මා මුලින් මේ සූත්‍රය කිහිප වරක් කියවූවා. නමුත් මා වැරදි විය හැකියි, අනික මගේ පාලි දැනුම ඉතාම අඩුයි. එනිසා ඔබට ආරධනා කරනවා, සූත්‍රයේ දෙවියන් ගැන සඳහන් කොටස උපුටා දක්වන ලෙස.
සූත්‍ර කියවීමට පාලි දැනුමක් අවශ්‍යයි යැයි මම නොසිතමි. මන්දයත් පාලි සූත්‍ර වල නිවැරදි සිංහල පරිවර්තන පහසුවෙන් ඔබට ලබාගැනීමට හැක. උදා ලෙස මහමෙව්නා සුත්‍ර පරිවර්තන දැක් විය හැක.
ඔබ නිවැරදියි. නමුත් මාත් නිවැරදියි. මා කිව්වේ සූත්‍රය දේශනා කලේ යකෙකු බව. මොකද යකෙක් තමා එය පලමුව දේශනා කලේ. බුදුන් එය අනුමත කල නිසා බුද්ධ දේශනාවක් විදිහට ගත්තට කමක් නැහැ. නමුත් සූත්‍රය කිව්වේ යකෙක් විසින්. බුදුන් කලේ එය යලි කීමක්.
මා සූත්‍රය කියවීමෙන් පසුවයි, මෙම ප්‍රකාශය කලේ.
මා කල චෝදනාව කුමක්දැයි මට පැහැදිලි නැහැ. එනිසා පැහැදිලි කර දෙන්න. සූත්‍රය යකෙක් විසින් බුදුන්ට කියූවක් බව සත්‍යයක්. බුදුන් පසුව එය යලි කියූ බවත් සත්‍යයක්. මෙහි ඇති චෝදනාව කුමක්ද?
(2) මෙය බුදුන් දේශනා කල සූත්‍රයක් නොව යකෙක් විසින් බුදුන්ට දේශනා කල එකක්.
ඔබගේ ප්‍රකාශ මහා වියවුලකි... පිලිගනී, නොගනී
දැන් ඔබම පිලි ගන්නවා එය බුදුන් වහන්සේ විසින් අනුමත කොට නැවත වදාල බව. බුදුන්වහන්සේ විසින් වදාලා නම් එය බුදු බනකි. බුද්ද භාශිතයකි. උන්වහන්සේවිසින් යමක් ප්‍රකාශ කලේ නම් එය ස්වාක්කාත, සන්දිට්ටික,අකාලික, ඒහිපස්සික්, ඕපනයික, පච්චත්තන් වේදිතබ්බ යන ගුන වලින් යුතු වන්නකි. නමුත් ඔබ කලින් පැවසුවා එය බුදුන් වදාල දෙයක්
නොව යකෙකු වදාල දෙයක් බව. මෙහිදී මම වචන හරබයක් කරනවා යයි කෙනෙකුට සිතීමටත් පුළුවන....
මා ඔය කියන බෞද්ධ නැමති කණ්ඩායමට අයත් නැහැ. නමුත් මා කිසි දිනක බුදු දහමට හෝ බුදුන්ට අගෞරවයක් වෙන පරිදි ක්‍රියා කර නැහැ.
බුදු රදුන්ගේ ධර්මය පිලිපදින තෙරුවන් සරන ගිය පිරිස බෞද්ධයන් ලෙසයි ශ්‍රී සද්ධර්මයේ අර්ත දැවෙන්නේ. සමහර විට ඔබ එසේ නොවීමට ඉඩ ඇත....
පව් සමා කර ගැනීම කතෝලික චාරිත්‍රයක්. මා කතෝලික අදහස් පිලි ගන්නේ නැහැ.
සමා වෙන්න... මම කතෝලික අදහසක් පැවසූවා නොවේ. ඔබ විසින් කරන සමහර පින්කම් වල බල මහිමයෙන් අකුසල කර්මවල විපාක ඔබට නොදැනී යන අවස්තාගැන එහෙම ඔබ දන්නවා ඇතැයි සිතමි...