ප්‍රේතතටු පිදේනි වල ඇතිදෑ පරිභෝජනයේ විපාක

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    Copied from fb
    🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱
    ප්‍රේතතටු පිදේනි වල ඇතිදෑ පරිභෝජනයේ විපාක
    🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱

    65 වන ලිපිය

    ආයුබෝවන් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු දෙනාටම අදත් ඔබ වෙත වටිනා ලිපියක් පල කරන්න සිතුණා. ප්‍රේත තටු පිදේනි වල ඇති දෑ භාවිතා කරන එකේ විපාක ගැන මේක පල කරන්න හේතුව තමයි ඇතැම් අය විහිලුවක් ලෙසත් ඇතැම් අය විනෝදයක් ලෙසත් මෙවැනි මුග්ධ ක්‍රියා තරුණ පරපුර අතර පැවතීම සහ නිරාගමිකයන් විසින් අනුබල දීමත්‍ ය.

    ඇතැම් අය විසින් තමන්ගේ යූ ටියුබ් චැනල් හෝ මුහුණු පොතේ pages ජනප්‍රිය කර ගැනීමට සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වීම සදහා මෙවැනි විප්‍රකාර සිදු කරනු ලබයි.

    සමහර තරුණයන් පසුගිය කාලයේ මෙවැනි දේ කර මහා ලොකු වීරකමක් කරා යැයි සිතා ඒවා සමාජ මාධ්‍ය තුල පල කරනු ලැබීය

    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    ශාන්ති කර්ම අවසානයේ ප්‍රේත තටුවක් පිදේනියක් තුංමංසල හෝ සොහොන් භූමි වලට බැහැර කරන අතර එම පිදේනි වල බුලත් පඩුරු බත් මස් මාලු සුරුට්ටු අරක්කු පලතුරු කැවිලි තැඹිලි කුරුම්බා බිත්තර චීත්ත රෙදි පාට සරම් රෙදි හවරි කොණ්ඩ කටු පනා කොට්ට පැදුරු ආදී බොහෝ දෑ අඩංගු වේ.

    ඇතැම් අය මෙහි ඇති අහාර වර්ග අනුභව කරනු ලබයි බඩු භාණ්ඩ පාවිච්චි කරනු ලබයි .නමුත් අවාසනාවකට එහි ඇති අදුරු අහිතකර විපත්තිකාරක ස්වභාවය ගැන අවබෝධයක් නැත .

    මෙසේ කරන්න හේතු ලෙස සදහන් කරනුයේ

    අපරාදෙ කෑම බීම නාස්තියක් වෙනවනෙ

    අනික පෙරේතයොන්ට ඕව කන්න බොන්න ඕනිද

    අපි කාල පෙරේතයොන්ට පිං දෙමු

    මෙච්චර විද්‍යාව තාක්ෂණේ දියුනු කාලෙ මිනිස්සු බොරුවට වියදම් කරනව මිත්‍යා විස්වාස

    වැනි දෑ කියයි

    අවාසනාවකට කරුණ නම් එය නොවේ ගුප්ත ශාස්ත්‍රය කරන ශාස්ත්‍රීය අවබෝධයක් නිසි ගුරු ඇසුරක් නැති හිතලු මතවාද දේව වාක්‍ය සේ සිතා සමාජ ගත කරන ආධුනික වරම් දරුවන් පවා මෙවැනි දේ අනුමත කිරීමයි .

    එක්තරා කපුමහතෙකු කියාගන්නා අයෙකු පවසන්නේ ප්‍රේත තටුවට තැබූ මෙවැනි ආහාර පාන කොට්ට පැදුරු පසුව භාවිතය ගැටලුවක් නැති බවත් දුප්පත් කෙනෙක් ට දුන්නොත් පිං සිදුවන බවත් ය. එවැනි අයගෙන් ගුරුක්ම් කරගන්නා අයට නොමිලේ නැති වින ඇගට කවාගත හැකිය .

    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    නිවැරැදි ව මන්ත්‍ර වලින් දිෂ්ටි කර ප්‍රේතයන් යකුන්ට කැප කරන ලද තටු පිදේනි වලට සතෙකුවත් කපුටෙක් බල්ලෙක්වත් පහසුවෙන් කටක් නොහෙලන බව මා විසින් අද්දැකීමෙන් දැක ඇති අතර ප්‍රේත තටුව හෝ පිදේනිය එම අමුනුෂ්‍ය බලවේග වලට ආඝ්‍රාණය කර කැප ගැනීමට ( සේමන් ගැනීමට ) මිස ආතුරයාට කෑමට නොදේ.

    සමහර ශාස්ත්‍රීය අවබෝධයක් නැත්තවුන් ආතුරයාට ප්‍රේත තටුව පිදේනිය කෑමට දීම අවාසනාවකට කරුණකි. එයින් ආතුරයාට විනයක් මිස යහපතක් නොවෙ.

    ප්‍රෙතයන් යකුන්ට පුද කැප කිරීමද ගුරු ඇසුරින් ඉගෙන දැන කල යුතුය.

    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    විහිලුවකට හෝ විනෝදයක් ලබන්න ප්‍රේත තටු පිදේනි වල ඇති ආහාර කෑම නිසා භාණ්ඩ පරිභෝජනය භාවිතය නිසා විවිධාකාර ගැටලු විපත් විය හැකිය.

    අජීර්ණ අමියා වින ඈලියා

    ප්‍රේත යක්ෂ දෝෂ ආවේශ

    නින්ද යාමේ ගැටලු

    සුව නොවන රෝගාබාධ

    මානසික රෝග

    පවුල් අඩදබර

    සියදිවි නසා ගැනීමට යොමුවීම්

    වැනි බොහෝ දෑ විය හැකිය .

    මෙවැනි දෑ කරන්න ගොස් විනාස වූ අසනීප වූ විවිධ අකරතැබ්බ වලට ලක් වූ අය ඕනෑ තරම් සිටී

    🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

    මෙය දකින අයකු අපිනම් ඔනි තරම් ඕව තටි පිදේනි වල තියන ජාති කාල තියනවා මෙලෝ හෙණයක් නෑ කියා පණ්ඩිතකම් කියනු හැකිය මොකද ගුප්ත ශාස්ත්‍රය කරනවා කියා එහෙන් මෙහෙන් බලාගෙන තටු පිදේනි කැප කරන නිසා
    ඒවා නිවැරැදි ව කැප නොවේ ඒ නිසා ප්‍රශ්නයක් නොවිය හැක

    නමුත් නිවැරැදි ව දිෂ්ටි කර කැප කරන ලද තටු පිදේනියක් කා වැරදුණු දවසට වන දෝෂය එක තොවිලයක් නටා අවසන් නොවන බව පැවසීමට කැමැත්තෙමු.

    ඉදිරියේදී මේ සම්බන්ධ ලිපි කීපයක් ම පලකිරීමට බලාපොරොත්තු වෙමි.

    වරම් මුවාවෙන් ආරූඪ වන නීච ප්‍රේත බලවේග



    වරමින් නාඩගමක් වූ බිත්තර තොවිලය



    වරම් මාලා වලින් තටු ගොටු පිදීමේ ගැටලු



    සැමට යහපතක් ම වේවා

    ලිපි සැකසුම දේවගැති චරිත් අනුරාධ

    🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱🔱
     

    Sen-lu

    Well-known member
  • මොකද ගුප්ත ශාස්ත්‍රය කරනවා කියා එහෙන් මෙහෙන් බලාගෙන තටු පිදේනි කැප කරන නිසා
    ඒවා නිවැරැදි ව කැප නොවේ ඒ නිසා ප්‍රශ්නයක් නොවිය හැක
    ඕක තමා හෑල්ලෙ සාරාංශය අරූට කනාවට මොනාහරි උනොත් පෙරේත තට්ටුව කෑව හින්ද නැත්නම් වැඩේ හරියට කරල නෑ LOL
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • අපේ ගෙදර ඉන්න පූසො රයිස් කොත්තු කන්නෙම නෑනෙ

    බල්ලනං රයිස් එකක් කොත්තුවක් ගේට්ටුවෙන් ඇතුලට ගේනකොටම දගලන්න ගන්නව සුවදට. පට්ට ආසයි ඌ ඒව කන්න
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Dance Halloween GIF by jjjjjohn
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113

    ප්‍රේතතටු පිදේනි= indrajith ge kama pigana​

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,176
    198,748
    113
    Colombo, Sri Lanka
    @Solo Rider මාමේ පරිස්සමෙන්. ඔය බඩු වැඩි වෙලා රෑ ජාමේ හතර ගාතෙන් ගෙදර එද්දී තුන්මන් හන්දි වල තියන තටු වලට හොම්බ දානවා එහෙම නෙවෙයි මිට පස්සේ
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    Bump
    @Solo Rider මාමේ පරිස්සමෙන්. ඔය බඩු වැඩි වෙලා රෑ ජාමේ හතර ගාතෙන් ගෙදර එද්දී තුන්මන් හන්දි වල තියන තටු වලට හොම්බ දානවා එහෙම නෙවෙයි මිට පස්සේ
    අවුලක් නෑ කොහොමත් ඌට පිස්සුනෙ...😅
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    @Solo Rider මාමේ පරිස්සමෙන්. ඔය බඩු වැඩි වෙලා රෑ ජාමේ හතර ගාතෙන් ගෙදර එද්දී තුන්මන් හන්දි වල තියන තටු වලට හොම්බ දානවා එහෙම නෙවෙයි මිට පස්සේ

    Bump

    අවුලක් නෑ කොහොමත් ඌට පිස්සුනෙ...😅

    Matthew Broderick Rottweiler GIF