ප්‍රේමයක අවසාන ලියමන් ය...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    899
    93
    | ...අවසාන ලියමන ය... ඇගෙන් ලද ඔහු වෙතට... |

    ඇයි ඉතින් නැතිය දැන්
    කතා බහ මා එක්ක...
    මං හින්දා නම් නොවන්
    ඇද වැටෙන්නට ඔහොම...

    මට නොහැක ආල කෙරුමට
    මේ භවේ ඔබට...
    මං ඉතින් අසරණ ය
    මට සමා දෙනු මැනව...

    දෙමාපිය දෙපළට ම
    මම පොරොන්දුව සිටිමි...
    ඔවුන් ට ම අවැසි ලෙස
    අනාගතය ම ගෙවමි...

    ඔවුන්ගේ තලා සිත්
    බිඳ දමා දුවක ලෙස...
    මට නොහැක එක හිතින්
    නුඹේ සෙවනට එන්න...

    ඒ නිසා කරන් නොම
    මෙමා අසරණ තවත්...
    ජීවිතේ අපි පතන
    දේ ඉටු නොවේ සියල්...

    මා නිසා නොබිඳෙන්න
    කිසිදාක නොතැවෙන්න...
    මට වඩා හොඳ වේවි
    ඔබේ ඒ හිමිකාරි...

    2207031652
    2307231006 2307231028 2307260900
    #spn

    | ...ඇයගේ ඒ ලියමනට... ඔහු යැවූ පිළිතුර ය... |

    කතාබහ නොකරන්නෙ
    වෛරයක් නිසා නොව...
    හිත කඩා වැටුනාට
    අහිතවත් නැත කාට...

    මේ ලෙසින් මේ භවය
    ඔහේ ගත වුනාවේ...
    නුඹ අසරණ ය
    සමා අයදින්නෙ කිම ද මේ...

    දෙමාපිය දෙපළගෙ ම
    හිත තුටින් තබනු මැන...
    දිවි ගමනෙ දෙමාපිය
    සෙනෙහස ම මුල් තැන ය...

    අපි පතන සියල් දේ
    ඉටු නොවේ ජීවිතය...
    නමින් විත් ප්‍රේමයේ
    ඉගැන්විය ඒ අරුත...

    2307231021 2307260916
    #spn