ප්‍රෝග්‍රැමස්ල පොඩ්ඩක් වරෙන්🥳

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,352
    30,147
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
     
    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    1. Computers, Games, IT wada kali gana asawen hitapu nisa (2008 after AL)
    2. Poddak wath na (AL maths kale but results awul)
    3. 1 language (Java) - Specialized in one language (All OOP concepts are same and if you know one language, its easy to learn other OOP languages)
    4. Theory + Practical (1-2 years wage)
    5. Will be same
    6. Aniwa. 100%
    7. 3rd point and be practical. Poth padam karala theory goda dala exam pass kalata practical programmer kenek wenna ba.
    Programming witharak kalata madi. Degree ekak thiyenna ona overall IT, Software Engineering concepts cover wenna. Programming danagathata software hadanna puluwan unata career eken ihalata yaana degree ekak ona. (Experience in Sri Lanka, Malaysia and New Zealand)
     
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ක්එඔම් මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    ළමයා කැමති එකක් නැද්ද. උබට වැරදුනා කියලා ළමයාට වරදින්නේ නෑනේ.
    මාත් ඔය computer game ගහලා අනම් මනන් කරලා. 2003 දිත් ගියද කොහෙද computer class windows 98 තිබ්බේ ඒකාලේ. පස්සේ uni ගියාම 1st sem එකේ C++ උගන්නනවනේ. පිස්සුවෙන් වගේ කරා. පුදුම ආසාවක් තිබ්බේ it කරන්න. අන්තිමට ඉතිරි subject පහෙන් තුනක් විතර අවුල් මේක විතරක් කරලා හරියට. තාමත් ඒ ගැන කනගාටු වෙනවා.
    මන් මේ කියන්න හැදුවෙ ඒවගේ අකමැති දෙයක් සෙට් උනොත් ජීවිත කාලේ ම ඕක හිතේ තියනවා. ඒ අවුල හරියන්නේ ම නෑ.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.
    Coding recommend krnwa bn..kellek unta aulk ne.habai daruwa kamathi wenn ona
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.

    okkotama kalin duwage kamatta balanna ekata ida denna :)
    programing kamati nam eka karanna denna ayet deparak hithanna deyak naha
    habai kamattak tiyenna oni nattam epa wenawa, e wagema logical and analytical thinking tiyana tharamata hodai
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    Sinhalen type karanna wela yanawa. By the way I started life as a programmer in mid nineties.

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොම
    Was good with understanding how things work as a kid ( mechanical, electrical, electronics etc ), started playing on a friend's computer and did Basic programming, later fell in love with coding in Pascal and how HW/SW integrates and how you can control HW using assembly language etc

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    Good with AL Maths, loved concepts concepts like metrices, vectors, calculus etc

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?

    You can start with one or 2 with solid OOP backing (Java,C# etc), maybe another scripting/interpreted language. But after learning a couple of languages, you will see it doesn't take long to learn a new language. Understand the concepts and features of the language at first before coding so use use the capabilities of the language to the fullest and not reinvent wheels or use any anti patterns.

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    You need learn the discipline of using the right tool for the right job, programming languages can help you solve the same problem in different ways so as software engineer, your job is to pick the right solution for the right situation. This will take 3-4 years of working in a professional environment

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    Demand for languages will be there, however one should focus more on cloud platforms etc as they are bigger areas of interest when compared to programming languages

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    Yes, the structured and logical approach to problem solving and discipline to approach a problem holistically and segregate it to smaller problems and solve smaller problems as you converge on the bigger solution is a good philosophy for life

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    Design patterns, Algorithms, Data structures, Designing Software Architectures, how to differentiate between functional and non functional requirements and how they govern your solution.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    @motocar and @NecroMonger එක්ක එකඟයි...හැබැයි ඉතින් දුව කැමති පැත්තෙන් තමා යන්න දෙන්න ඕන.. ලක්ස ගණන් පඩි කියල degree කරන්න ඇවිත් හැලිලා ගිය උන් ඉන්නව ඕනෙ තරම්..
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.
    ක්ලබ් එකකට මොක තොරගත්තත් මොකද බන්.. දුවගේ කැමැත්තෙ හැටියට එකක් තෝරාගනී නෙ.. මං හිතුවෙ al කියල 🙂
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,717
    87,104
    113
    ආශ්චර්යමත් රටක
    lamayage kamaththa balanna okkotama kalin. nathnam magadi wade atharinawa.
    developersla pawa innawa nikanma asawata SE igengena degree aran job eka karagena yanakota epa wela track change karana. ewa pattama amaru risky wada. godak welawata back to zero thama enna wenne ethakota e aluth job eken.

    This is also true.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,589
    100,800
    113
    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?

    ජුරාසික උයන පොත කියවල ඒකෙ අර අන්තිමට තියෙන ප්‍රොග්‍රැම් වැඩ කෑල්ල නිසා. පොත කියවද්දි මම 5 වසරෙ වගේ. සහ මායා බන්ධන එකේ තිබ්බ දේවල් වලින් තමා මතකම විදියට ඕක ගැන උනන්දුව පටන්ගත්තෙ. ලොකුතාත්තලගෙ ගෙදර ගියාම AGE ගහනව බලන් ඉන්නව. ඊට පස්සෙ 11 වසර ඉවර වෙලා අම්මයි අප්පච්චියි කම්පියුටරයක් අරන් දෙනකන් කරේ හැම මාසෙම පරිගණක සගරාව එකතු කරා. ඒවගෙ තියෙන ඒව කියෙව්ව. ස්කෝලෙ ගිහින් කම්පියුටර් ගෙදර තියෙන අය එක්ක ඒව ගැන කතා කරා. එහෙම තමා කරේ.

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?

    එහෙම එකක් නන් විශේෂයෙන් මතක නෑ ඉතින්. චිත්‍ර අදින්න පුලුවන් ගොඩක් වෙලාවට සමස්ත ලන්කා තරග වල සහතික ගන්නව AL වෙනකන්. ඊට පස්සෙ AL වෙනකොට චිත්‍ර අදින්න තිබ්බ ආසාව ගියා ඊට පස්සෙ මැත්ස් තමා කරෙ.

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?

    අනේ මන්ද මම නන් මුලින් පටන් ගත්තෙ VB වලින්. මේලෝ රෙද්දක් තේරුන් නෑ. ඊට පස්සෙ තනියම වෙබ් එකක් කරල හොස්ට් කරා ඕලෙවල් ඉවර වෙච්ච ගමන් වගේ. ඒකට ඕනි දේවල් අහගත්තෙ ඒ දවස්වල ප්‍රසිද්ධ සයිට් එකක් කරපු අයිය කෙනෙක්ගෙන්. එයත් අහන දේවල් වලට ගුරුමුස්ටිය නොතිය කියල දුන්න. ඊට පස්සෙ එලෙවල් වලින් පස්සෙ JAVA තමා හරියටම ක්ලාස් එකකට ගිහින් ඉගෙන ගත්තෙ. ඒකෙන් ඔක්කොම වගේ බේසික් ටික සෙට් උනා. ඊට පස්සෙ අනික්ව නන් ආස හිතුනම හොයාගන්නව කරනව. එහෙම එහෙම ඉගෙන ගත්ත ගොඩක් ඊව (JS, Python, Golang, PHP, Rust, ...)

    හරියටම ලැන්වේජ් කියල එකක් දැනගත්තම ඇති මම හිතන්නෙ.

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?

    හැමදාම

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?

    වදවෙන්නෙ නන් නෑ. ඉල්ලුමක් නන් තියෙයි දැනට වඩා. ඒත් කරන්ට් ප්‍රශ්න වගේ රිසොසස් ලිමිටඩ් වෙන ග්ලෝබල් දේවල් ඇවිත් ඩිවලොපස්ල ඕවර්ලෝඩ් උනොත් හොදටම වැඩ කරන උන්ට විතරක් තැන එයි. සහ සොෆ්ට්වෙයා එකක් හදාගන්නව කියන එක සෑහෙන ලොකු මුදලක් වැය කරන්න වෙන දෙයක් වෙයි.

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?

    මම ප්‍රොග්‍රැම කෙනෙක් විදියටම වැඩ කරන්නෙ නෑ. එහෙම එක ෆීල්ඩ් එකකටම කොටු වෙලා ඉදල පුරුදු නෑ. සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ඇතුලෙ කරන්න තියෙන හැම වැඩක්ම වගේ කරන්න තමා ආස. (UI Design, Software Architecture , Project Management, R&D)

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?

    හැම වෙලේම ඒක වෙන්නෙ කොහොමද කියන එක ගැන හොයන්න. කන්සෙප්ට් එක ගැන ඉගෙන ගන්න එතකොට ඒව යූස් කරන්න ජාවද, පයිතන්ද කියන එක වැඩක් නෑ. තමන්ට කරන්න පුලුවන් ලේසිම විදියට කරන්න තියෙන්නෙ.

    කන්සෙප්ට් කියන්නෙ අපි එදිනෙදා යූස් කරන දෙයක්ම තමා අමුතු අලුත් දෙයක් නෑ ඔව්ව අස්සෙ
    උදාහරණයක් විදියට URL/Domain Resolution කියන සිස්ටම් එක කියන්නෙ අපේ තැපල් සේවයේ තියෙන කොම්පොන්ට්ස්ම තමා ඒ කන්සෙප්ට් ටිකම තමා මේ හදල තියෙන්නෙ වර්චුවලි

    ෆලෝ කරන්නම ඕනි රූල්ස් තමා

    1. සෑම ප්‍රශ්නෙකටම විසදුමක් හෝ කීපයක් තියෙනවා. ඒක හම්බ වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නෙ තමන්. මගදි අත ඇරියොත් තමන්ට සාපේක්ෂව ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෑ මිසක් ප්‍රශ්නෙට උත්තරයක් නෑ කියන එක නෙවෙයි ඒ කියන්නෙ.

    2. Simple is better than complex

    මේවට අමතරව පුලුවන් තරන් ඉගෙන ගන්න ඒව අනික් අයට කියල දෙන්න ඒක තමා ඕනිම විශයක් ඇගටම අල්ලගන්න තියෙන හොදම ක්‍රමේ. සල්ලි අරගන්න පුලුවන් කියල හිතෙන වෙලාවට අරගන්නත් මතක තියාගන්න සමහර අයට නිකන් කියල දුන්නම වැඩක් ගන්න තේරෙන්නෙ නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?

    1. කලින් ඉඳන් කම්පියටර් ඉලෙක්ටරොනික් වලට ආසාව තිබුනා. A/L වලින් ඒ පැත්තට යන්න පුලුවන් විදයට කැම්පස් පොත ෆිල් කරලා ඇප්ලයි කරේ
    2. Maths හොඳටම පුලුවන්.
    3. එකක් දැනගත්තත් ඇති. එක ලැන්ග්වේජ් එකක් දන්නවා කියන්නෙ තව එකක් ඉගෙන ගන්න එක සිම්පල් සමහර විට පැය ගානකින් හරි දවස් දෙක තුනකින් කරන්න පුලුවන් දෙයක්
    4. මම නං කැම්පස් ගියපු නිසා ටික කාලයක් ගියා ඒත් මුල ඉඳන්ම ලැන්ග්වේජ් එකත් එක්ක ප්‍රෝගැමින් ඉගෙනගන්නවා නං මාස 5-6ක් ඇති වෙයි
    5. ඩොලර් කේස් අනම් මනම් නිසා ජොබ් එකට කෙලවෙන්නෙ එහෙම නැහැ, දැන් තියන සිටුවේශන් එකත් එකක් බැලුවම ජොබ් එක ශුවර් කරන් ඉන්න පුලුවන් ෆීල්ඩ් එකක්. අලුත් සීන් එනවා ඒව නිසා සමහර පැති වලට ඉල්ලුම අඩු වෙයි ඒ උනත් ඉස්සරහ අවුරුදු 10 වගේ ඇතුලත මහා පරිමානෙන් එහෙම වෙන එකක් නැහැ
    6. ඔවු
    7. හොබි එකට කරනවා කියන්නෙ සහ ජොබ් එකට කරනවා කියන්නෙ දෙකක්. ජොබ් එකට කරනවා නං පට්ටම ස්ට්‍රෙස් ජොබ් එකක්. ගොඩක් වෙලාවට වැඩ කරන්න ගියාම කන්නෙ බොන්නෙ නැතිව වැඩ කරලා වැඩේ එක තැනකට ඉවර කරලා තමයි කන්නෙත්. මුල් කාලෙ ආතල් උනාට ටිකක් වයස යද්දි ඒ තරම්ම ආතල් එකක් නැහැ.

    එළ මචන්. ස්තූතියි අදහස්වලට😊

    මට තියෙන ප්‍රශ්ණේ කෙලින්ම අහන්නම්.
    දුවට ඉස්කෝලේ තියෙන කෝඩින්, ෆිසික්ස්, කෙමස්ට්‍රි, බයොලොජි, ලිට්‍රිච ක්ලබ්ස් අතරින් එකක් තෝරගන්න වෙලා තියෙනව.

    මම බයෝ කරල අව්රුදු දෙකක් කාලේ නාස්ති කරගත්තා. ඒ ඉගෙනගත් දෙයින් වැඩක් වුනේ නෑ. දුවව හරි තැනකින්ම පටන්ගන්න බැලුවේ.

    හොබි එකට නං ඔය ක්ලබ් එක තෝරගන්නෙ කෝඩින් අවුලක් නැහැ. අනික හොබි එකට වගේ නං pros-cons ටික කියලා කැමති දෙයක් තෝරගන්න කියන්නත් පුලුවන්
    හැබැයි මම පර්සනලි හිතන්නෙ පොඩි කාලෙ Maths/Physics වගේ පැත්තෙන් හිතන්න පුරුදු වෙන එක ජීවිත කාලෙටම පට්ටම වැදගත් කියලා. මොකද මම ප්‍රෝගැමින් ඉගෙනගත්තෙ වයස 20 ගනන් වලදි. හැබැයි පොඩි කාලෙ maths වලට තිබ්බ interest එක නිසා ප්‍රෝගැමින් කියන එක හරිම සරල දෙයක් උනා ඉගෙන ගනිද්දි
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?

    Podi kale idala paththara kali, poth kiyanwa..ape gedara issara wijaya pariganaka magazine eka genawa..eka black and white gahana kale..like year 2000 i guess. Eken mama computers gana kiywanna aragena asawak awith thamai podi podi code kali gagaha run kare pc eke :yes: awurudu 12,13 kale idan karanwa..

    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?

    Ehema lokuwata na...but studies hodata puluwan...maths ehema theory allagathata passe lesiyen goda damma..podi hakiyawak thiyenna athi :lol:

    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?

    Language 100k danahatthathwadak na bn...hariyata theory eka oluwata yanna one...logic ekai, problem ekak analyze karala ekata logical solution ekak hithannai puluwan wenna one...

    Ita passe one language ekakin eka liyana eka maha gemak nemei...godak ayata amaru logic eka hithaganna eka...language eka kiyanne nikan syntax ekak witharai...

    Habai language ekak master karama apita short and sweet more optimized code ekak liyanna puluwan..its a different story..

    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?

    Awuruddakuth athi..igena gena iwara karanna ba...patta lokui field eka..

    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?

    Enna enna wadi wenawa...adu wenne na..competitive wenawa...godak aya enna balan innawa...but hoda un adui...demand eka balala ena un wadi nisa hariyata wadee karana ekekta lesiyen gemak gahanna puluwan thama..

    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?

    Ow...eken thamai me crisis ekak welath deyyane kiyala shape eke jeewath wenne..

    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?

    Programmer kenek ma wenna one na..IT related jobs godak thiynawa .

    QA, BA, PM oya wage ..

    Anith eka lamayawa force karanna epa...but igena gena baluwata paduwak na..mokda mona job ekata giyath IT and coding puluwannam watinawa..mama danna accounts karana ekek innwa...uu excel wala macros, formulas ewa mewa uma hadagena mara wada karanne :D minihta programming gana podi ammak thiynawa...but he became an acountant..
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    එකෙක් කියනවා අපෙ අම්මල අතින් ,පුතාට it සයිඩ් එකෙන් යන්න දෙන්න එපා හැමෝම දැන් it කරන්නෙ කියලා:sorry:
     
    • Love
    Reactions: LINDA_ADERSON_22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    1. පොඩිකාලෙ electronics පිස්සුවක් තිබුනෙ. ඊටපස්සෙ සිප්නැන කියල සඟරාවක digital electronics ගැන article series එකක් ගියා. ඒකෙන් තමයි computer ගැන හරියට දැනගන්න ආසාවක් ආවෙ. ඊට පස්සෙ turbo pascal, dbase ඉගෙන ගන්න හම්බුනා. ආසාව වැඩිකමට foxpro, vb 5 වගේ ඒවා ඉගෙන ගත්තා. එක එක software හැදුවා. හදපු ඒවා විකුනන්න පුලුවන් උනා. අන්තිමට ඒක රස්සාවම උනා

    3. හරිනම් එක language එකක් හරි අන්තයටම දැනගෙන ඉන්න ඕනෙ. professional පොරක් වෙන්න නම් හැම language එකම ඉගෙනගන්න එක හොඳයි.

    4. මැරෙන තුරා

    5. පොදුවේ ගත්තම අනාගතේදී programming වලට ඉල්ලුම අඩුවෙන්න විදියක් නෑ. හැබැයි එක එක ක්ෂේත්‍ර ගොඩක් තියන හින්දා ඒ ක්ෂේත්‍ර වල ඉල්ලුම එක එක කාලෙට අනිත් ඒවාට සාපේක්ෂව අඩු වැඩි වෙන්න පුලුවන්. කොහොම උනත් ස්වාභාවික වරණය මේකටත් අදාලයි. තමන් කරන වැඩේ අති දක්ෂයෙක් වෙනවා නම් කිසි ප්‍රශ්ණයක් නෑ.

    6. පොඩිකාලෙ ලොකු සතුටක් තිබුනට දැන් එහෙම නෑ. කම්පියුටර් එකක් එක්ක අකමැති දේවල් කර කර දවසම හිරවෙලා ඉන්න එක සාපයක්.

    8. programming හරියට music වගේ. වැඩේ ඉක්මනට අහුවෙන අය ඉන්නවා අහුවෙන්නෙ නැති අය ඉන්නවා. අහුවෙන්නේ නැති අයට වෘත්තියක් විදියට මේක කරන්න අමාරුයි.
     
    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    මට උඹලගේ ප්‍රොෆෙශන් එක ගැන කොනක ඉඳල දැනගන්න ඕන.😊

    1උඹ ප්‍රෝග්‍රැම කෙනෙක් වීමට පෙළඹුනේ කොහොමද?
    2 ප්‍රෝග්‍රුම කෙනෙක් වීමට පෙර උඹලට තිබුනු චින්තන හැකියාවන් මොනවගේද?
    3 ප්‍රෝග්‍රැම කෙනෙක් වෙන්න කොපමන ලැංවේජ්ස් ප්‍රමාණයක් දැනගත යුතුද?
    4 කොපමන කාලයක් ඉගෙනගතයුතුද?
    5 ඉදිරියේ පවතින ඉල්ලුම කොහොමද?
    6 උඹල ප්‍රෝග්‍රැම කෙනෙක් වීමේ තීරණය ගැන සතුටුද?
    8 මීට අමතර දැනගතයුතු විශේෂ කරුණු සඳහන් කරන්න?
    1. Computers, Games
    2. Not bad, performed well in school & Uni
    3. 1 language (Java) - Specialized in one language (All the basics)
    4. Theory + Practical (Studied Computer Science in University Of Moratuwa)
    5. Will be same (probably more)
    6. 100%
    7. Use what you learnt and update yourself with technologies