ප්‍රෙග්නන්ට් අක්කා
මේක උනේ උදේ වැඩට යන ගමන්. මං වැඩට යන්නේ මගේ අතිජාත ෆිට් එකක් එක්ක. උගේ නම ‘කෑරලා’. ඔය නම වැටුනෙත් කටේ තියෙන වාචාල කම නිසා. හිතලා කතා කරන පුරුද්දක් ඌට තිබ්බෙම නෑ. අඩුම ගානේ කතා කරලා හිතන පුරුද්දක්වත් මූට තිබ්බෙ නෑ. ඔය කට නිසා කාපු චාටර් අනන්තයි. මේකත් ඔය කට නිසා කාපු චාටර් එකක්.
ඔන්න මතුගම-කොළඹ බස් එකක අපි දැන් යනවා. මං වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තෙ. කෑරලා මං ළඟ. බස් එක ඔහොම යනකොට, දෙහිවලින් නැග්ගා අවුරුදු 30ක විතර ප්‍රෙග්නන්ට් කෙල්ලෙක්. බස් එකේ සීට් ඔක්කොම ෆුල්. අපි තමයි දොර ලඟම හිටියේ. ඒත් කෑරලාට සීට් එක දෙන්න තියා ගානක්වත් නෑ. ඌ උගේ පාඩුවේ ඔහේ ඉඳගෙන ඉන්නවා.
“ගල් ඉබ්බෝ… නැගිටලා සීට් එක දීපිය අර කෙල්ලට.”
කෙල්ල එතනමයි හිටගෙන හිටියේ. මූ මගෙන් අහපි,
“ඒකි ප්රෙග්නට්ද බං?”
“නෑ කළයක් ගිලලා…”
මූ සීට් එක දෙන පාටක් නැති නිසා, මං සීට් එක දෙන්න නැගිටින්න හැදුවා…
“අක්කා ප්‍රෙග්නන්ට් ද…?” මූ අර කෙල්ලගෙන් කෙලින්ම ඇහුවේ නැතෑ… මුගේ මදර් බෝඩ් එකේ වොලියුම් කන්ට්‍රෝලරයක් එහෙම නෑ… බස් එකෙන් බාගෙකට විතර ඕක ඇහෙන්න ඇති.
කෙල්ල හතර විලි ලැජ්ජාවෙන් බිම බලා ගත්තේ… “නෑ මල්ලි” කියාගෙන.
මළ කෙළියයි… මටයි එතකොට වැරදිලා තියෙන්නේ. දැන් ඉතින් මුගෙන් බයිට් කෝටියයි. එහෙම හිතලා මොහොතක් යන්න කලින් අරූ පටන් ගත්තා මාව බයිට් කරන්න. කින්ඩි හිනාවක් දාල මූ මට කියනවා…
“එහෙනම් කළයක් ගිලලා වෙන්න ඇති…” ඒක කිව්වෙත් උගේ සුපුරුදු සද්දෙන්.
බස් එකේ ජනේලෙන් එලියට පනින්න තරම් ඉඩක් තිබ්බ නැති නිසා මං ඔලුව විතරක් එලියට ඔබා ගත්තා. ඒ නිසා අර කෙල්ල බස් එකෙන් පැන්නේ දොරෙන්ද ජනේලෙන්ද කියලා මං දැක්කේ නෑ…