ප්‍රින්ස්ගේ_සංවේදී_කතාව

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ප්‍රින්ස්ගේ_සංවේදී_කතාව

    බඳින්න හිටිය ගායිකාව වෙනකෙකු සරණ ගිය නිසා ජිවිතකාලයම තනිකඩව හිටිය ප්‍රින්ස්ගේ සංවේදී කතාව මෙන්න

    පසුගියදා අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මේ දක්වා හෙළි නොවූ කතාවක් ඔහුගේ සමීපතම කලා සහෘදයෙකු වන ආනන්ද පද්මසිරි මහතා හෙළිදරව් කර තිබේ.

    වයස 47 ක කෙටි ජීවිතයේ මරණ මොහොත දක්වා අවිවාහකව සිටි ප්‍රින්ස් ජීවිතය කලකිරී බීමතට ඇබ්බැහිව ජීවිතය නාස්ති කරගත් අයෙකු ලෙස බොහෝ අය හඳුන්වා දෙනු ලැබූවත් ඒ යටින් දිවෙන කතාව ඉතා ශෝචනීයය.

    ප්‍රින්ස් සමග පෙමින් වෙළුණු ගායිකාවක අදහාගන්නට බැරි හේතුමත ඔහුගෙන් දුරස්වී ඔහු හැරයාමෙන් පසු ප්‍රින්ස්ගේ ජීවිතය වෙනස්වූ බවත් පසුව ඔහු අවිවාහකව දිගටම සිටිමින් බීමතට ඇබ්බැහිවූ බවත් ඔහුට ආදරය කරමින් රැකබලාගත් මව දඹදිව හා ඩුබායි සංචාරයක එක්ක ගිය අවස්ථාවේ මවගේ අසනීප තත්ව මතුවී ඇය ඩුබායි රෝහලකදී මරණයට පත්වීමෙන් පසු ප්‍රින්ස් එම කම්පාවත් සමගම ලෙඩ ඇඳට වැටුණ බවත් හෙළිදරව් කර තිබේ.

    එම විස්තරය මෙසේය ‘අනූව දශකයේ මුලදී ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ පරපුර ආදරයෙන් වැලඳගත් ගායකයෙකු විය. ඔහුට පසුව ගී ලොවට ආ යොවුන් ගායිකාවක් වෙත ඔහුගේ සිත බැඳුණි. ආදරය ප්‍රකාශ විය.දෙපස වැඩිහිටියන්ගේ කැමැත්තද සපුරාම ලැබී තිබුණි. ප්‍රින්ස් යුගයේ ඉහළම ජනප්‍රියත්වය ලබද්දී ඇයද කෙමෙන් පෙරට ආවාය.

    එහෙත් … සිතු දේ නොම වන නොසිතු දෙයම සිදු වන ලෝකයේ ගායිකාව ප්‍රින්ස්ගේ මනමාලිය නොවී වෙනකෙකු අතගත්තාය. අවංක අහිංසකයාගේ හදවත කඩාවැටුණේය. එක දිගටම විරහ ගීත මාලාවක්ම ඔහුගේ වේදනාත්මක හඬින් ගැයුණේය.

    තුරුණු රසික රසිකාවියෝ ඒ ගීත ආදරයෙන් පිළිගත්හ. එහෙත් ඒ ගී රැසක උල්පත වූයේ ප්‍රින්ස්ට අහිමි වූ ගායිකා පෙම්වතිය බව දැන සිටියේ ඔහුගේ සමීපතමයන් පමණි. පසු කාලයක ‘තනි තරුව’ නමින් ඉරිදා පුවත්පතකට මා සැපයූ විශේෂාංගයක් සඳහා ඔහු එම ගායිකාව ඇගේ නමින්ම හඳුන්වා දෙමින් ඇය සමඟ විවාහ වීමට සිටියත්, හේතුව කුමක්දැයි අදහාගන්නට’ බැරි ලෙස ඇය අන්සතු වූ බව පැවසුවේය.

    එම පැතුම බිඳී ගිය පසුව ඔහු තනිකඩව දිවි ගමනට යන්නට තීරණය කළේ ආදරයේ වේදනාවන් වඩ වඩාත් ගයමිනි.‘කඳුලු ගංගා ගලා …දෑස උතුරා ගියා… ‘මා තනි වී හඬන පැයේ….ඔබ සැඟවී කොහෙද ගියේ ‘තුරුලු වෙමින් හෙමින් සැරේ මා ළඟින් ආදරේ කියාල දුන් ළ‍ඳේ“
    ‘විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ ‘

    ආදරයේ වේදනාව මෙලෙස ප්‍රින්ස්ගේ ශෝකී ස්වරයෙන් ගැයෙද්දී ඔහුගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ විය. නාමල් උඩුගම සහ ප්‍රින්ස් උදය ප්‍රියන්ත දෙදෙනා නොමැති සංගීත ප්‍රසංගයක් එකල පැවැත්වුණේ කලාතුරකිනි. අනූව දශකය ඔවුන්ගේ විය. නාමල් උඩුගම රුවන්ති මංගලා සමඟ විවාහ වුවත් ප්‍රින්ස් උදය ප්‍රියන්ත බිඳුණු ආදරයේ නාමයෙන් තනිකඩව සිය ආදරණීය මෑණියන් සමඟ ජීවත් විය. අම්මාට ඔහු පණ මෙන් ආදරය කළේය.

    පියා මියගොස් තිබුණේ බොහෝ කලකට පෙරය. හිටපු විදුහල්පතිනියක වූ රොසලින් මහත්මියට තම පුතු විවාහයක් කරගෙන සිටිනු දැකීමේ ආශාව කොතෙක් තිබුණත් ප්‍රින්ස් මවට අකීකරු වූයේ ඒ කාරණාවේදී පමණි. නැගණිය ශිරෝනි ප්‍රියංගිකා විවාහ වී සිය නිවස අසලම ජීවත්වන නිසා අම්මාටත්, තමාටත් කරදරයක් නැතැයි ප්‍රින්ස් මා සමඟ එකල පැවසුවේය.

    දිනකට එළිමහන් ප්‍රසංග ගණනාවකට සහභාගිවෙමින් අතිශය කාර්ය බහුල දිවියක් ගත කළ ප්‍රින්ස්ට ඒ නිසාම දැඩි පාළුවක් දැනුණේද නැත.

    ‘අයියා ඉතුරු කළ මුදල් හා වාහනත් දැන් ඉවරයි. තවත් කාලයක් අඛණ්ඩව ප්‍රතිකාර අවශ්‍ය බව වෛද්‍යවරුන් කියනවා. ඒ නිසා හැමදාම උදව් කළ රසික ජනතාවට මේ දුක මම කියනවා…’ මාස ගණනකට පෙර අපගේ මෙම දිනමිණ – සත්සරසි පිටුවට ශිරෝනි නැගණිය පැවසුවාය.

    ‘ජනපතිතුමනි – ප්‍රින්ස් දෙස බලන්න…’ යනුවෙන් එය පළ කළෙමු. තවත් මාධ්‍යවලින් Face Book හා වෙබ් අඩවි තුළත් ප්‍රින්ස්ගේ රෝගී බව ගැන පළවීම නිසා ලොව පුරා රසික ජනතාවගෙන් පරිත්‍යාග ලැබුණේය. රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක වැනි ඇමතිවරු ද එම පිරිස අතර වූහ. කෙසේ හෝ අවශ්‍ය මුදල් සොයාගෙන අයියා බේරාගැනීමේ සිහිනය කරපින්නා ගත් ශිරෝනිගේ පැතුම් සුන්කරමින් ඉකුත් ජුනි 08 වෙනිදා එනම් 47 වෙනි උපන් දිනයට දින පහකට කලින් ආදරණීය ගායකයා සඳහටම නිසල විය. ඒ හරියටම පොසොන් පෝදාය.

    1970 ජුනි 13 වෙනිදා ගාල්ලේ ඇල්පිටියේ උපත ලබා ඇල්පිටිය ආනන්ද මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත පාසැල් අධ්‍යාපනයෙන් පසුව ගී ලොවට පිවිසියේ ජාතික තරුණ සේවා සභාව හරහාය.

    ‘වයලීන් වාදකයෙකු හැටියටයි ප්‍රින්ස් තරුණ සේවා සංගීත කණ්ඩායමට එකතු වුනේ. ඒ වගේම කීබෝඩ් වාදනයටත් ලොකු දක්ෂකමක් තිබුණා. ඒ අතර තමයි ගායනයට යොමු වුනේ. හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුනා‍. ප්‍රින්ස් අද නැතත් ඒ ගීත රසික පිරිස අතර පවතීයි…’ එසේ පවසන්නේ ප්‍රින්ස්ගේ සමකාලීනයෙකු වන ජනප්‍රිය ගායක චන්දන ලියනආරච්චිය.

    සුදු මල් පොකුරක්, වෙරළ කොනක හිඳ, කඳුලු ගංගා, සඳරේණු වෑහෙනා, මහද ප්‍රේමාදරේ, ඔබ පෑ පෙම් සිනා, නිල්වන් ගුවන් ගැබේ, මා එදා කියූ දේ, මා හඬවලා, ඔබ හා ගෙවූ අතීතේ, ඔබ හමුවූ දිනේ, සුදුමල් විසිරුණු, පෙම්වතුන් සිනාසේ, සඳ කුමාරියක්, සමුදෙන්න සමුගන්න නම්, සිතින් ඉවසන්න බෑ, විජිතය ආදරයේ, සුළඟේ සැලී, මා තනිවී හඬන පැයේ ආදී වශයෙන් ඔහු ගැයූ ගීතාවලිය ඔහුටම අනන්‍ය වූ සෝබර හඬින් ගැයුණු අතර චන්දන ලියනආරච්චි පවසන්නා සේම ඒවා අතිජනප්‍රිය විය.

    මල්වත්ත පාරේ කැසට් කඩවල උණු කැවුම් මෙන් ප්‍රින්ස්ගේ ගී ඇතුළත් කැසට්පට අලෙවි විය. ගායනයට අමතරව ගී පද රචනයට හා සංගීත නිර්මාණයට ද ප්‍රින්ස් දස්කම් දැක්වීය.

    ‘මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා‘ ප්‍රින්ස්ම ලියා සංගීත නිර්මාණය කර ගත් ගීත අතරින් එම ගීතය ඉතාමත් ජනප්‍රිය විය. එයද ඔහුගේ වේදනාත්මක අත්දැකීම් පාදක කරගෙන ලියා ඇති ගීතයකි.

    ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ගීත රාශිය අතරින් සියයට අනූනමයක්ම පාහේ ආදර ගීතයි. එයිනුත් වැඩි කොටස විරහ ගීතයි. එහෙත් තමා ගායකයෙකු වනු දකින්නට නොලැබුණු පියා ගැන ඔහු ගැයූ ගීයක් ද බෙහෙවින් ජනප්‍රිය විය. ‘සුදුමල් පොකුරක් අතින් දරා මා‘
    සුවහසක් රසික ජනතාව සිය ගීයෙන් පිනවන්නට සමත් වූවත් ප්‍රින්ස් දෛවයේ රුදුරු සරදමට ලක්වී, ගිලන් යහනට වැටී සිටියදී තමන් සතු දේ අහිමිව රසික ජනතාවගේ උදව් පැතූ ශිරෝනි නැගණිය කියා සිටියේ ‘මගේ අහිංසක අයියට දැන් මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ. එයා හිතාගෙන ඉන්නෙ එයාගෙ නංගි කොහොමහරි එයාව බේරගනී කියල විතරයි.’

    මරු ආ විට නැගණියට හෝ කිසිවෙකුට බේරාගත නොහැක. මරුවාගේ කැඳවීමට අනුව යා යුතුය. ප්‍රින්ස් උදය ප්‍රියන්ත නමැති අප ආදරණීය ගායකයාද එම කැඳවීමට අනුව යන්නට ගියේය.

    පූජනීය ලෙස සැලකූ ආදරය අහිමිවීමෙන්ද, පණ මෙන් බැඳී සිටි පෙම්බර මෑණියන් තමන් සමඟම එතෙර ගොස් වියෝවීමෙන්ද අනන්ත අප්‍රමාණ වේදනා දරන්නට සිදු වූ ඔහු එම සියලු වේදනාවන් සේම ඒ හා සමානවම ඇති වූ ශාරීරික වේදනාවන්ද විඳවා නිමකළා යයි කියන්නට මේ පොසොන් පෝදා සඳහටම දෙනෙත් පියා ගත්තේය.
     
    Last edited:
    • Like
    Reactions: rasaduna

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රින්ස් ගායකයෙක් උන එක හොදයි.ලංකාවේ මිනිස්සු හරි ඉන්නවා එහෙම කෙනෙක්ගේ ලක්ෂ ගානක හොස්පිටල් බිල ගෙවන්න.කොහොමහරි ප්‍රින්ස්ගේ නංගිනම් ගොඩ.ලගදීම ප්‍රින්ස්ගේ සින්දු ටිකත් එක එකාට විකුණයි.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    පොරගෙ සිංදුනම් මට දිරවන්න‍ෙ නෑ.
    රචනා වගේ හැබැයි ඉතින් මනුස්සය නම් පව් කියල හිතනෙව...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ප්‍රින්ස් ගායකයෙක් උන එක හොදයි.ලංකාවේ මිනිස්සු හරි ඉන්නවා එහෙම කෙනෙක්ගේ ලක්ෂ ගානක හොස්පිටල් බිල ගෙවන්න.කොහොමහරි ප්‍රින්ස්ගේ නංගිනම් ගොඩ.ලගදීම ප්‍රින්ස්ගේ සින්දු ටිකත් එක එකාට විකුණයි.

    True... Nangi nam goda yanawa aiyawa market karala
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    9VfSp31.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කොහොමහරි ප්‍රින්ස්ගේ නංගිනම් ගොඩ.ලගදීම ප්‍රින්ස්ගේ සින්දු ටිකත් එක එකාට විකුණයි.

    True... Nangi nam goda yanawa aiyawa market karala

    එහෙම කැපෙන කතා කියන්න එපා,අපේ මිනිස්සු සැලකුවත් බනිනවා සලකන්නෙ නැත්තන් එත් බනිනවා,ප්‍රින්ස් ගේ ජනප්‍රිය ගීත අයිති නිහාල් ගම්හේවා වගේ අයට,ප්‍රින්ස් ලියලා සංගීතවත් කරපු ගීත එච්චරම ප්‍රසිද්ධ නැ එවා වික්කා කියලා වැඩක් නැ,එක නිසා වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    True... Nangi nam goda yanawa aiyawa market karala

    ලංකාවේ හින්දම හොදයි ඉතින්.දුප්පත් මිනිස්සු කීය කීය හරි දෙනවා පින පින කියලා.නාමල් උඩුගමත් අක්මාව දියවෙනකන් බීලා බීලා අන්තිමට කෝටි දෙකක් ඉන්දියාවට දීලා අක්මාවක් බද්ධ කරගත්තේ ලංකාවේ මිනිස්සු නිසා.බලනකොට පින් කරලා තියෙන්නේ මිනිස්සු නෙමෙයි ගායකයෝ.තිත්ත ඇත්ත ඕක තමා.:rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම කැපෙන කතා කියන්න එපා,අපේ මිනිස්සු සැලකුවත් බනිනවා සලකන්නෙ නැත්තන් එත් බනිනවා,ප්‍රින්ස් ගේ ජනප්‍රිය ගීත අයිති නිහාල් ගම්හේවා වගේ අයට,ප්‍රින්ස් ලියලා සංගීතවත් කරපු ගීත එච්චරම ප්‍රසිද්ධ නැ එවා වික්කා කියලා වැඩක් නැ,එක නිසා වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්.

    උබලා වගේ මිනිස්සු නිසා තමා ලංකාව දියුණු වෙන්නේ නැත්තේ.කෝ දැන් මිනිස්සු කෝටි ගාණක් ආධාර දීලා ගත්ත පෙට් ස්කෑන් එක?
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙම කැපෙන කතා කියන්න එපා,අපේ මිනිස්සු සැලකුවත් බනිනවා සලකන්නෙ නැත්තන් එත් බනිනවා,ප්‍රින්ස් ගේ ජනප්‍රිය ගීත අයිති නිහාල් ගම්හේවා වගේ අයට,ප්‍රින්ස් ලියලා සංගීතවත් කරපු ගීත එච්චරම ප්‍රසිද්ධ නැ එවා වික්කා කියලා වැඩක් නැ,එක නිසා වචන පාවිච්චි කරනකොට පරිස්සමෙන්.

    මම ඔහොම කථා කරන්න හේතුව මුල්ම කාලේ ප්‍රින්ස් රෝගී උනාම නංගි කථා කරන වීඩියෝ එකක් දැක්කා.. මට නම් හොඳට තේරුම් ගියා එයාගේ කථාවේ අව්‍යාජ බව... අනික මට කීප දෙනෙකුත් කිව්වා ඔය කථාව.. ලංකාවේ නීතිය අනුව ගායක රචක සංගීත යන 3න් දෙනාටම අයිතිය තියෙනවා.. තනි කෙනෙක්ට නෑ.. එහෙම උනොත් නංගිට පුළුවන් ඕනේම වෙලාවක විකුනන්න... අනික ප්‍රින්ස් කොහොමත් සිංදු 3ක් විකුනලා තිබ්බේ එයාගේ ප්‍රතිකාර වලට.. .විජිතය ආදරයේ / සඳ රේණු කියන ගීත විකුණලා ඉවරයි...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මම ඔහොම කථා කරන්න හේතුව මුල්ම කාලේ ප්‍රින්ස් රෝගී උනාම නංගි කථා කරන වීඩියෝ එකක් දැක්කා.. මට නම් හොඳට තේරුම් ගියා එයාගේ කථාවේ අව්‍යාජ බව... අනික මට කීප දෙනෙකුත් කිව්වා ඔය කථාව.. ලංකාවේ නීතිය අනුව ගායක රචක සංගීත යන 3න් දෙනාටම අයිතිය තියෙනවා.. තනි කෙනෙක්ට නෑ.. එහෙම උනොත් නංගිට පුළුවන් ඕනේම වෙලාවක විකුනන්න... අනික ප්‍රින්ස් කොහොමත් සිංදු 3ක් විකුනලා තිබ්බේ එයාගේ ප්‍රතිකාර වලට.. .විජිතය ආදරයේ / සඳ රේණු කියන ගීත විකුණලා ඉවරයි...

    නැ නිතීය අනුව ගීතය අයිති පද ලියපු එක්කෙනාටයි,සංගීතවත් කරපු කෙනාටයි,performing rights විතරයි ගොඩක් වෙලාවට ගායකයට තියෙන්නෙ,නමුත් සමහර වෙලාවට ගායකයා ලිඛිතව ගීතයේ අයිතියේ ලබා ගන්නවා මුදලක් ගෙවලා අන්න එතකොට එ ගීතයේ සම්පුර්ණ අයිතිය එයාට යනවා,දැන් ඔය විජිතයේ ආදරයේ කියන ගීතය එහෙම රූකාන්ත ලියාලා රූකාන්ත සංගීතවත් කල එකක්,සමහර විට එයාම කියන්න ඇති ඔක විකුණගන බෙහෙත් කරන්න කියලා,නිහාල් ගම්හේවත් කියලා තිබ්බා එයට අයිති එවා උනත් වික්කාට කමක් නැ බෙහෙත් වලට කියලා මම කොහේ හරි.නංගීගේ වැ‍රැද්දක් නම් මට පෙන්නෙ නැ,එ මනුස්සය නොහිටින්න ප්‍රින්ස් ඔයිට කලින් නැති වෙලා.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP

    විජිතය ආදරයේ කාටද විකුණුවේ ? සඳ රේණු නම් ශිහාන්ට :confused:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    1991 ගහපු "සද කුමාරියක්" සිංදු සෙට් එකට වඩා ,2014 ගහපු
    ආදරෙයි කියා මගේ දෑසට කදුළු දුන්නට
    ආදරේ නිසා කවදාවත් තරහ නෑ මම
    කීව කතා නෑ අද ඔබ ගියත් දුරකට
    හැමදාමත් ආදරේ කරන්නේ ඔබට....

    සිංදුව හැම අතකින් ම වෙනස් කියල හිතෙන්නේ අන්තිම කාලෙත් තමන්ගේම හිතේ දුක පිට වුණ හැටි පෙන්වීමක් කියල :(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    නැ නිතීය අනුව ගීතය අයිති පද ලියපු එක්කෙනාටයි,සංගීතවත් කරපු කෙනාටයි,performing rights විතරයි ගොඩක් වෙලාවට ගායකයට තියෙන්නෙ,නමුත් සමහර වෙලාවට ගායකයා ලිඛිතව ගීතයේ අයිතියේ ලබා ගන්නවා මුදලක් ගෙවලා අන්න එතකොට එ ගීතයේ සම්පුර්ණ අයිතිය එයාට යනවා,දැන් ඔය විජිතයේ ආදරයේ කියන ගීතය එහෙම රූකාන්ත ලියාලා රූකාන්ත සංගීතවත් කල එකක්,සමහර විට එයාම කියන්න ඇති ඔක විකුණගන බෙහෙත් කරන්න කියලා,නිහාල් ගම්හේවත් කියලා තිබ්බා එයට අයිති එවා උනත් වික්කාට කමක් නැ බෙහෙත් වලට කියලා මම කොහේ හරි.නංගීගේ වැ‍රැද්දක් නම් මට පෙන්නෙ නැ,එ මනුස්සය නොහිටින්න ප්‍රින්ස් ඔයිට කලින් නැති වෙලා.
    :yes::yes::yes::yes:

    and one of my favorite singer