පහන් සිලේ ආලෝකය අතරින්
දස දහසක් සිත් සුවපත් වේවා….!
කඳුල සුසුම තනිකම නුඹගේ හෙට
සදා කාලයටම ළඟට නොඒවා…!
හිතන උතුම් නුඹෙ බෝසත් සිතිවිලි
තවත් තවත් ඒ හිතට දැනේවා….!
සසර ගමන නුඹෙ අහවර වන්නට
මේ පිං මහිමය පිහිටක් වේවා…!
කියාගන්න බැරි තරම් හිතට දැනෙනවා අයියේ.... සුදු නංගි මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඇති..... ඔයාගෙ මේ නිර්මාණය ගැන මට කථා කරන්න බැරි තරම් සතුටුයි.