.... (චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ඨාංගික මාර්ගය) ... මේකයි කිසිම ආගමක නැති... බුද්ධශාසනයේ පමණක් තියෙන... මහා ප්රාතිහාර්යය..
ආශිර්වාදය එන්නෙ මෙහෙමයි... අපි සංසාරෙ එනගමන් කරපු පිං පව් ඕනතරම් තියෙනවා .. හරියට ගබඩාවක තැන්පත් කරල තියෙනවා වගේ.. ඒකට සුදුසු පරිසරයක් තියෙන්නෙ ඕන හොඳ හෝ නරක ඇදිලා එන්න.. ඉතින් අපිට නරකක් එන්න නම් නොපෙනෙන ලෝකවල ඕන තරම් බලවේග තියෙනවා ඒවට උදව් දෙන (අපි අනුන්ට කරපු අවැඩ අසාධාරණ වල හෝ උදව් උපකාර වල ප්‍රතිඵල) ... ඉතින් දේව ආශිර්වාදයක් කියන්නෙ උන්වහන්සේලාගෙන් දෙන මග පෙන්වීම.. උදාහරණයක් කිව්වොත් සමහරු කියනවා අහල ඇති.. "මට හිතාගන්න බැහැ .. හැප්පෙන්න එනකොටම කවුරුහරි අතින් ඇදලා විසික්කරා වගේ.. අනූනමයෙන් බේරුනේ" ආදි වශයෙන්..
