පාට_පාට_බඩ_ඉරිඟු
(මේ පොටෝ ටික කලින් එළකිරියේ පලවී ඇත.මම දැක්කේ මේ නුල දැම්මාට පසුවය.
..http://www.elakiri.com/forum/showthread.php?t=1581373 )
බඩ ඉරිඟු, නිල්, දම්, කොළ, රතු, රෝස මේ ආදී නානා විධ වර්ණයන්ගෙන් පාට ගැන්වුණු දිළිසෙන පබළු ලෙස ඔබ දකින මේවා වීදුරුබෝල, නැතිනම් පාට පාටැති ටොෆී වර්ගයක් හෝ නොවේ යැයි පැවසුවහොත් පුදුම නොවන්න. මන්ද පුදුම විය යුතු හෙළිදරව් කිරීම ඉදිරිපත් කෙරෙන්නේ දැන් නිසාය.
සැබැවින්ම ඔබ මේ දකින්නේ ස්වදේශික ඇමෙරිකානු ගොවියෙකු විසින් විශේෂයෙන් වගා කරන ලද සුවිශේෂී බඩඉරිඟු ප්‍රභේදයකි. ඉඳහිට සිය බඩඉරිඟු යායේ හට ගන්නා අසාමාන්‍ය වර්ණයන්ගෙන් යුතු ඇට සහිත බඩඉරිඟු කරල් කලක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන්
පසුව පිළිසිඳ ගත් අදහසක් අනුව තමාගේම කියා වර්ණවත් බඩඉරිඟු විශේෂයක් බිහි කිරීමට පෙළඹුණු ඔක්ලහෝමා ප්‍රාන්තයේ චිරෝකී ඇමෙරිකානු ගොවියෙකු වන කාර්ල් බාන්ස්ගේ මෙම වර්ණවත් බඩඉරිඟු සඳහා ඇති දැවැන්ත ඉල්ලුම නිසාම එය අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමේ පහසුකමද සපයා තිබේ.
ග්ලාස් ජෙම්’ (වීදුරු මැණික්) ලෙස බාන්ස් විසින් හඳුන්වනු ලැබූ මෙම වර්ණවත් බඩඉරිඟු එකතුව හා එලෙස විවිධ වර්ණැති ඇට එකම කරලක හට ගැන්වීමේ රෝපණ ක්‍රමවේදය, සිය මරණයට ප්‍රථම තම මිතුරු ‘Greg Schoen’ හට ලබාදීමට බාන්ස් පියවර ගන්නා ලද්දේ ‘ග්ලාස් ජෙම්’ සම්ප්රදාය අනාගතය උදෙසා සුරැකීමේ අරමුණිනි.
සිය මිතුරාගෙන් ලද බඩඉරිඟු කරල් එකතුව 2010 වසරේදී ගේරග් විසින් ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටි කුඩා පරිමාණයේ ධාන්‍ය සමාගමක හිමිකරුවා වන මැක් ඩෝමන්ගේ භාරයට පත් කළ කල්හි ඔහු පුදුමයෙන් ඉපිල ගොස් ඇත්තේ මීට පෙර කිසිදිනක හෝ මෙබඳු අසාමාන්‍ය වර්ණ රටාවන්ගෙන් යුතු බඩඉරිඟු විශේෂයක් දැක නොතිබූ නිසාය. ස්වදේශික ඇමෙරිකානුවන්ගේ කෘෂිකාර්මික ප්රවේණි උරුමය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද ලාභ නොලබන සංවිධානයක් වන ස්වදේශීය ධාන්‍ය ගවේෂණ ආයතනයේ ප්‍රධානියා වන මැක් ඩෝමන් විසින් අන්තර්ජාලය ඔස්සේ මෙබඳු වර්ණවත් බඩඉරිඟු ඇට අඩංගු පැකැට්ටුවක් අලෙවි කරනුයේ ඇ. ඩොලර් 7.95ක් බැගින් වූ මිලකටය. මෙබඳු ධාන්‍ය එක එල්ලේම ආහාරයට ගැනීම අනුමත නොකෙරුනද පොරි ලෙස හෝ පිටි ලෙස සකස්කොට ආහාරයට ගැනීමට කිසිදු බාධාවක් නොමැත.
විස්තර ටික සමුදුරෙන්...
(මේ පොටෝ ටික කලින් එළකිරියේ පලවී ඇත.මම දැක්කේ මේ නුල දැම්මාට පසුවය.
..http://www.elakiri.com/forum/showthread.php?t=1581373 )බඩ ඉරිඟු, නිල්, දම්, කොළ, රතු, රෝස මේ ආදී නානා විධ වර්ණයන්ගෙන් පාට ගැන්වුණු දිළිසෙන පබළු ලෙස ඔබ දකින මේවා වීදුරුබෝල, නැතිනම් පාට පාටැති ටොෆී වර්ගයක් හෝ නොවේ යැයි පැවසුවහොත් පුදුම නොවන්න. මන්ද පුදුම විය යුතු හෙළිදරව් කිරීම ඉදිරිපත් කෙරෙන්නේ දැන් නිසාය.

Last edited: